Skip to main content

වන්නේරිකුලම් බංකර් සුන්- දිනමිණ- 2008/10/22


චන්ද්‍රිකා පෙරේරා

කිලිනොච්චි වන්නේරිකුලම් හා ආන්දන්කුලම් ප‍්‍රදේශවල තිබූ ත‍්‍රස්තවාදීන්ගේ බංකර් දෙනක් යුද අගල් තුනක් හා මෝටාර් ස්ථානගත කළ ප‍්‍රදේශයක් යුද හමුදාව විසින් ඉකුත් 20 වැනිදා විනාශ කරන ලදී.

ඒ අනුව වන්නේරිකුලම් කිලෝමීටරයක භූමි ප‍්‍රදේශයක බලය තහවුරුකැර ගැනීමට 58 වැනි සේනාංකයේ භටපිරිස්වලට එදින හැකිවිය.

ආන්දන්කුලම් හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට පෙරේදා (20) පහරදීමට පැමිණි කොටි ත‍්‍රස්තවාදින්ට 59 වැනි සේනාංකයේ භට පිරිස් ප‍්‍රහාරවලින් එල්ල කර පලවා හැර ඇත.

එම භටපිරිස් විසින් ප‍්‍රදේශයේ කළ සෝදිසියේදී ත‍්‍රස්තවාදීන් ඇටවූ පුද්ගල නාශක බෝම්බ 310ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

කිලිනොච්චිය අක්කරායන්කුලම් ප‍්‍රදේශයේ 57 වැනි සේනාංක භටපිරිස් මගින් කළ සෝදිසියේ දී කොටි මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

Source

Comments