විජයානි එදිරිසිංහ ප‍්‍රභූවරයකු ඝාතනය කිරීමේ නියෝගය ලැබෙන තෙක් කොළඹ තාවකාලික නවාතැන්පළක (ලොජ්) ලැඟුම් ගෙන සිටි මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියකු පිටකොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ජී. මනෝහරන් (40) හෙවත් සුදර්ශන් නමැති මෙම ත‍්‍රස්තවාදියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුවේ ප‍්‍රධාන පෙළේ නවාතැන්පළක සිටිය දී ලැබුණ ඔත්තුවක් මත බව බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවසීය. සැකකරුගේ ගමන් මල්ලේ තිබී ග‍්‍රෑම් 300ක අධිබලැති සී – 4 පුපුරන ද්‍රව්‍ය දැමූ කාල බෝම්බයක් ද සොයාගෙන ඇත. ඩෙටනේටර් සහ සෙසු ආම්පන්න යොදා යම් තැනක තබා පුපුරුවා හැරීමට එම බෝම්බය සකස් කර තිබූ බව ද පොලීසිය කියයි. මීට සති කීපයකට පෙර පිටකොටුවේ ඇපල් තට්ටුවක් යට කුඩා කාල බෝම්බයක් තබා පුපුරුවා හැර ඇත්තේ ද සැකකරු බව හෙළි වී තිබේ. මොහුට කොළඹදී ජීවත් වීමට අවශ්‍ය මුදල් සහ ඔහු ගේ පවුලේ අයට වියදමට අවශ්‍ය මුදල් ප‍්‍රංශයේ සිටින කොටි හිතවාදියකු විසින් එවන බව ද ප‍්‍රකාශ කර ඇත. යාපනය විශ්වමඩු අලවෙඩ්ඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු මරාගෙන මැරෙන කල්ලියට බඳවාගෙන තිබෙන්නේ බලහත්කාරයෙන් බව ද තමාට පැවරුනු කාර්ය...
Collection of hottest news items from Daily and Sunday news papers of Sri Lanka