
මුලතිව්, අලම්පිල් මුහුදු තීරයේ තිබූ විශාල ප‍්‍රමාණයේ ප‍්‍රහාරක කොටි බෝට්ටු දෙකකට ඊයේ (03) පෙරවරුවේ ගුවන් හමුදාව මඟින් පහර දී විනාශ කැර තිබේ.
ආරක්‍ෂක අංශ වෙත ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම යාත‍්‍රා සූදානම් කැර තිබුණු බවට බුද්ධි අංශ මඟින් තොරතුරු හෙළිකර ගෙන තිබිණි. ගුවන් ප‍්‍රහාරයෙන් කොටි යාත‍්‍රාවක් සම්පූර්ණයෙන් ම විනාශ වී මුහුදු බත් වී තිබෙන අතර අනෙක් බෝට්ටුවට දැඩි හානි සිදු වී ඇති බවට අනාවරණය වී ඇතැ’යි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවැසීය. මෙම බෝට්ටු සමඟ එහි සිටි මුහුදු කොටින්ද මරුමුවට පත්වෙන්නට ඇතැයි ආරක්‍ෂක අංශ පවසයි.
Comments