කිලාලි කොටි නායක ඇතුළු 4ක් නසිති විජයානි එදිරිසිංහ කොටි නායකයන් රහසිගතව රැස්වන කිලාලි ප‍්‍රදේශයේ ස්ථානයකට ආරක්ෂක හමුදා එල්ල කළ ප‍්‍රහාරයකින් කලී අර්දන් නැමැති කොටි නායකයා ඇතුළු සිවු දෙනකු මිය ගොස් තිබේ. ප‍්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි. කලී අර්දන් කිලාලි ප‍්‍රදේශය බාර කොටි නායකයාය. සේදවත්ත කළු පාලම අසල රේල් පාරේ බෝම්බයක් පුපුරා යයි ජීවිත හානි කිසිවක් නෑ මහින්ද කුලතුංග, වෙල්ලස්සේ බණ්ඩාර, භක්ති මෙන්ඩිස් සහ උපාලි කරුණාරත්න ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ සේදවත්ත කළු පාලම ආසන්නයේ දී ඊයේ (11) රාතී‍්‍ර 7.15 ට පමණ සිදුවූ පිපිරීමකින් දුම්රිය මාර්ගයට අලාභහානි සිදුවී ඇත. මෙය සුළු පිපිරුමක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවැසීය. එම පිපිරුමෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති බවත් පිපිරුම සිදුවූ අවස්ථාවේ දුම්රිය ධාවනය කිරීමක් සිදු නොවූ බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා සඳහන් කළේ ය. පෙරේදා රාතී‍්‍ර ගල්කිස්ස දුම්රිය මාර්ගයේ සිදුවූ පිපිරුමට සමාන පිපිරුමක් ලෙස මෙම පිපිරු...
Collection of hottest news items from Daily and Sunday news papers of Sri Lanka