Skip to main content

කිලිනොච්චි කොටි බුද්ධි මූලස්ථානය ගුවන් ප‍්‍රහාරවලින් විනාශයි, ඇතුලු තවත් ආරක්ෂක පුවත්-දිනමිණ- 2008/09/11


පොට්ටුඅම්මාන් නිතර පැමිණි තැනක් බවට තොරතුරු

කිලිනොච්චි ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ කොටි බුද්ධි අංශ මූලස්ථානය සහිත කඳවුරු පරිශ‍්‍රයට ඊයේ (10) උදෑසන ගුවන් හමුදාව විසින් පහරදී සම්පූර්ණයෙන් විනාශ කර තිබේ.

මෙම බුද්ධි අංශ මූලස්ථානය වෙත කොටි බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන් නිතර පැමිණෙ න බවට ආරක්‍ෂක බුද්ධි අංශවලින් හෙළිව තිබිණි.

දකුණේ මර්මස්ථාන, ප‍්‍රභූවරුන්, ති‍්‍රවිධ හමුදා කඳවුරු හා සිදුකරන මෙහෙයුම් ඇතුළු විවිධ තොරතුරු පිළිබඳ මෙම කොටි මූලස්ථානය මගින් දත්ත රැස්කරන බව අනාවරණය වී ඇත. මේ අනුව ඊයේ (10) උදෑසන 6.15 ට පමණ ප‍්‍රහාරක ජෙට් යානා උපයෝගී කරගනිමින් කිලිනොච්චි නගරයට කිලෝමීටර් එකක් පමණ බටහිරින් තිබූ මෙම බුද්ධි මධ්‍යස්ථානයට ප‍්‍රහාර එල්ලකළ බව ගුවන් හමුදාව පැවැසීය.

එම ප‍්‍රහාරවලින් කඳවුරු පරිශ‍්‍රයේ ගොඩනැගිලි විනාශ වී ගිය බවට තහවුරු වී තිබේ. ප‍්‍රහාරයෙන් ඔවුන්ට වූ හානිය කොතෙක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර සඳහන් කෙළේය.

මේ අතර මූලතිව්හි උඩයාර්කට්ටිකුලම් ප‍්‍රදේශයෙන් කිලෝමීටර් දෙකහමාරක් නුදුරින් පිහිටි කොටින්ගේ කාලතුවක්කු උණ්ඩ ගබඩා කර තිබූ ස්ථානයකට සහ ඒවා බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට ඊයේ උදේ 10.05ට පමණ ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට්යානා මගින් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉන් පසුව මුලතිව් අක්කරායන්කුලම් සිට කිලෝමීටරයක් නැඟෙනහිරින් ප‍්‍රදේශයේදී ඊයේ දහවල් බුල්ඩෝසර් උපයෝගීකරගෙන බංකර සහ යුද අගල් සකස්කරමින් සිටි කොටි ත‍්‍රස්තවාදීන් කණ්ඩායමකට හා එම බුල්ඩෝසරවලටද ප‍්‍රහාරක ජෙට්යානා මගින් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ලකර තිබේ.

එහිදී ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් මියගොස් ඇති බවත් විශ්වාස කරයි.


උතුරේ ගැටුම්වලින්

කොටි 19ක් මරුට

උතුරේ ප‍්‍රදේශ කිහිපයක ඉකුත් පැය විසිහතර තුළ කොටි ත‍්‍රස්තවාදීන් සහ යුද හමුදාව අතර ඇති වූ ගැටුම්වලින් කොටි ත‍්‍රස්තවාදීන් 19 දෙනෙකු මියගොස් 60 දෙනකු තුවාල ලබා තිබේ. වැලිඔය, වවුනියාව, මුලතිව් සහ කිලිනොච්චි ආශි‍්‍රත ප‍්‍රදේශවල මෙම ගැටුම් හටගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙම ප‍්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුම්වලදී හමුදාව විසින් කොටින්ගේ අවි ආයුධ රැසක් සොයා ගෙන ඇත. කොටින්ගේ ප‍්‍රහාර වලට ලක්වීමෙන් හමුදා සෙබළුන් දෙදෙනකු මියගොස් විසිනම දෙනකු තුවාල ලබා තිබේ.

