
මල්ලාවි සම්පූර්ණයෙන් හමුදා අතේ
කිලිනොච්චි නාච්චිකුඩා ප‍්‍රදේශ අත්පත් කැර ගැනීමේ යෙදී සිටින 57 - 58 සේනාංක සහ ත‍්‍රස්තවාදීන් අතර ඊයේ (02) දරුණු ගැටුම් ඇවිළිණි. ඊයේ (02) සවස් වන විට මුලතිව් - මල්ලාවි ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට යුද හමුදාව සමත් විය.
නාච්චිකුඩා ප‍්‍රදේශයේ මෝටාර් අවි ස්ථානගත කැර ආරක්ෂක අංශ වෙත පහර දෙමින් සැඟවී සිටි ත‍්‍රස්තවාදීන්ට ඊයේ (02) පෙරවරු 10.15 ට පමණ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජෙට් ප‍්‍රහාරක යානා වලින් පහරදී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවසීය.
58 වැනි පාබල සේනාංකය දිරිගැන්වීමට මෙම ප‍්‍රහාරය එල්ල කැර ඇත.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ බළමුළු බිඳ හෙලීමේ අවසාන අදියරේ සිටින හමුදා බළ ඇණි මේ වනවිට ප‍්‍රදේශ හතරකින් කිලිනොච්චි හා මුලතිව් වෙත ගමන් කරමින් සිටී. 57, 58, 59 සේනාංක හා කාර්ය සාධක බළකා දෙක පාබල සේනාංක විසින් ත‍්‍රස්තවාදීන්ගේ බල ප‍්‍රදේශ අත්පත්කර ගනිමින් ඉදිරියට ගමන් කරන අතර ගුවන් හමුදාව හා නාවික හමුදාව මේ සඳහා සහාය ලබාදෙන බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
නාච්චිකුඩාහිදී පෙරේදා (01) දෙපිරිස අතර ඇති වූ ගැටුම් හේතුවෙන් ත‍්‍රස්තවාදීන් 26 දෙනකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇතැයි හෙළි වී තිබේ.
යුද හමුදා සෙබළුන් දෙදෙනකු මරුමුවට පත්වූ අතර තවත් 16ක් තුවාල ලබා ඇතැයි යුද හමුදාව පැවසීය.
මල්ලාවි ප‍්‍රදේශය අත්පත්කර ගැනීමේ යෙදී සිටින 57 වැනි සේනාංකය මේ වනවිට එම ප‍්‍රදේශය සම්පුර්ණයෙන්ම අත්පත් කරගෙන ඉදිරියට ඇදෙමින් සිටින බවත් හමුදා ප‍්‍රහාර හමුවේ ත‍්‍රස්තවාදීන් මල්ලාවි හි පිහිටා තිබූ රජයේ ගොඩනැඟිලිවලට හානිකර පලාගොස් ඇති බවත් යුද හමුදාව කීය.
ඊලාම් රාජ්‍යයේ දෙවැනි පරිපාලන නගරය ලෙස සැලකෙන මල්ලාවි ප‍්‍රදේශය කොටි නායක ප‍්‍රභාකරන්ගේ බිරිය වූ මදිවාදනීගේ උපන් ගම වේ.
මෙම ප‍්‍රදේශ අහිමි වීමත් සමඟම ත‍්‍රස්තවාදීන්ට තුනුක්කායි මාන්කුලම් සැපයුම් මාර්ගය අහිමිවීමේ ලකුණු පහළ වී තිබේ.
මුදාගැනීමේ අවසන් මෙහෙයුමේ නිරත වන කාර්ය සාධක බළකාය දෙක ඒ නවය මාර්ගය හරහා වවුනියාව පාලම්පිඩෙයි උතුර දෙසින් ඉදිරියට ඇදෙමින් සිටියි.
Comments