Skip to main content

දිනමිණ ආරක්ෂක පුවත්- 2008/09/12


කිලාලි කොටි නායක ඇතුළු 4ක් නසිති

විජයානි එදිරිසිංහ

කොටි නායකයන් රහසිගතව රැස්වන කිලාලි ප‍්‍රදේශයේ ස්ථානයකට ආරක්ෂක හමුදා එල්ල කළ ප‍්‍රහාරයකින් කලී අර්දන් නැමැති කොටි නායකයා ඇතුළු සිවු දෙනකු මිය ගොස් තිබේ.

ප‍්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි. කලී අර්දන් කිලාලි ප‍්‍රදේශය බාර කොටි නායකයාය.




සේදවත්ත කළු පාලම අසල රේල් පාරේ බෝම්බයක් පුපුරා යයි

ජීවිත හානි කිසිවක් නෑ



මහින්ද කුලතුංග, වෙල්ලස්සේ බණ්ඩාර, භක්ති මෙන්ඩිස් සහ උපාලි කරුණාරත්න

ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ සේදවත්ත කළු පාලම ආසන්නයේ දී ඊයේ (11) රාතී‍්‍ර 7.15 ට පමණ සිදුවූ පිපිරීමකින් දුම්රිය මාර්ගයට අලාභහානි සිදුවී ඇත.

මෙය සුළු පිපිරුමක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවැසීය. එම පිපිරුමෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති බවත් පිපිරුම සිදුවූ අවස්ථාවේ දුම්රිය ධාවනය කිරීමක් සිදු නොවූ බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා සඳහන් කළේ ය.

පෙරේදා රාතී‍්‍ර ගල්කිස්ස දුම්රිය මාර්ගයේ සිදුවූ පිපිරුමට සමාන පිපිරුමක් ලෙස මෙම පිපිරුම යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකයා හැදින්වීය.

මෙම පිපිරුමෙන් රේල් පීල්ලකින් අඩියක පමණ කොටසක් කැඩී වෙන්වී තිබිණි. පිපිරුම විශාල ශබ්දයක් නගමින් සිදුවී ඇති බව එම ස්ථානය අවට පදිංචිකරුවන් පැවැසූ අතර, මෙම පිපිරුම යම්කිසි කඩාකප්පල් කාරී කි‍්‍රයාවක් විය හැකි බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි.



කොටි 14ක් මැරුම් කති

වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

වවුනියාව, යාපනය, කිලිනොච්චි සහ වැලිඔය ප‍්‍රදේශවල මෙහෙයුමේ නිරත ආරක්ෂක හමුදා පෙරේදා (10) එල්ල කළ ප‍්‍රහාර වලින් කොටි ත‍්‍රස්තවාදීන් 14 දෙනකු මිය ගොස් 13 දෙනෙක් තුවාල ලබා සිටිති.

වවුනියාව, පාලමොඩෙයි, පවචනකුලම් හිදී ත‍්‍රස්තවාදීන් 5 දෙනකු මිය ගොස් ඇති අතර කිලිනොච්චිය අක්කරායන්කුලම් ප‍්‍රදේශයේදී ත‍්‍රස්තවාදීන් තිදෙනකු මරා දැමූහ.

කිලිනොච්චිය මනියාර්කුලම් හා වැලිඔය ආන්දන්කුලම් ප‍්‍රදේශවලදී ත‍්‍රස්තවාදීන් 6 දෙනකු මියගොස් තවත් 14 දෙනකුට තුවාල සිදුව තිබේ.




ගල්කිස්ස බෝම්බ සිද්ධියට සැක 10ක් අත් අඩංගුවට


දෙහිවල ගල්කිස්ස සමූහ

ගල්කිස්ස දුම්රිය මාර්ගයේ පෙරේදා (10) රාති‍්‍රයේදී පුපුරාගිය බෝම්බ සිද්ධියට සම්බන්ධව සැක පිට පුද්ගලයන් දස දෙනෙකු ගල්කිස්ස කොට්ඨාශ විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් අය අතර සිංහල ජාතිකයෙක් මුස්ලිම් ජාතිකයෙක් හා ද්‍රවිඩ ජාතිකයින් අට දෙනෙකු වෙති.

