විජයානි එදිරිසිංහ
කිලිනොච්චියේ අවසන් කොටි බළකොටු අල්ලා ගනිමින් ඉදිරියට ඇදෙන යුද හමුදා කණ්ඩායම් සමඟ අවසන් සටනට කොටි සංවිධානය විදේශ රටවල සිටින සියලුම කොටි සාමාජිකයන් උතුරට කැඳවා ඇත.
හමුදා ප්‍රහාරවලින් කොටි සාමාජිකයන් විශාල පිරිසක් මියයාම හා තුවාල ලැබීම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය උග්‍ර පිරිස් හිඟයකට මුහුණ පා සිටිති.
කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් විශාල පිරිසකට සතියක සටන් පුහුණුවක් ලබාදී මෙහෙයුම්වලට යවා ඇතත්, ඔවුන්ගෙන් විශාල පිරිසක් මියගොස් තිබේ.
මේ නිසා ඉදිරි සටන්වලට විදේශ රටවල සිටින කොටි සාමාජිකයන් කැඳවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි බුද්ධි අංශ පවසයි.
කිලිනොච්චි සහ මුලතිව් රෝහල්වල හා කුඩා රෝහල් රාශියක හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ කොට් සාමාජිකයන් විශාල පිරිසක් ප්‍රතිකාර ලබන බවට තොරතුරු ලැබී තිබේ.
කොටි නායක ‘මුත්තු’ මරුට
කොටි අවසන් බලකොටු අල්ලා ගනිමින් ඉදිරියට ගමන් කරන ආරක්ෂක හමුදා සහ කොටි ත්රස්තවාදීන් අතර කිලිනොච්චිය ප්‍රදේශයේදී ඊයේ (22) දරුණු ගැටුම් හටගත් බව යුද හමුදාව පවසයි.
වැලිඔය, ආන්දන්කුලම් හිදී ඇතිවූ ගැටුමකදී වවුනියා සටන් පෙරමුණේ සිටි කොටි නායක ‘මුත්තු’ ඇතුළු ත්රස්තවාදීන් 55 දෙනකු මරුමුවට පත්වී 31 දෙනකු තුවාල ලැබූ බව ආරක්ෂක අංශ කියයි.මෙම සටන් වලදී යුද හමුදා සෙබළු සිවු දෙනකු මිය ගොස් 21 ක් තුවාල ලැබූහ.
ඕමන්ත සිට කිලෝමීටර් හතක් පමණ වයඹ දෙසින් පිහිටි පාලමොඩෙයි ප්‍රදේශයේ හා කට්ටිකුලම් හිදීත් කිලිනොච්චි අක්කරායන්කුලම්, වන්නිවිලම්කුලම් හා කරම්බකුලම් ප්‍රදේශවලදී ගැටුම් පැවති බව ආරක්ෂක අංශ පවසයි. හමුදා ප්‍රහාර වලින් මිය ගිය කොටි හත් දෙනෙකුගේ සිරුරු අක්කරායන්කුලම් ප්‍රදේශයේදී හමුවී තිබේ.
ත්රස්තවාදීන් අතහැර දමා ගිය එම්. පී. එම්. ජී., ආර්. පී. ජී, හා එල්. එම්. ජී., වර්ගයේ අවි තුනක් ටී 56 ගිනි අවි පහක් පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් ඇතුළු යුද උපකරණ රැසක් අත් අඩංගුවට ගෙන ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.
චන්ද්‍රිකා පෙරේරා භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න
Source
Comments