Skip to main content

Posts

Showing posts with the label Neelavann

හමුදා ගමන වැළැක්වීමට කොටි වැලි බැමි බඳිති- දිනමිණ- 2008/09/05

විජයානි එදිරිසිංහ උතුරේ මානුෂීය මෙහෙයුමේ නිරත ආරක්‍ෂක භට පිරිස් කිලිනොච්චි මුලතිව් ප‍්‍රදේශවලට පැමිණීම වළක්වාලීමේ අරමුණින් කොටි ත‍්‍රස්තවාදීන් අති විශාල වැලි බැමි තනා අතැයි ආරක්ෂක අංශ පවසයි. නාච්චිකුඩා ප‍්‍රදේශයේ අඩි 8කටත් වඩා උස කිලෝමීටර් භාගයකටත් වඩා දිග වැලිකන්දක් ආරක්‍ෂක වළල්ලක් සේ යොදා ගෙන ඇත. තවත් එවැනිම ස්ථාන ගණනාවක වැලි බංකර් ඇතුළු බොහෝ බාධක යොදාගෙන ඇති බවත් ආරක්‍ෂක අංශ පවසයි. පෙරේදා වන්ගිරිකුලම් ප‍්‍රදේශයේ ඇති වූ ප‍්‍රහාරවලින් කොටි නායකයකු වූ නීලවන්නන් මියගොස් තිබේ. ඔහු මන්නාරම ප‍්‍රදේශයේ සිට පලාගිය කොටි නායකයෙකි. කොටි 28ක් මැරුම් කති චන්ද්‍රිකා පෙරේරා යාපනය, වවුනියාව, කිලිනොච්චිය හා වැලිඔය ප‍්‍රදේශවලදී කොටි ත‍්‍රස්තවාදීන් හා යුද හමුදාව අතර පෙරේදා (03) ඇතිවූ ගැටුම් හේතුවෙන් ත‍්‍රස්තවාදීහු 28 ක් මිය ගොස් 10 ක් තුවාල ලබා සිටිති. එහිදී සෙබළෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ. ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් තවත් සෙබළුන් අට දෙනකුට තුවාල සිදුව තිබෙන බවත් එක් අයකු අතුරුදන්ව ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය. වවුනියාව නාවක්කුලම්, පාලමොඩෙයි, පන්ඩිව...