
මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා
කිලිනොච්චියේ වන්නාරිකුලම්හි පිහිටි කොටි මෝටාර් මධ්‍යස්ථානයකට සහ අක්කරායන්කුලම්හි කොටින්ගේ කාලතුවක්කු මධ්‍යස්ථානයකට ඊයේ (17) සවස ගුවන් හමුදාව ප‍්‍රබල ගුවන් ප‍්‍රහාර එල්ලකර එම ස්ථාන වනසා දමා තිබේ.
පස්වරු 1.20 ට පමණ වන්නාරිකුලම් සිට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි මෝටාර් මධ්‍යස්ථානයට ප‍්‍රථම ප‍්‍රහාරය එල්ලකර තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
දෙවැනි ප‍්‍රහාරය සවස 3.40 ට පමණ අක්කරායන්කුලම් සිට කිලෝමීටර් 9 ක් වයඹින් පිහිටි කාලතුවක්කු මධ්‍යස්ථානයට එල්ලකර තිබේ.
ගොඩබිම සිටින යුද හමුදාවේ 57 වැනි සේනාංකයට සහාය සඳහා මෙම ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබේ.
මෙම ගුවන් ප‍්‍රහාර දෙක ඉතාම සාර්ථකව සිදු කළ බවට ගුවන් නියමුවන් විසින් සනාථ කර තිබේ.
ඇමැති ඩග්ලස් ඝාතනයට සැලසුම් කළ
මරාගෙන මැරෙන කොටියෙක් දැලේ
ඉන්දික පොල්කොටුව
ඊ. පී. ඩී. පී. නායක ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනයට සැළසුම් කිරීම ඇතුළු කදුකරයේ ත‍්‍රස්ත කි‍්‍රයා රැසක් උතුරෙහි සිට සැලසුම් කළ බව කියන මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියකු ඇතුළු කොටි සැකකරුවන් දෙදෙනකු මහනුවර ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් පෙරේදා (16) මන්නාරමේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ඝාතන සැලසුමේ ප‍්‍රධාන සැකකරු වන කොත්මලේ ප‍්‍රදේශයේ දී මීට පෙර අත්අඩංගුවට ගැනුනු දයාලන් නැමති මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියා ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලින් ලද තොරතුරු මත මෙම කොටි සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
විසි එක් හැවිරිදි හා තිස්තුන් හැවිරිදි අදාළ කොටි සාමාජිකයන් දෙදෙනා දයාලන් හට සහය ලබා දී ඇති අතර තවත් ත‍්‍රස්ත කි‍්‍රයා රැසක් මොවුන් සැළසුම් කැර ඇතැයි අනාවරණය වේ.
ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමෙන් අනතුරුව තවත් ප‍්‍රභූන් කිහිපදෙනකු ඝාතනයට මොවුන් සැලසුම් සකස් කැර තිබූ බවට පොලිස් බුද්ධි අංශ අනාවරණය කැර ගෙන ඇත.
කොත්මලේ ප‍්‍රදේශයේ දී දයාලන් නැමති සැකකරු අත්අඩංගුවට ගන්නා විට තවත් කොටි සැකකරුවකු සයනයිඩ් කා මිය ගියේ ය.
Source
Comments