කෙහෙළිය ඇමැතිතුමා ඝාතනයට අපි කිහිප වතාවක් සැලසුම් කළා මාතලේ දී කොටු වූ කොටි පොලිසියට කියති- දිනමිණ- 2008/08/15
විජයානි එදිරිසිංහ මාතලේදී ඉකුත්දා අත්අඩංගුවට ගත් කොටි කණ්ඩායම මහනුවර ප‍්‍රදේශයේදී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක, ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඝාතනය කිරීමට කිහිප වතාවක් උත්සාහ දරා ඇතැයි ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ. එම සැලැසුම් කි‍්‍රයාත්මක කිරීමට පැමිණි කොටි බෝම්බ උපදේශකයකු ඇතුළු පිරිස මීට මාස ගණනාවකට පෙර කිලිනොච්චියට ගොස් ඇති බවත් අනාවරණය විය. ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොයි මොහොතේ හෝ ඝාතනය කිරීම මෙම කොටි කණ්ඩායමට පැවරී තිබූ ප‍්‍රබලම කර්තව්‍යයක් වී ඇත. ඊට අමතරව මෙම කොටි කණ්ඩායමේ ප‍්‍රථම අපරාධය දිගනදී 2006 වසරේදී විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් සෙනෙවිරත්න මහතා ඝාතනය කිරීමේ සිද්ධිය බවත් හෙළිවී තිබේ. ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මහනුවරට පැමිණෙන රජයේ ප‍්‍රභූවරුන් ආරක්ෂක ප‍්‍රධානීන් ඝාතනය කිරීමට ද සැලැසුම් සකස් කැර තිබිණි. මහනුවර ප‍්‍රදේශය පුරා වරින් වර සැරිසරමින් ඒ සඳහා ඔත්තු බැලීමට කොටි ත‍්‍රස්තවාදීන්ගේ ඔත්තුකරුවන් යොදවා තිබී ඇත. වතුකරයේ කොටි සාමාජිකයන්ගේ සහාය ලබාගෙන තිබෙන්නේ උතුරේ සිට පැමිණි එම කොටි කණ්ඩායමකි. කොටි ත‍්‍රස්තවාදීන්...