සිද්ධියෙන් පසු ඊයේ අලුයම තෙක් කළ සෝදිසි මෙහෙයුම් වලදී මෙම පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව එම ඒකකයේ ස්ථානාධිපති ලලිත් අබේසේකර මහතා පැවැසීය.

උතුරු නැගෙනහිර සහ කඳුකර ප‍්‍රදේශ වල සිට මෙම ද්‍රවිඩ ජාතිකයින් අට දෙනා තාවකාලිකව ගල්කිස්ස අවට හෝටල් වල කිසිම හේතුවක් නොමැතිව නවාතැන් ගෙන සිටි අය බව එම මහතා පැවසීය.

මොවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන අතර ඔවුන්ගේ තොරතුරු කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට යවා ඇති බවද පැවැසීය.

Soure

Comments

Popular posts from this blog

דף הבית | הטכניון - מכון טכנולוגי לישראל

https://technion.ac.il http://library.technion.ac.il/he https://www.technion.ac.il/%D7%A8%D7%A9%D7%99%D7%9E%D7%AA-%D7%94%D7%A4%D7%A7%D7%95%D7%9C%D7%98%D7%95%D7%AA-2/ http://www.admin.technion.ac.il/dpcalendar/ https://www.technion.ac.il/%D7%94%D7%A0%D7%94%D7%9C%D7%94-%D7%91%D7%9B%D7%99%D7%A8%D7%94/ https://www.technion.ac.il/%D7%A1%D7%9E%D7%99%D7%A0%D7%A8%D7%99%D7%9D/ https://dean.web.technion.ac.il/%D7%A7%D7%9E%D7%A4%D7%95%D7%A1-%D7%AA%D7%95%D7%A1%D7%A1/ http://www.dmag.co.il/pub/technion/tmag.html http://moodle.technion.ac.il/ https://tender-logistics.web3.technion.ac.il http://cis.technion.ac.il/ http://video.technion.ac.il/ https://portal.technion.ac.il/irj/portal https://www.technion.ac.il/ https://www.technion.ac.il/en/home-2/ http://arabic.net.technion.ac.il https://www.technion.ac.il/%d7%97%d7%96%d7%95%d7%9f-%d7%94%d7%98%d7%9b%d7%a0%d7%99%d7%95%d7%9f/ https://www.technion.ac.il/%d7%94%d7%99%d7%a1%d7%98%d7%95%d7%a8%d7%99%d7%99%d7%aa-%d7%94%d7%98%d7%9b%d7%a0%d7%99%d7%95%d7%9f/ ht...

Gu Energy Gel for Sale

Get Gu Energy Gel Here - https://bit.ly/3f97Wvz _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

To Kilinochchi or Mankulam?- The Nation- 2008/09/07

This week saw one of the most ferocious battles since the security forces started their campaign to regain the Wanni around mid last year. The LTTE’s much anticipated counter strike was launched along their newly built trench line from the western coastal town Nachchikudah to the deep interior region Akkarayankulam, a fair distance of 18-20 km in length. This trench line, which is mainly an earth bund of around 7-15 feet at certain places, was built in recent times with heavy machinery cutting across shrub jungles. In a series of waves, the LTTE attacked personnel of the Army’s 58 and 57 Divisions last Wednesday in a battle that lasted 36 hours. The LTTE claimed to have killed up to 100 military personnel, while the military initially claimed that only nine soldiers were killed. However, with the LTTE claiming that they had recovered the bodies of 29 soldiers and posted pictures of the dead on pro-LTTE websites, the Army said that ...