Skip to main content

මම අට සැරයක් කොටි කඳවුරෙන් පැනලා ගියා: අහුවුණාම අමු තල් පිතිවලින් ගහලා හිරේ දැම්මා, හමුදා පුනරුත්ථාපනය ලබන කොටි තිලීපන්- දිනමිණ- 2008/09/09


උඩයාර්කට්ට ප‍්‍රදේශයේ තිබුණ කොටි කඳවුරකින් පැනලා මම ආවේ. සැතපුම් ගණනාවක් ගොඩ බිම කැළෑ ප‍්‍රදේශයෙන් ඇවිත් පුනගර්වලින් මුහුදට පැන්නා. ඊට පස්සෙ කිලෝමීටර් පහකටත් වැඩිය පීනලා ගුරුනගර්වලින් ගොඩට ආවා.

ගොඩබිමට ඇවිත් ආමි එකට බාරවෙලා ඇත්ත කිව්වම ඒගොල්ලො මගෙ තෙත කිලිටි ඇඳුම් වෙනුවට හොඳ ඇඳුම් දීලා කන්න බොන්න දීල ආරක්ෂාව ලබා දුන්නා. පස්සෙ උසාවියට ඉදිරිපත් කරලා මගෙ කැමැත්ත ඇතිව මේ පුනරුත්ථාපන කඳවුරේ පුහුණුව සඳහා එක්ක ආවා යැ’යි අයිෂන් තිලීපන් (21) පැවැසීය.

ඔහු යාපනය තිලිප්පලෙයි පුනරුත්ථාපන කඳවුරේ වෘත්තීය පුහුණුව ලබමින් සිටියදී පසුගියදා අපට හමුවිය.

කොටි සංවිධානයෙන් පලාවිත් හමුදාවට සහ මානව හිමිකම් ආයතන වෙත බාරවූ 54 දෙනෙකු එහි පුනරුත්ථාපනය ලැබූහ. මෙම වසරේ මාර්තුවේ සිට බාරවූ මේ පිරිස පුනරුත්ථාපනය කැර වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා මෙම පුනරුත්ථාපන කඳවුර ස්ථාපිත කිරීමට කටයුතු කැර තිබේ. මෙම කඳවුර පිහිටි ස්ථානය ද 71 දී සන්නද්ධ ජ. වි. පෙ. කි‍්‍රයාකාරිකයින් පුනරුත්ථාපනය කිරීම සඳහා යොදාගෙන ඇත.

හමුදාවට බාර වූ තිලීපන්

ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් වල නියැළී සිට සංවිධානය එපාවීමෙන් පලා ආ පිරිස නැවත සමාජගත කිරීම සඳහාත් ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහාත් චන්ද්‍රසිරි මහතා රජයේ උපදෙස් මත මෙම කටයුත්ත කි‍්‍රයාවට නංවා තිබෙන අතර මේවන විට පුනරුත්ථාපනය වූ තරුණයන් සමහරක් පිටරටවල රැකියා සඳහා පිටව ගොස් ඇති බව එහි චාරිකාවක යෙදුණු මාධ්‍යවේදීන්ට දැනගැනීමට හැකිවිය. තවත් පුද්ගලයන් තිස්දෙනෙකු පමණ එහි පුනරුත්ථාපනය හා වෘත්තීය පුහුණුව ලබමින් සිටී.

මොවුන් සඳහා ජලනල හා ගෘහස්ථ විදුලි කාර්මික පාඨමාලා සහ මෝටර් රථ යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ පාඨමාල කාර්මික විද්‍යාලයේ උපදේශකවරු නව දෙනෙකු යටතේ ඉගැන්වේ.

ඊට අමතරව ඉංගී‍්‍රසි, සිංහල ඉගැන්වීම් උපදේශක වැඩසටහන් හා යෝගී ව්‍යායාම, භාවනා ආදිය පුරුදු පුහුණු වෙමින් පුනරුත්ථාපනය වන බව එම තරුණයන් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අප හා කථා බහේ යෙදුණු තිලීපන් මම පවුලෙ අය එක්ක 2006 අගෝස්තු මාසෙ දී මන්නාරම මඩු දේවස්ථානෙ වඳින්න ගියා. ඒ ගමනේදී අපි දින ගනනක් නාච්චිකුඩාවල ඥාති ගෙදරක නැවතිලා හිටියෙ. එහිදී එල්. ටී. ටී. ඊ. එකේ අය ඇවිත් වටලා සෝදිසි මෙහෙයුම් කළා. එතකොට මාවත් අල්ලගෙන ගියා. අම්මලා අඬලා කිව්වා අරගෙන යන්න එපා කියලා. ඒත් ඒ අය මාව බලෙන් අරංගියා.

