චන්ද්‍රිකා පෙරේරා ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරියට ඇදෙන 57 හා 58 වැනි සේනාංකවල ඊළඟ ඉලක්කය කොකාවිල් හා පුනරීන් ප‍්‍රදේශවල බලය තහවුරු කර ගැනීම බව ආරක්ෂක අංශ සඳහන් කරයි. මුලතිව් වෙත ඇතුළුවී සිටින 59 වැනි සේනාංකයේ භටපිරිස් ආන්දන්කුලම් හා ජනකපුර උතුරු ප‍්‍රදේශවලින් ඉදිරියට ඇදෙමින් සිටිති. නච්චිකුඩා සිට පුනරීන් දක්වා ඉදිරියට ඇදෙන හමුදා භට පිරිස්වල ගමන වළකාලමින් කොටි ත‍්‍රස්තවාදීන් මුලන්කාවිල් ප‍්‍රදේශයේ විශාල යුද අගලක් සහිත ආරක්ෂිත වැටක් ඉදිකර තිබෙන අතර ඊයේ (18) අලුයම පාබල හමුදා එම ආරක්ෂිත වැට එක් පසෙකින් කඩා ඇතුළුවී තිබිණි. මේ අනුව පෙරේදා (17) කිලිනොච්චි, වැලිඔය හා වවුනියාව ප‍්‍රදේශවලදී ත‍්‍රස්තවාදීන් හා යුද හමුදා භට පිරිස් අතර, ඇතිවූ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් 60 දෙනකු මියගොස් තවත් 55 කට තුවාල සිදුව තිබේ. එහිදී යුද හමුදා සෙබළුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 33 කට තුවාල සිදුව රෝහල්ගත කැර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය. ප‍්‍රදේශ පහක් ආවරණය කරමින් මේවනවිට පාබල හමුදා කිලිනොච්චි හා මුලතිව් මුදා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටින අතර කාර්ය සාධක බළකාඪඪසෙබ...
Collection of hottest news items from Daily and Sunday news papers of Sri Lanka