Skip to main content

Posts

Showing posts with the label සිංහල පුවත්

කිලිනොච්චි කොටි බුද්ධි මූලස්ථානය ගුවන් ප‍්‍රහාරවලින් විනාශයි, ඇතුලු තවත් ආරක්ෂක පුවත්-දිනමිණ- 2008/09/11

පොට්ටුඅම්මාන් නිතර පැමිණි තැනක් බවට තොරතුරු මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති මෙන්ඩිස් කිලිනොච්චි ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ කොටි බුද්ධි අංශ මූලස්ථානය සහිත කඳවුරු පරිශ‍්‍රයට ඊයේ (10) උදෑසන ගුවන් හමුදාව විසින් පහරදී සම්පූර්ණයෙන් විනාශ කර තිබේ. මෙම බුද්ධි අංශ මූලස්ථානය වෙත කොටි බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන් නිතර පැමිණෙ න බවට ආරක්‍ෂක බුද්ධි අංශවලින් හෙළිව තිබිණි. දකුණේ මර්මස්ථාන, ප‍්‍රභූවරුන්, ති‍්‍රවිධ හමුදා කඳවුරු හා සිදුකරන මෙහෙයුම් ඇතුළු විවිධ තොරතුරු පිළිබඳ මෙම කොටි මූලස්ථානය මගින් දත්ත රැස්කරන බව අනාවරණය වී ඇත. මේ අනුව ඊයේ (10) උදෑසන 6.15 ට පමණ ප‍්‍රහාරක ජෙට් යානා උපයෝගී කරගනිමින් කිලිනොච්චි නගරයට කිලෝමීටර් එකක් පමණ බටහිරින් තිබූ මෙම බුද්ධි මධ්‍යස්ථානයට ප‍්‍රහාර එල්ලකළ බව ගුවන් හමුදාව පැවැසීය. එම ප‍්‍රහාරවලින් කඳවුරු පරිශ‍්‍රයේ ගොඩනැගිලි විනාශ වී ගිය බවට තහවුරු වී තිබේ. ප‍්‍රහාරයෙන් ඔවුන්ට වූ හානිය කොතෙක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර සඳහන් කෙළේය. මේ අතර මූලතිව්හි උඩයාර්කට්ටිකුලම් ප‍්‍රදේශයෙන් ක...