Skip to main content

Posts

Showing posts with the label Omanthai

ඕමන්ත වයඹ පෙදෙසේ ත‍්‍රස්තයන්ට ගුවන් ප‍්‍රහාර- දිනමිණ-2008/08/22

චන්ද්‍රිකා පෙරේරා හමුදා භට පිරිස් වෙත පහරදීම සඳහා ඕමන්ත වයඹ ප‍්‍රදේශයේ ස්ථානගත වී සිටි කොටි ත‍්‍රස්තවාදීන් පිරිසකට ඊයේ (21) උදෑසන ගුවන් හමුදාව පහරදී තිබේ. ‘එම්. අයි. 24 ප‍්‍රහාරක හෙළිකොප්ටර් යානා උයෝගී කරගනිමින් එදින උදෑසන 6.30 ට පමණ සිදුකළ මෙම පහරදීම සාර්ථකව සිදුකළ බව තහවුරු වී ඇතැ’යි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවැසීය. ඕමන්ත සිට කිලෝමීටර් හතක් පමණ වයඹ දෙසින් පිහිටි මෙම ප‍්‍රහාරයට ලක්වූ ස්ථානයේ ත‍්‍රස්තවාදීන් රැස්ව සිටින බවට බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කැර ඇත. Source