ආගමික පුහුණු ආයතනයක් සහ

පූජකවරයෙක් ගැන බුද්ධි අංශ පරීක්ෂණ

කොටි ත‍්‍රස්තවාදීන් සඳහා ලබාදීමට වෝකි-ටෝකි හා ජී. පී. එස්. අධි තාක්ෂණ උපකරණ තොගයක් සිංගප්පුරුවේ සිට මෙරටට රැගෙන ආ බවට සැකපිට අත්අඩංගුවට ගැණුනු ආගමික සංවිධානයක දේවගැතිවරයා සමීප සබඳතා පැවැත්වූ බවට සැකරන මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේ ආගමික පූජකවරු පුහුණු කරන ආයතනයක් හා එහි පූජකවරයකු පිළිබඳව පොලිස් බුද්ධි අංශ පුළුල් පරීක්‍ෂණ ආරම්භ කැර ඇත. යුද මෙහෙයුම් වලදී තමන් සිටින ස්ථානය දැන ගැනීම ස¼ඳහා භාවිතා කරන අධිතාක්ෂණ උපකරණයක් වන ජී. පී. එස් යන්ත‍්‍ර 40ක් හා වෝකි ටෝකි උපකරණ 30ක් සමග අදාළ දේවගැතිවරයා ඉකුත් 05 දා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැණිනි.

මීගමුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පූජකවරු පුහුණු කිරීමේ ආගමික සංවිධාන ආයතනයක මෙම සැකකාර දේවගැතිවරයා නවාතැන් ගෙන ඇතැයි පවසන පොලිසිය ඔහු අම්පිටිය ප‍්‍රදේශයේද අදාළ පූජකවරු පුහුණු කිරීමේ ආගමික සංවිධාන ආයතනයේ හා එහි පූජකවරයකු සමගද සබඳතා පවත්වා ඇතැයි පවසයි. සැකකාර දේවගැතිවරයා අම්පිටිය ප‍්‍රදේශයේ අදාළ ස්ථානයේ නවාතැන් ගෙන ඇති බවට පොලිස් බුද්ධි අංශ සැකකරන අතර එහිදී ඔහු එහි අදාළ පූජකවරයා සමග විවිධ සබදතා පවත්වා ඇතැයි පැවැසේ.

වන්නි මූලස්ථාන ප‍්‍රහාරය

කළුකොටි 10ක් මිය ගිය බව

කොටි සංවිධානය පිළිගනී

වන්නි ආරක්ෂක මූලස්ථානයට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි ජ්‍යෙෂ්ඨ කලුකොටි නායකයෙකු, නායිකාවක ඇතුළු කලුකොටි සාමාජික සාමාජිකාවන් 10දෙනෙකු හමුදා ප‍්‍රහාරයෙන් මිය ගිය බව කොටි සංවිධානය ප‍්‍රකාශයට පත්කොට තිබේ.

පෙරේදා (09) අලුයම එල්ල කළ මෙම ප‍්‍රහාරය කොටි ගුවන් බළකාය, කිට්ටු කාලතුවක්කු බළකාය සහ කලුකොටි බළකාය ඒකාබද්ධව කි‍්‍රයාත්මක කළ බවද කොටි සංවිධානය සඳහන් කර තිබේ.

ආරක්ෂක හමුදා ප‍්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ නායිකාවක වන ‘මදිඅලසි’ සහ නායක ‘විනෝදන්’ මිය ගිය බව පවසන එල්.ටී.ටී.ඊ. සංවිධානය ඊට අමතරව දෙවන පෙළ නායක නායිකාවන් වන කලෙයිනන්දනී, ආනන්දනී, මුත්තුලක්ෂමී, අරවිනමිල, ඉල්ලකරන්, අකිලන්, ඉල්ලාලකන්, සහ නිමිලන් මරුමුවට පත්වූ බව එල්.ටී.ටී.ඊ.ය පිළිගෙන තිබේ. මිය ගිය කලුකොටි සාමාජික සාමාජිකාවන් 10 දෙනෙකුගේ මල සිරුර ඊයේ (10) වවුනියාව රෝහලේදී එල්.ටී.ටී.ඊ.යට බාර දීම සඳහා රතුකුරුස කමිටු නිලධාරීන් වෙත බාර දෙනු ලැබේ.




