භක්ති මෙන්ඩිස් සහ මහින්ද අලුත්ගෙදර කොටින්ගේ ප‍්‍රබලම කඳවුරු සංකීර්ණයක් පිහිටි තුනුක්කායි ප‍්‍රදේශයට ගුවන් හමුදාව ඊයේ (21) සවස දැවැන්ත ගුවන් ප‍්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප‍්‍රහාරයෙන් කොටි ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රබල හානි සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවසීය. මේ අතර තුනුක්කායි ප‍්‍රදේශය හමුදා සේනාංක විසින් වටකර සිටින බවත් තවදින කීපයකින් එම ප‍්‍රදේශය අත්පත් කරගත හැකි බවත් හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවසීය. Source
Collection of hottest news items from Daily and Sunday news papers of Sri Lanka