Skip to main content

ප‍්‍රභාගේ පුතු චාල්ස් ඇන්තනී මෙහෙය වූ කොටි අධිතාක්ෂණ මධ්‍යස්ථානය ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් විනාශයි- දිනමිණ- 2008/09/17


විජයානි එදිරිසිංහ, චන්ද්‍රිකා පෙරේරා හා භක්ති මෙන්ඩිස්

කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ගේ පුත් චාල්ස් ඇන්තනී ගේ මෙහෙයවීමෙන් පවත්වාගෙන ගිය, මුලතිව් පිහිටි අධිතාක්ෂණික තොරතුරු මධ්‍යස්ථානය ඊයේ (16) උදෑසන ගුවන් ප‍්‍රහාරවලින් විනාශ කෙරිණි.

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ ඝන කැලෑවේ මෙම අධිතාක්ෂණික තොරතුරු මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත.

ප‍්‍රභාකරන් ගේ පුත් චාල්ස් ඇන්තනී ඉංජිනේරුවකු බව කියැවේ. මුලතිව් කිලිනොච්චි ප‍්‍රදේශවල පිහිටි කොටි තාක්‍ෂණික මධ්‍යස්ථාන මෙහෙයවනු ලබන්නේ ඔහු විසින් බව ආරක්‍ෂක බුද්ධි අංශවලට මීට පෙරද තොරතුරු අනාවරණය වී තිබිණි.

මෙම අධි තාක්‍ෂණික තොරතුරු මධ්‍යස්ථානය [HI-TECH IT FACILITY තුළ සිදුකෙරෙන සෑම දෙයක්ම චාල්ස් ඇන්තනිගේ උපදෙස් මත සැකසුණු ඒවා බව කියැවේ.

එහි කටයුතු සඳහා ඔහු විසින්ම පුහුණු කරවනු ලැබූ තරුණයන් කිහිප දෙනකු යොදවා සිටි බවද පැවසේ.

ගුවන් හමුදාවට මෙම මධ්‍යස්ථානය පිළිබඳ බුද්ධි තොරතුරුවලින් අනාවරණය වීමෙන් පසු ඊයේ පෙරවරුවේ ප‍්‍රහාරක ජෙට් යානා මගින් එම ප‍්‍රහාරය එල්ල විය. ප‍්‍රහාරයෙන් එම තොරතුරු මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් විනාශ වූ බව ගුවන් නියමුවෝ සනාථ කරති. එහෙත් චාල්ස් ඇන්තනී එම මධ්‍යස්ථානය තුළ ඒ අවස්ථාවේදී සිටියාද නැද්ද හෝ ඔහු අනතුරකට ලක්වූවාද යන්න දැනගැනීමට ලැබී නැත.

මේ අතර උඩයාර්කට්ටිකුලම් හි පිහිටුවා තිබූ කොටින්ගේ අවි ආයුධ රැස්කළ ගබඩා සහිත අතරමැදි කඳවුරු සංකීර්ණයකට ඊයේ (16) උදෑසන ගුවන් හමුදාව පහරදී විනාශ කැර තිබේ. උඩයාර්කට්ටිකුලම් ප‍්‍රදේශයට කිලෝමීටර් තුනක් පමණ ඊසාන දෙසින් මෙම කඳවුර පිහිටුවා තිබීය. උදේ 6.40 පමණ මෙම කඳවුරු සංකීර්ණයකට ජෙට් ප‍්‍රහාරක යානා මගින් පහරදී තිබේ. මෙම පරිශ‍්‍රය තුළ ත‍්‍රස්තවාදීන් අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය රැස්කැර තිබුණු ගබඩාවක් ද පිහිටුවා තිබූ බවට හෙළිව ඇත. එම ස්ථානයට පහරදීමෙන් පසු එහි පිහිටි ගොඩනැගිලි පිපිරීම් සහිතව ගිනිගත් බව ගුවන් නියමුවන් නිරීක්‍ෂණය කැර තිබේ.

විද්‍යුත් හා මිනිස් බුද්ධි තොරතුරු මත නිවැරදි ඉලක්ක වෙත මෙම ප‍්‍රහාරයන් එල්ලකර තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවැසීය. මෙම පහරදීම් හේතුවෙන් ත‍්‍රස්තවාදීන්ට බරපතළ හානි වූ බවට ඔවුන්ගේ පණිවිඩ හුවමාරු මගින් අනාවරණය වී තිබේ. මේ අනුව ඔවුන්ට වූ හානිය කොතෙක්ද යන්න හෙළිව නැතත් උඩයාර්කට්ටකුලම් හි පිහිටුවා තිබූ තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය විනාශ වී තිබෙන බවට මේ වන විට ආරක්‍ෂක අංශ මගින් තහවුරු කරගෙන තිබේ.

ඉරනමඩු වැවට කිලෝමීටර් තුනක් පමණ බටහිර ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් රැස්ව සිටි ස්ථාන දෙකකට ද ගුවන් හමුදාව ජෙට් යානා උපයෝගී කර ගනිමින් පහරදී තිබේ. ඊයේ (16) පෙරවරු 10.10ට පමණ මෙම පහරදීම කළ බව ගුවන් හමුදාව පැවසීය. ආරක්‍ෂක මෙහෙයුම්වල නිරතව සිටින 57 වැනි සේනාංකයේ භටපිරිස්වලට සහාය සඳහා මෙම පහරදීම් සිදුකර ඇත.

Source

Comments

Popular posts from this blog

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...

When Berachain Meets AI: 9 Projects Riding the Next Big Wave

Artificial Intelligence (AI) and blockchain are arguably two of the hottest narratives in tech today. With Berachain's mainnet launch just around the corner, combining AI with this innovative blockchain opens up exciting possibilities. In this article, we'll dive into nine AI-driven projects on Berachain, each offering unique use cases and solutions. Baosdotfun 1. Baosdotfun: The Launchpad for AI DAOs Baosdotfun acts as an incubator for AI-driven DAOs, focusing on areas like yield farming and trading strategies. Their "DAO seasons" introduce new AI agents every few months, providing fresh opportunities for users. Key features: Supports multiple AI agents. Focus on decentralized autonomous organizations (DAOs). Official Links: Baosdotfun Website Baosdotfun on Twitter Beradigm 2. Beradigm: Maximizing BGT Farming Beradigm specializes in yield farming to accumulate BGT, a governance token central to Berachain's ecosystem. Using AI, Beradigm optimizes farming strategie...

6 Airdrops You Probably Won — Check Now and Claim Your Rewards!

6 Airdrops You Probably Won — Check Now and Claim Your Rewards! The world of cryptocurrency is witnessing yet another resurgence of airdrops, with projects rushing to capitalize on the market's bullish momentum. These distributions present a golden opportunity for crypto enthusiasts to claim free tokens, often with significant market valuations. In this guide, we'll break down six exciting airdrops that are currently claimable and provide actionable steps to maximize your rewards. Why Cryptocurrency Airdrops Are a Big Deal Airdrops are not a new phenomenon in the crypto world, but their resurgence in 2024 has been remarkable. Two main factors contribute to their growing popularity: 1. High Market Valuations: Recent examples include: Hype by Hyper Liquid: Market cap peaked at $10 billion. Move by Movement: Touched $2.3 billion. Pengu by Pudgy Penguins: Reached $4.2 billion during its launch. 2. Frenzied Project Launches: Many projects are fast-tracking token releases to rid...