Skip to main content

අනුන් බිල්ලට දී තමා බේරීම ප‍්‍රභාකරන්ගේ අන්තිම තුරුම්පුවයි- සිළුමිණ- 2008/08/18


දෙ වන ලෝක මහා යුද්ධයේ ගිනිදැල් ඇවිළුයේ හිට්ලර් ය. මහා මිනිස් සංහාරයක් කොට යුදෙව් ජනතාව සමූලඝාතනය කරන්නට සැරසුණේ ඔහුය. ලක්‍ෂ ගණනක් මිනිසුන් වධකාගාරවලට දමා පණපිටින් පුළුස්සා දැමූ මිනීමරුවා ඔහුය.

ලෝකයම බිය වද්දා තමා පරාජය කරන්නට කිසිවෙකුටත් නොහැකැයි ඔහු පාරම් බෑවේය. එහෙත් මිත‍්‍ර හමුදා විසින් ඔහු වටලනු ලබද්දී යටත්වීමට බියේ බංකරයක සැඟවී සිය දිවි නසා ගත්තේ ය.

ඔහුගේ සගයා වූ ඉතාලියේ මුසොලිනී බිය වැද පලායද්දී සතුරු හමුදාවන්ට හසු වී මැරුම් කෑවේ බල්ලෙකු මෙන්ය.

රටක් හොල්ලා ලෝකය සොලවන්නට වලි කෑ ඉරාකයේ සදාම් හුසේන් සිය රටේම වැසියන් දස දහස් ගණනක් දස වධ දී මරා දැමීය.

හරි හෝ වැරදි හෝ අනතුරුව ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කරද්දි සිය හමුදාව හා හිතවතුන් විසින් හැර දමනු ලදුව තනිවූ ඔහු භූගත බංකරයක සැඟවී සිටියේ හිඟන්නකු පරිදිය.

එල්ලා මරද්දි ඔහු වෙනුවෙන් කතා කරන්නට නීතිඥයකුවත් සොයා ගැනීම උගහට විය.

මෙවන් මිනිස්සු ඉතිහාසයේ බොහෝ සිටියහ. ප‍්‍රභාකරන්ද එවන් වියරු මිනිසෙකි.ලබා ගත නොහැකි ඊළමක් වෙනුවෙන් දහස් ගණනක් අහිංසක දෙමළ වැසියන් නොමඟ යැවූ ඔහු සිය මරාගෙන මැරෙන ඝාතකයන් මගින් දහස් ගණන් අහිංසකයන් මරා දැමීය.

දේපළ විනාශ කරවීය. අන්තර්ජාතික ජනතාව නොමඟ යැවීය.

එහෙත් ඔහුට තකට තක ගහක් හමු විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මේ වන විට හතරවන ඊළම් යුද්ධය පරාජය වෙමින් සිය සිහින රාජ්‍යය හකුළා ගනිමින් දැන් ඔහු කිලිනොච්චියේ් හෝ මුලතිව් හි බංකරයක සැඟවී සිටී.

ඒ සිය ජීවිතාශාව නිසාය, බිය නිසාය. මුලතිව් හා කිලිනොච්චි දිස්ති‍්‍රක්කවලට සීමා වූ ඔහුගේ සිහින රාජ්‍යය බලා සිටියදී කුඩාවෙයි.

මුලන්කොවිල් පාසල

දිනෙන් දිනම බලෙන් නතුකරගත් ගම් බිම් බලකොටු ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදා අතට පත්වෙයි.

එක්තරා පුවත් පතකට කරුණා අම්මාන් පවසා සිටි පරිදි කොටි නායකයාට සිංහල හෝ දෙමළ තරුණයින් ගේ ජීවිතවල වටිනාකමක් නැත. ඔහු විකල් වූ මනසක් ඇත්තෙකි.

ශී‍්‍ර ලංකාව පුරා භීෂණය වැපිරවීය. එහෙත් ආරක්‍ෂක හමුදාවන් ගේ කැපවීමත් මහජනතාවගේ දැඩි විමසීමත් අවධානයත් නිසා දැන් භීෂණය අඩුවෙමින් පවතී.

10000 ක් පමණ සිටි ප‍්‍රභාකරන්ගේ භීෂණ ත‍්‍රස්ත බලකාය තුනෙන් දෙකක් පමණ අඩුකරන්නට ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදාව සමත්ව සිටිති. ඔහුගේ දක්‍ෂ සටන් කරුවෝ හමුදාව අතින් මැරුම් කෑහ.

මේ වන විට ඔහුගේ ත‍්‍රස්ත හමුදා වෙන් දිනකට 30 – 50 අතර ප‍්‍රමාණයක් මියයන්නේ ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදා වෙතිනි.

ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදා මෙවර ත‍්‍රස්තවාදය තුරන් කරන තුරා සටන් වදින්නට සපථකොට ඇත්තේ නිවැරදි නායකත්වය නිසාය.

පසුගිය සතියේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට නම් එල්.ටී.ටී. ඊ ත‍්‍රස්තවාදීන් සහමුලින්ම විනාශ කළ යුතු බවයි .

