Skip to main content

Posts

Showing posts with the label Sinhala News

මම අට සැරයක් කොටි කඳවුරෙන් පැනලා ගියා: අහුවුණාම අමු තල් පිතිවලින් ගහලා හිරේ දැම්මා, හමුදා පුනරුත්ථාපනය ලබන කොටි තිලීපන්- දිනමිණ- 2008/09/09

උඩයාර්කට්ට ප‍්‍රදේශයේ තිබුණ කොටි කඳවුරකින් පැනලා මම ආවේ. සැතපුම් ගණනාවක් ගොඩ බිම කැළෑ ප‍්‍රදේශයෙන් ඇවිත් පුනගර්වලින් මුහුදට පැන්නා. ඊට පස්සෙ කිලෝමීටර් පහකටත් වැඩිය පීනලා ගුරුනගර්වලින් ගොඩට ආවා. ගොඩබිමට ඇවිත් ආමි එකට බාරවෙලා ඇත්ත කිව්වම ඒගොල්ලො මගෙ තෙත කිලිටි ඇඳුම් වෙනුවට හොඳ ඇඳුම් දීලා කන්න බොන්න දීල ආරක්ෂාව ලබා දුන්නා. පස්සෙ උසාවියට ඉදිරිපත් කරලා මගෙ කැමැත්ත ඇතිව මේ පුනරුත්ථාපන කඳවුරේ පුහුණුව සඳහා එක්ක ආවා යැ’යි අයිෂන් තිලීපන් (21) පැවැසීය. ඔහු යාපනය තිලිප්පලෙයි පුනරුත්ථාපන කඳවුරේ වෘත්තීය පුහුණුව ලබමින් සිටියදී පසුගියදා අපට හමුවිය. කොටි සංවිධානයෙන් පලාවිත් හමුදාවට සහ මානව හිමිකම් ආයතන වෙත බාරවූ 54 දෙනෙකු එහි පුනරුත්ථාපනය ලැබූහ. මෙම වසරේ මාර්තුවේ සිට බාරවූ මේ පිරිස පුනරුත්ථාපනය කැර වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා මෙම පුනරුත්ථාපන කඳවුර ස්ථාපිත කිරීමට කටයුතු කැර තිබේ. මෙම කඳවුර පිහිටි ස්ථානය ද 71 දී සන්නද්ධ ජ. වි. පෙ. කි‍්‍රයාකාරිකයින් පුනරුත්ථාපනය කිරීම සඳහා යොදාගෙන ඇත. හමුදාවට බාර වූ තිලීපන් ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් වල නියැළී සිට සංවි...

කිලිනොච්චියේ දරුණු ගැටුම්:- දිනමිණ- 2008/09/03

කොටි ත‍්‍රස්තවාදීහු 52ක් මරුට මහින්ද කුලතුංග සහ චන්ද්‍රිකා පෙරේරා කිලිනොච්චියේ නාව්විකුඩා සහ අක්කරායන්කුලම් ප‍්‍රදේශයේ දී පෙරේදා (02) ආරක්‍ෂක හමුදාවත් කොටි ත‍්‍රස්තවාදීනුත් අතර ඉතා දරුණු සටන් ඇවිලී ගිය අතර කිලිනොච්චිය ඇතුළුව වන්නියේ ගැටුම්වල දී කොටි ත‍්‍රස්තවාදීන් 52 ක් මියගොස් තවත් 65 ක් තුවාල ලැබූහ. නාච්චිකුඩා සහ අක්කරායන්කුලමේදී වූ ගැටුම්වලදී පමණක් ත‍්‍රස්තවාදීන් 27 ක් මරා දැමූූ හමුදාව තවත් 31 කට තුවාල සිදුකර තිබේ. මෙහිදී වූ ගැටුමෙන් යුද හමුදාවේ සෙබළු හත්දෙනකු මිය ගොස් තවත් 50 ක් තුවාල ලැබූ බවත් හමුදා සෙබළු හත්දෙනකු අතුරුදන් වූ බවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය. වවුනියාවේ නාවක්කුඩා සහ පාලමොඩෙයි ප‍්‍රදේශවලදී සිදු වූ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් 19 ක් මරා දැමූ හමුදාව විසින් තවත් 23 කට තුවාල සිදුකර තිබේ. එහිදී යුද හමුදාවේ සෙබළකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත. වැලිඔය ප‍්‍රදේශයේදී වූ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් හයදෙනකු මියගොස් තවත් 11 ක් තුවාල වූ බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය. යාපනය එලුත්තුකඩවායි ප‍්‍රදේශයේ දී කොටින්ගේ අත් බෝම්බ ප‍්‍රහාරයකින් හමුදාවේ සෙබළකු තු...