Source

Comments

Popular posts from this blog

鄭子璉 | 個人隨寫

https://tlcheng.wordpress.com/%e9%97%9c%e6%96%bc/ https://tlcheng.wordpress.com/%e8%87%aa%e7%94%b1%e7%95%99%e8%a8%80/ https://tlcheng.wordpress.com/ https://tlcheng.wordpress.com/page/2/ https://tlcheng.wordpress.com/2019/08/21/sql-server-%e8%b3%87%e6%96%99%e5%ba%ab%e6%90%8d%e6%af%80%e8%88%87%e4%bf%ae%e5%be%a9/ https://tlcheng.wordpress.com/author/tlcheng/ https://tlcheng.files.wordpress.com/2019/08/19133007_info_dbcc_825_01.png https://tlcheng.files.wordpress.com/2019/08/19134221_fail_dbcc_8646.png https://tlcheng.files.wordpress.com/2019/08/19140935_fail_dbcc_824.png https://tlcheng.files.wordpress.com/2019/08/19153642_info_dbcc_8957_01.png https://tlcheng.files.wordpress.com/2019/08/19160231_fail_lock_1204.png https://tlcheng.files.wordpress.com/2019/08/19160326_info_dbcc_825_02.png https://tlcheng.files.wordpress.com/2019/08/20232545_info_dbcc_8957_02.png https://tlcheng.files.wordpress.com/2019/08/20234545_info_dbcc_8957_03.png https://tlcheng.files.wordpress.com/2019/08/20235716_...

ත්රස්තවාදීන්ගේ අවසානය-දිවයින- 2008/10/03

kQlQ@n`c|cQy ngryt a`sn~n vW sQtQn yRq hmRq` @s~n`Ak It q#v#n~w pYh`r el~l krmQn~ ngry a`kYmNy kQrWmt sRq`nmQn~ sQtQwQ. kQlQ@n`c|cQy ngryt k`lwOvk~kO pYh`r el~l kQrWm a`rm|x krn qQny a$wk @n`vn bv yRq hmRq`pwQ lEwQnn~ @jnr`l~ srw~ @f`n~@s~k` psRgQyq` pYk`X k@L~y. e~ anRv kQlQ@n`c|cQy ngry aw~pw~kr g#nW@m| wWrN`w~mk avsn~ stn kQnm| @m`@h`wk @h`~ a#r@BnR a#w. yRq hmRq` @s~n`Ak @g`dbQmQn~ pYh`r el~l krmQn~ kQlQ@n`c|cQy @k`tQ bl@k`tRv a`kYmNy kQrWmt @n`nvwQn q#v#n~w @g`dbQm| pYh`r m`l`v a`rm|x kQrWmt sRq`nmQn~ sQtQyqW kQlQ@n`c|cQy pY@q~X@y~ @k`tQ k[vRr# @vw gOvn~ pYh`r @v|gvw~ kQrWmt gOvn~ hmRq`v pQyvr @gn a#w. psRgQy qQn kWpy wQs~@s~ gOvn~ hmRq` pYh`rk @jtQy`n` sh em|. ayQ. 24 pYh`rk @hlQ@k`p~tr\ y`n` mgQn~ gOvn~ pYh`r rFsk~ el~l krn lqW. pYx`krn...

5504 Interesting News

Imran Khan is convicted. Pakistan's generals are content Economic data, commodities and markets Xi Jinping is obsessed with political loyalty in the PLA Momentum against Joe Biden is mounting again Even China's own state media sometimes resent state control Southern Italy needs private enterprise and infrastructure Oil bosses have big hopes for the AI boom Nvidia Probed in China Over Possible Antimonopoly Violations A trove of photographs casts light on Bangladesh's liberation war Business Some Australians are increasingly sceptical of AUKUS KAL's cartoon Business Andrés Manuel López Obrador puts his stamp on Mexico's schools Beyond France, the European elections will deliver more of the same Why New York scrapped congestion charging What Israel's killing of aid workers means for Gaza How to pay for the poor world to go green China will become less populous, more productive—and more pricey Economic data, commodities and markets Japan lands on the Moon England...