ඔවුන් වනාන්තරයට යන්තම් තල්ලුකොට දැමීමෙන් වැඩක් නැති බවත් වනාන්තර පීරා ඔවුන් සොයා මුළුමනින්ම විනාශ කළ යුතු බවත් ඒ මහතා ඩේලිනිවුස් පුවත්පතට කියා තිබේ.

මන්නාරම වෙල්ලන්කුලම අත්පත් කර ගෙන ඉදිරියට යන 58 සේනාංකයේ මීළඟ ඉලක්කය ‘නාච්චිකුඩා ‘ කොටි කඳවුරයි.

නාච්චිකුඩා ප‍්‍රදේශය තමන්ට ආරක්‍ෂා කර ගැනීමට නොහැකි බව දන්නා කොටි සංවිධානය ඊට නුදුරින් විශාල පස් බැම්මක් තනාගෙන යන බව හමුදා ආරංචි මාර්ග පවසයි. මෙයට කලින් ද ආරක්‍ෂක හමුදා ගමන් වළකන්නට යෙදූ පස් කදුවලින් පලක් වුයේ නැත.

තුනුක්කායි හා මල්ලාවි අල්ලා ගැනීමට ඉදිරියට යන ආරක්‍ෂක හමුදාවන් ගේ ගමන අඩාල කරන්නට ද මේ වන විට මල්ලාවි හා තුනුක්කායි වටකොට විශාල පස් බැම්මක් ගොඩනගන බව හමුදා බුද්ධි අංශවලට රහසක් නොවේ.

මල්ලාවි හා තුනුක්කාවි දෙසට ඉදිරිපස යන 57 වන සේනාංකයේ 582 බලසේනාව පසු ගිය බදාදා තුනුක්කායි නගරයට කි.මී. 3 ක් පමණ නිරිත දිගින් පිහිටි ‘කල්විලාන් ‘ ගම්මානය අල්ලා ගත්හ.

මල්ලාවි දෙසට යන හමුදා නවත්වන්නට පිහිට වූ කොටි හමුදා රැදවුම් පොළක් වන කල්විලාන් ආරක්‍ෂක හමුදාව වට කළේ දින දෙකකට පෙරය. දින දෙකක් පුරා මල්ටි බැරල් එල්ල කරමින් කොටි සාමාජිකයන් සමග දරුණු සටනක යෙදෙන්නට හමුදාවට සිදුවිය.

අවට අටවන ලද මර උගුල් හා බිම්බෝම්බ ද විශාල ප‍්‍රමාණයක් තිබිණ. ඒ සියල්ල ඉවත් කරමින් ඉදිරියට යා යුත්තේ ඉතා පරිස්සමිනි.

කල්විලාන් පිහිටා ඇත්තේ වෙල්ලන්කුලම් , මාන්කුලම්, මහාමාර්ගය එනම් ඒ 14 මාර්ගයට යාබද වය . එය මල්ලාවි හා තුනුක්කායි රැක ගැනීමට කොටින්ට තිබූ වාසියකි.

මහාවීර උත්සවය පැවැත්වූ ස්ථානය

එහෙත් ආරක්‍ෂක හමුදාවන්ගේ මල්ටි බැරල් ප‍්‍රහාර හමුවේ කොටින්ට මේ බලකොටුව රැක ගැනීම අපහසු විය. අන්තිමේ කල්විලාන් අතහැර පසුබැසීමට කොටි තීරණය කළහ.

මුහුණට මුහුණ ලා කළ එම සටන දරුණු එකක් විය. ත‍්‍රස්තවාදීන් 15 දෙනකු පමණ එහි දී මිය ගිය බවද වාර්තා වෙයි. එක් යුද භටයෙකු දිවිපුදා ඇති අතර තවත් භටයෙකුට තුවාල සිදුවී ඇත.

මේ වන විට සටන් පෙරමුණට ආ බොහෝ එල්.ටී.ටී.ඊ. දක්‍ෂ සටන්කරුවන් මියගොස් ඇතිබව හමුදා ආරංචි මාර්ග පවසයි.

ඉතිරිව ඇති දක්‍ෂ සටන්කරුවන් සිය අවසන් සටන් සඳහා කිලිනොච්චියට කැදවන කොටි නායකත්වය දැන් දැන් සටන් සඳහා සිය කොටි කාන්තාවන් හා බලෙන් අවිපුහුණුව දුන් සාමාන්‍ය වැසියන්ද යොදවන බව වාර්තා වෙයි.

මේ අතර කිලිනොච්චි දිස්ති‍්‍රක්කයට අවතීර්ණ වී සිටින බි‍්‍රගේඩියර් ශෂීන්ද්‍ර සිල්වා ගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකය පසුගියදා මුලන්කාවිල් හා පල්ලවරායකඩ්ඩු ප‍්‍රදේශ වල කොටි බලය බිද දැමූහ.

මුලන්කාවිල් නගරය වෙල්ලන් කුලමට කි.මී. 9 ක් උතුරින් පිහිටි නගරයකි. ඒ 32 මාර්ගයේ පිහිටා ඇති මුලන්කාවිල් එල්.ටී.ටී.ඊ. යට ඉතා වැදගත් වෙයි. එය එල්.ටී.ටී. ඊ ය විසින් මහාවීර නගරය ලෙසද හඳුන්වනු ලබයි.

