
කරුණා අම්මාන්
පී. කේ. බණ්ඩාර
මානුෂික ආධාර ලෙස ලබා දෙන මුදල් එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ආයුධ ලබා ගැනීමට යොදා ගත් බව එම සංවිධානයේ හිටපු සන්නද්ධ නායක කරුණා අම්මාන් ප‍්‍රකාශ කරයි.
කැනේඩියානු පුවත් පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් කරුණා අම්මාන් තවදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ කොටි පාලන ප‍්‍රදේශවල දුක්විඳින ජනතාවගේ ප‍්‍රයෝජනය සඳහා ලැබුණු විදෙස් ආධාර කොටි සංවිධානය විසින් මෙසේ ආයුධ මිලදී ගැනීමට භාවිත කළ බවයි.
කොටි සංවිධානයට ආධාර ලැබෙන ප‍්‍රධාන රාජ්‍ය කැනඩාව වන බව කරුණා පවසා තිබේ.
කොටි සංවිධානය කැනඩාවේ මුදල් එකතු කරන බවට එරට ආරක්ෂක අංශ පවසා සිටියද කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් ගේ ඉහත ප‍්‍රකාශයත් සමගින් කැනඩා ආරක්ෂක අංශ චෝදනාව ප‍්‍රථම වරට තහවුරු වූ බව විදෙස් පුවත් ප‍්‍රකාශ කරයි. කැනඩාවේ සිටින කොටි හිතවාදීන් ඩොලර් මිලියන 3 කට වඩා මුදලක් විවිධ මාර්ග ඔස්සේ කොටි සංවිධානයට ලබා දී ඇති බවට එරට ආරක්ෂක අංශ පවසයි.
කැනඩාවට පසුව කොටි සංවිධානයට වැඩියෙන් ආධාර ලැබෙනුයේ ස්විට්සර්ලන්තයෙන් බව කරුණා අම්මාන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ. එරටින් ලැබෙන ආධාර වලින් පැරණි රුසියානු සමූහාණ්ඩු රටවලින් කාලතුවක්කු උණ්ඩ හා වෙනත් ආයුධ මිලදී ගත් බව ඔහු වැඩිදුරටත් පවසයි.
Source
Comments