මහින්ද කුලතුංග, චමීර ඇල්ලදෙනිය කිලිනොච්චි, වවුනියා දිස්ති‍්‍රක්කවලදී ආරක්ෂක හමුදාව හා ත‍්‍රස්තවාදීන් අතර පෙරේදා (22) දරුණු ගැටුම් හටගත් අතර වැලිඔය ප‍්‍රදේශයේ පැවති ගැටුම්වලින් ආන්දන්කුලම් හි “ටෙසරෙයි” කොටි කඳවුර අත්පත් කර ගැනීමට හමුදා සමත්විය. මෙම ගැටුම්වලින් කොටි ත‍්‍රස්තවාදීන් 25ක් මරාදමා තවත් 32 කට තුවාල සිදුකළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේ ය. හමුදාව අත්පත්කර ගත් ආන්දන්කුලම් හි පිහිටි “ටෙසරෙයි” කොටි කදවුර හමුදාවේ කාලතුවක්කු ප‍්‍රහාරවලට මුහුණදීමට හැකිවන ආකාරයෙන් තුන්හුලස් ආකාරයට තනා ඇති අතර එහි යුද අගල් ද තුන්හුලස් ආකාරයට තනා තිබී ඇති බවත් සඳහන් කළේ ය. මෙම කඳවුරේ ප‍්‍රාදේශීය කොටි නායකයන් රැදී සිට ඇතැයි ද හෙළිවි තිබේ. හමුදාව ඉතා පහසුවෙන් මෙම කඳවුර අත්පත් කරගෙන තිබෙන අතර මෙහිදී ත‍්‍රස්තවාදීන් සෑහෙන පිරිසක් මියයන්නට ඇති බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය. වවුනියාව නාවක්කුලම්, පාලමොඩයි හා කිලිනොච්චියේ අක්කරායකුලම්, පන්නෙහිකන්දමඩු, වෙනරිකුලම් ප‍්‍රදේශවලදි ගැටුම් පැවති අතර එහිදී හමුදාවේ තිදෙනෙක් තුවාල ලැබූහ. මන්නාරම් දිස්ති‍්‍රක්කයේ පරප්පකන්ඩ්ඩාල් ප‍්‍රදේශයේ දී පුද්ග...
Collection of hottest news items from Daily and Sunday news papers of Sri Lanka