
යූ. එම්. රුවන් – දික්වැල්ල සමූහ
දික්වැල්ල වලස්ගලට ඉහළ අහසේ පෙරේදා (28) රාත‍්‍රි 7.00 ත් 7.30 ත් අතර කාලයේ සැහැල්ලු ගුවන් යානයක් ඉතා පහළින් පියාසර කරන අයුරු ප‍්‍රදේශවාසීන් දැක තිබේ.
අඩි 100 ක් 125 ක් අතර උසකින් විදුලි බුබුළු දල්වා ගත් අඩි 04 ක් පමණ දිගින් යුත් යානයක් පියාසර කර තිබෙන බව ප‍්‍රදේශවාසීහු කියති.
ප‍්‍රදේශවාසී ඩේවිඩ් ඒකනායක මහතා පැවසුවේ තී‍්‍රරෝද රථයකින් කුලී ගමනක් ගොස් ආපසු එමින් සිටියදී පොල් ගසක් පමණ උසින් යුත් ඉහළ අහසේ විදුලි බුබුලු දල්වා ගත් යානයක් ගමන් ගත් බවයි.
එම යානය කඩා වැටෙනු ඇතැයි තමා සිතූ බව ද ඔහු කීය.
වෙළෙඳ ව්‍යාපාරිකයකු වන අනුර විජේසිංහ මහතා පැවසුවේ කිසිම ශබ්දයක් නොමැතිව දික්වැල්ල දිසාවේ සිට ඉතාමත් පහළින් විදුලි බුබුලු දල්වාගෙන කුඩා ගුවන් යානයක් බෙලිඅත්ත දිසාවට පියාසර කරමින් එක පාරටම හරවන අයුරු දුටු බවයි.
Source
Comments