අම්බගාමම් කියන කැළෑ ප‍්‍රදේශයේ තිබුණු කොටි පුහුණු කඳවුරකට මාව අරංගියේ. මට මතක හැටියට ඒ පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශය. එතැන මා වගේ තරුණයො 70 ක් විතර හිටියා. අපිට මාස දෙකක යුද පුහුණුව ලබා දුන්නා. මුලින් ඒ. කේ. 47, අවිය පසුව ටි. 56 අවිය, වෙඩි තියන්න ඒවා ගලවලා නැවත සවිකරන්න පුහුණු කළා.

වෘත්තිය පුහුණුව ලබන පුනරුත්ථාපනය වූ පිරිසගෙන් කීපදෙනෙක්

පුහුණුවෙන් පස්සෙ පුදුකුඩුඉරුප්පු මහා විද්‍යාලයේ විසිර යාමේ උළෙල තිබුණා. ඒකට දෙමව්පියන් ගෙන්වලා ඒ අය සමඟ කථා කරන්න ඉඩ දුන්නා. මා සමඟ සිටි හැමෝම වගේ අකමැත්තෙන් හිටියෙ. අපි බලාහිටියා පැනලා යන්න අවස්ථාවක් එනකම්. ඒ අතරේ මාසයක් විතර වැලිඔය ප‍්‍රදේශයේ එල්. ටී. ටී. ඊ. ලයින් එකේ පරීක්‍ෂාවට අපිව යෙදෙව්වා.

මම අට සැරයක් පැනලා යන විට අහුඋනා. ඊට පස්සෙ උං අල්ලගෙන ගිහින් අපිට අමු තල්පිතිවලින් හොඳටම ගහලා කන්න දෙන එක අඩු කරලා හිරේ දානව.

අන්තිමට මම කොහොම හරි තවත් කණ්ඩායමක් එක්ක පැනලා ආවා. ඒ අයට පීනන්න බැහැ කැළේ හැංගුණා මම මුහුදට පැන්නා.

කොටි එක්ක ඉඳලා ජීවිතේ එපා වෙලා තිබුණේ. හමුදාවට අහුවුනොත් බේරගනී කියලා මගෙ හිතේ් විශ්වාසයක් තිබුණා. ඒ නිසයි මම කොහොමහරි ඇවිත් ආමි එකට බාරවුනේ.

මගෙ ගම ගුරුනගර් සින්දූර්වල පවුලේ අම්මා තාත්තා එක්ක අපි හත්දෙනයි. මට අක්කයි අයියයි මල්ලිලා දෙන්නයි ඉන්නවා. ඒගොල්ලො දැන් අවතැන් වෙලා කියලා ආරංචියි. මන්නාරම පේසාලෙ පැත්ත කඳවුරක ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. මට ආසයි ඒ අය ළඟට යන්න. ඒත් එල්. ටී. ටී. ඊ. එකෙන් කරදර වෙයි කියලා බයයි. මෙහෙනම් හමුදාවෙන් බලාගන්න නිසා බයක් නැහැ.

හිතට හරි සහනයක් දැනෙනවා. මම නිදහස් කියලා. ඒත් මේ නිදහස ලබාගන්න මා සමඟ පැනලා ආව අයට මොනවා උනාද කියලා හිතෙනකොට දුක හිතෙනවා. යැයි ඔහු සඳහන් කළේය.

වයස අවුරුදු 12 - 14 වයසේදී එල්. ටි. ටී. ඊ. සංවිධානය මගින් පැහැරගෙන ගොස් බඳවා ගනු ලැබූ අය ද මෙම කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටියහ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම සංවිධානයේ රියැදුරකු ලෙස සේවය කළ අයෙකු ද මේ අතර විය. ඔහු තුවාල ලැබීමෙන් පසු කිසිවක් ලබා නොදී සංවිධානයෙන් පිටකිරීමට උත්සාහ කළ බවත් මියගිය අයගේ ඥාතීන් වෙත හෝ ආබාධිතයින් වෙත කොටි සංවිධානයෙන් කිසිවක් නොලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

මෙම පාඨමාලා අවසන් කෙරෙන අය සඳහා රැකියා ලබාදීමට යුද හමුදාව පුනරත්ථාපන කොමසාරිස් ජෙනරාල් හරහා කටයුතු කරමින් සිටියි. මේ අනුව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභ සාධන ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මගින් මෙම පිරිසට විදේශ රැකියා ලබාදීමට සාකච්ඡා කරමින් තිබෙන බව පුනරුත්ථාපන මධ්‍යස්ථානය බාර අණ දෙන නිලධාරී මේජර් එන්. සී. ආර්. ද සිල්වා පැවැසීය. පුනරුත්ථාපනය වන කණ්ඩායම සඳහා විදේශගමන් බලපත‍්‍ර සකසාදීමට ද පියවර ගෙන තිබේ.

මේ පිරිස පුනරුත්ථාපනය කැර සමාජගත කිරීමේ කාර්යද අවසන් වී මෙන් පසු දැනට බාරවී ඇති පවුල් දහයක් පුනරුත්ථාපනය කිරීමට පියවර ගන්නා බව යාපනය ආඥාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කෙළේය.

