භූගත බංකර් 100ක්
වැලිඔය ආන්දන්කුලම් ප්‍රදේශයේ කොටි ත්රස්තවාදීන් ඉදිකර තිබූ විශාලතම පුහුණු කඳවුරු සංකීර්ණයක් වන ‘ජීවන් බේස්’ අත්පත් කර ගැනීමට යුද හමුදාවේ 59 වැනි සේනාංකය ඉකුත් 16 වැනිදා සමත් විය.
මෙම කඳවුර තුළ එකවර කොටි ත්රස්තවාදීන් සියයකට අධික ප්‍රමාණයකට පුහුණුව ලබා දිය හැකි පහසුකම් තිබෙන බව ආරක්ෂක අංශ පවසයි.
ත්රස්තවාදීන් සැඟවී සිටි යුද අගල් හතරක් සහිත බංකර් පෙළක් ද යුද හමුදාව අල්ලා ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
භූගත බංකර් සියයට අමතරව කොන්කී‍්‍රට්වලින් ඉතා ශක්තිමත් ව තනා තිබූ මීටර් පහළොවක් දිග හා පළල ඇති බංකර් දෙකක්, සිරකරුවන් රඳවන සිරකුටි හතරක්නායකයන්ට රැඳීසිටීමට තැනූ කුටි සහිත ප්‍රධාන ගොඩනැඟිලි හතරක්, වැසිකිලි 35ක්, හිස් බැරල් හතළිහක්, සෙරෙප්පු යුගල 101 ක් හා වෙනත් උපකරණ තිබූ බව යුද හමුදාව කීය.
මෙම කඳවුරු භූමිය තුළ මියගිය ත්රස්තවාදීන් හැට හත්දෙනකු මිහිදන් කළ සුසාන භූමියක් ද තිබේ.
වවුනියාව, මුලතිව්, කිළිනොච්චි හා යාපනය ප්‍රදේශවල දී යුද හමුදාව හා එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන් අතර ඇති වූ ගැටුම්වල දී ත්රස්තවාදීන් 27 දෙනකු මියගොස් 34ක් තුවාල ලබා තිබේ.
මෙම ගැටුම්වල දී යුද හමුදා සෙබළුන් හත්දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් 11 දෙනකුට තුවාල සිදුවී තිබේ.
Comments