මල්ලාවි සම්පූර්ණයෙන් හමුදා අතේ චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස් කිලිනොච්චි නාච්චිකුඩා ප‍්‍රදේශ අත්පත් කැර ගැනීමේ යෙදී සිටින 57 - 58 සේනාංක සහ ත‍්‍රස්තවාදීන් අතර ඊයේ (02) දරුණු ගැටුම් ඇවිළිණි. ඊයේ (02) සවස් වන විට මුලතිව් - මල්ලාවි ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට යුද හමුදාව සමත් විය. නාච්චිකුඩා ප‍්‍රදේශයේ මෝටාර් අවි ස්ථානගත කැර ආරක්ෂක අංශ වෙත පහර දෙමින් සැඟවී සිටි ත‍්‍රස්තවාදීන්ට ඊයේ (02) පෙරවරු 10.15 ට පමණ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජෙට් ප‍්‍රහාරක යානා වලින් පහරදී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවසීය. 58 වැනි පාබල සේනාංකය දිරිගැන්වීමට මෙම ප‍්‍රහාරය එල්ල කැර ඇත. කොටි ත‍්‍රස්තවාදීන්ගේ බළමුළු බිඳ හෙලීමේ අවසාන අදියරේ සිටින හමුදා බළ ඇණි මේ වනවිට ප‍්‍රදේශ හතරකින් කිලිනොච්චි හා මුලතිව් වෙත ගමන් කරමින් සිටී. 57, 58, 59 සේනාංක හා කාර්ය සාධක බළකා දෙක පාබල සේනාංක විසින් ත‍්‍රස්තවාදීන්ගේ බල ප‍්‍රදේශ අත්පත්කර ගනිමින් ඉදිරියට ගමන් කරන අතර ගුවන් හමුදාව හා නාවික හමුදාව මේ සඳහා සහාය ලබාදෙන බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නාන...
Collection of hottest news items from Daily and Sunday news papers of Sri Lanka