විවිධ හේතු මත ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා ආධාර උපකාර කළ අය හා මක්කල් පඩෙයි උත්සව පැවැත්වීම සඳහා කටයුතු කළ පවුල් මේ අතර වන බවත් ඔවුන් එල්. ටී. ටී. ඊ. යේ විවිධ බලපෑම්වලට බියෙන් මෙසේ මානව හිමිකම් ආයතන හරහා බාරවී පුනරුත්ථාපනය වීමට ‘කැමැත්ත පළ කැර තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

යාපනය තිලිප්පලෙයි ප‍්‍රදේශයේ සංචාරයකින් පසු
සටහන-චන්ද්‍රිකා පෙරේරා
ඡායාරූප-ප‍්‍රබෝධි ලංකා

Source

Comments

Popular posts from this blog

鄭子璉 | 個人隨寫

https://tlcheng.wordpress.com/%e9%97%9c%e6%96%bc/ https://tlcheng.wordpress.com/%e8%87%aa%e7%94%b1%e7%95%99%e8%a8%80/ https://tlcheng.wordpress.com/ https://tlcheng.wordpress.com/page/2/ https://tlcheng.wordpress.com/2019/08/21/sql-server-%e8%b3%87%e6%96%99%e5%ba%ab%e6%90%8d%e6%af%80%e8%88%87%e4%bf%ae%e5%be%a9/ https://tlcheng.wordpress.com/author/tlcheng/ https://tlcheng.files.wordpress.com/2019/08/19133007_info_dbcc_825_01.png https://tlcheng.files.wordpress.com/2019/08/19134221_fail_dbcc_8646.png https://tlcheng.files.wordpress.com/2019/08/19140935_fail_dbcc_824.png https://tlcheng.files.wordpress.com/2019/08/19153642_info_dbcc_8957_01.png https://tlcheng.files.wordpress.com/2019/08/19160231_fail_lock_1204.png https://tlcheng.files.wordpress.com/2019/08/19160326_info_dbcc_825_02.png https://tlcheng.files.wordpress.com/2019/08/20232545_info_dbcc_8957_02.png https://tlcheng.files.wordpress.com/2019/08/20234545_info_dbcc_8957_03.png https://tlcheng.files.wordpress.com/2019/08/20235716_...

ත්රස්තවාදීන්ගේ අවසානය-දිවයින- 2008/10/03

kQlQ@n`c|cQy ngryt a`sn~n vW sQtQn yRq hmRq` @s~n`Ak It q#v#n~w pYh`r el~l krmQn~ ngry a`kYmNy kQrWmt sRq`nmQn~ sQtQwQ. kQlQ@n`c|cQy ngryt k`lwOvk~kO pYh`r el~l kQrWm a`rm|x krn qQny a$wk @n`vn bv yRq hmRq`pwQ lEwQnn~ @jnr`l~ srw~ @f`n~@s~k` psRgQyq` pYk`X k@L~y. e~ anRv kQlQ@n`c|cQy ngry aw~pw~kr g#nW@m| wWrN`w~mk avsn~ stn kQnm| @m`@h`wk @h`~ a#r@BnR a#w. yRq hmRq` @s~n`Ak @g`dbQmQn~ pYh`r el~l krmQn~ kQlQ@n`c|cQy @k`tQ bl@k`tRv a`kYmNy kQrWmt @n`nvwQn q#v#n~w @g`dbQm| pYh`r m`l`v a`rm|x kQrWmt sRq`nmQn~ sQtQyqW kQlQ@n`c|cQy pY@q~X@y~ @k`tQ k[vRr# @vw gOvn~ pYh`r @v|gvw~ kQrWmt gOvn~ hmRq`v pQyvr @gn a#w. psRgQy qQn kWpy wQs~@s~ gOvn~ hmRq` pYh`rk @jtQy`n` sh em|. ayQ. 24 pYh`rk @hlQ@k`p~tr\ y`n` mgQn~ gOvn~ pYh`r rFsk~ el~l krn lqW. pYx`krn...

5504 Interesting News

Imran Khan is convicted. Pakistan's generals are content Economic data, commodities and markets Xi Jinping is obsessed with political loyalty in the PLA Momentum against Joe Biden is mounting again Even China's own state media sometimes resent state control Southern Italy needs private enterprise and infrastructure Oil bosses have big hopes for the AI boom Nvidia Probed in China Over Possible Antimonopoly Violations A trove of photographs casts light on Bangladesh's liberation war Business Some Australians are increasingly sceptical of AUKUS KAL's cartoon Business Andrés Manuel López Obrador puts his stamp on Mexico's schools Beyond France, the European elections will deliver more of the same Why New York scrapped congestion charging What Israel's killing of aid workers means for Gaza How to pay for the poor world to go green China will become less populous, more productive—and more pricey Economic data, commodities and markets Japan lands on the Moon England...