නවීන රේඩාර් පද්ධතිය කොටි ඉලක්කයයි; කටුනායකින් ගිය ජෙට් යානා දෙකකින් ප‍්‍රහාර; කොටි 10ක් මරුට: හමුදාවේ මරණ 12යි - දිනමිණ- 208/09/10
කොටින්ගේ ගුවන් යානයක් හමුදා මිසයිල ප‍්‍රහාරයෙන් සුන් විජයානි එදිරිසිංහ චන්ද්‍රිකා පෙරේරා හා වවුනියාව උතුර සමූහ වවුනියාව ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි කොටි ත‍්‍රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන් යානයක් ගුවන් හමුදා මිසයිල ප‍්‍රහාරයෙන් ඊයේ (09) අලුයම විනාශයට පත් විය. කොටි යානය ගුවනින් ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණෙද්දී ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයට ඇතුළු වීමට උත්සාහ කළ තවත් සන්නද්ධ කොටි දස දෙනකු මැරුම් කා තිබේ. වවුනියාව ගුවන් හමුදා කඳවුරේ පිහිටි නවීන රේඩාර් පද්ධතිය විනාශ කිරීමේ ඉලක්කය ඇතිව සැලසුම් සහගතව කොටි ත‍්‍රස්තවාදීන් පැමිණ ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි. ප‍්‍රථමයෙන්ම ඊයේ අලුයම 2.50 ට පමණ කොටි ත‍්‍රස්තවාදීන් ඕමන්තේ උතුර, මුදා නොගත් ප‍්‍රදේශයේ සිට වවුනියාව ගුවන් යුද හමුදා සහ පොලිස් කඳවුරු පද්ධතියට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. අනතුරුව එම ප‍්‍රහාරය එල්ල වෙන අතර අලුයම 3.31 ට සහ 3.36 ට පමණ කොටින්ගේ යානා දෙකක් පැමිණෙන බවට රේඩාර් තිරයට හසුවී ඇත. කොටින්ගේ ආයුධ තොගයක් ඒ සමගම වවුනියාව ගුවන් හමුදා කඳවුරේ ගුවන්...