රෝහල, දිසාපති කාර්යාලය, බැංකු ඇතුළු ස්ථාන රැසක් හමුදාව යටතට මහින්ද කුලතුංග මුලතිව් දිස්ති‍්‍රක්කයේ කොටි ත‍්‍රස්තවාදීන් ගේ ප‍්‍රධානතම මහ බළකොටුවක් ලෙසින් සැලකෙන මල්ලාවි නගරය ඇතුළුව එම ප‍්‍රදේශයේ හතරෙන් තුනක බලය තහවුරු කර ගැනීමට ආරක්ෂක හමුදාව ඊයේ (01) සවස සමත්විය. ත‍්‍රස්තවාදීන් සමඟ බිහිසුණු සටන් රැසකට මුහුණදෙමින් මල්ලාවි නගරයේ රෝහල, ලංකා බැංකුව, මහජන බැංකුව, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, තැපැල් කාර්යාල ඇතුළුව නගරයේ වැදගත් ස්ථාන රැසක් හමුදාවේ පාලනය යටතට ගැනීමට හැකිවූ බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා දිනමිණට කීය. මල්ලාවි නගරය රැකගැනීමට ත‍්‍රස්තවාදීන් විශාල උත්සාහයක යෙදුණු බව කී බි‍්‍රගේඩියර්වරයා ත‍්‍රස්තවාදීන්ට බරපතළ ජීවිත හානි රැසක් සිදුකර මරඋගුල් හා බිම්බෝම්බ අතරින් ඉදිරියට ගොස් ප‍්‍රහාර එල්ලකර යුදහමුදාව නගරයට ඇතුළු වී ඇති බවත් බි‍්‍රගේඩියර්වරයා කීය. ඊයේ සවස මල්ලාවි නගරයට ඇතුළු වූ හමුදාවෝ නගර මධ්‍යයේ සිංහ ධජය එසැවූහ. යුද හමුදාවේ 57 වැනි සේනාංකය මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ නායකත්වය යටතේ මෙසේ මල්ලාවි ප‍්‍රදේශය අත්පත් කරගෙන තිබේ. ඊළාම් සටන් ව්...
Collection of hottest news items from Daily and Sunday news papers of Sri Lanka