ඊට හේතුව එල්.ටී.ටී.ය වසරක් පාසා සුප‍්‍රසිද්ධ මහාවීර සැමරුම පවත්වන්නේ මේ නගරයේ වීමය .

එමෙන්ම මෙය එල්.ටී.ටී. ඊ ය සතු පරිපාලන ස්ථානයකි. විශාල කී‍්‍රඩා පිට්ටනියක්, පාසල් විශාල රෝහලක් ඇතුළු රජයේ කාර්යාල බොහෝමයක් මෙහි පිහිටා ඇත. මන්නාරම හා කිලිනොච්චි ප‍්‍රදේශ වල ජනතාවට පහසුවෙන් එක් තැන් විය හැකි මෙන් විශාල එල්.ටී.ටී. ඊ සුසාන භූමියක් ද වෙයි.

තුනුක්කායි ප‍්‍රදේශයේ කිට්ටුවටම පැමිණ සිටින ආරක්‍ෂක හමුදා එහි දරුණු සටන්වල යෙදී සිටිති. 57 වන සේනාංක යේ සෙබළුන්ගේ ප‍්‍රහාර වලින් සිකුරාදා වනවිට කොටි 21 ට මරු කැදවා ඇත. හමුදාභටයො දෙදෙනෙක්ම මේ ගැටුම් වලදී මිය ගියහ.

ඉදිරියට යන හමුදාවන්ගේ සහාය පිණිස ගුවන් හමුදාව තුනුක්කායි ප‍්‍රදේශයේ කොටි ගරිල්ලන්ගේ ඉලක්ක හතරකට ප‍්‍රහාරක ජෙට් යානා මගින් ප‍්‍රහාර එල්ල කළේය.

සෙබළුන්ගේ ප‍්‍රහාර හමුවේ තුනුක්කායි බලය රැක ගැනීමට එල්.ටී.ටී. ඊ ය ආරක්‍ෂක වෑයමක නිතර වන බව ආරංචි මාර්ග වලින් පැවසේ.

මුලන්කාවිල් කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ කිලිනොච්චි නගරය ළඟට ඇති විශාල ම නගරය යි.

‘මුලන්කාවිල්’ අල්ලාගත් යුද හමුදා සෙබළුන්ට දැකගත හැකි වූයේ සුපුරුදු පරිදි එල්ටීටීඊ ය එහි ජන ජීවිතය විනාශ කොට ඇති අයුරුයි. එහි පාසල හා රජයේ ගොඩනැගිලි එල්ටීටීඊ ය තමන් ගේ ප‍්‍රයෝජනයට ගෙන තිබිණ.

රෝහලේ වටිනා ඖෂධ වර්ග හා රෝහල් උපකරණ ද කොල්ල කා ගෙන ගොස් තිබූ අතර ඒවා මුළුමනින් ම එල්ටීටීඊ සාමාජිකයින් ගේ ප‍්‍රයෝජනයට ගෙන තිබිණ.

රජය අහිංසක සිවිල් වැසියන් ගේ ප‍්‍රයෝජනය සඳහා වෙන් කර තිබූ රජයේ දේපළ සියල්ල එල්ටීටීඊ ය කොල්ලකා තිබුණු අයුරු ඛේදජනකය. මෙය හමුදාව යටත් කරගත් සියලු ම එල්ටීටීඊ පාලන ප‍්‍රදේශවල දකින්නට ලැබුණු තත්ත්වයකි.

මියගිය ත‍්‍රස්තවාදීන් ගේ මළසිරුරු 5000 ක් පමණ භූමදානය කළ මුලන්කාවිල් හි විශාල සොහොන් බිම ද දැන් එල්ටීටීඊයට අහිමිය.

මැයි 20 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා වැළලූ කොටි මළ සිරුරු 500 ක් පමණ ද දක්නට ලැබිණ. මේ සටනේදී ත‍්‍රස්තවාදීන් 20 පමණ මිය ගිය බව හමුදා ආරංචි මාර්ග පවසයි.

එල්ටීටීඊය ක‍්‍රමයෙන් පරාජය වී පසුබසිද්දී ඔවුන් අත්පත් කරගෙන සිටි රෝහල්, සොහොන් පිටි ආදිය ද ඒ බලකොටු ද සමඟ ඔවුන්ට අහිමි වෙයි.

මෙසේ තව තවත් කිලිනොච්චි දෙසට හා මුලතිව් වනාන්තරයට පසු බැස යනවිට අන්තිමේදී ඔවුන්ට සිය මිය ගිය සගයන්ගේ සිරුරු වළදා ගැනීමට සොහොන් පිටියක්වත් ඉතිරි වෙන්නේ දැයි සැකයකි.

මෙසේ පාබල හමුදා ඉදිරියට යද්දී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පාබල හමුදාවන්ගේ ගමන ඉක්මන් කිරීම උදෙසා ගුවනින් ත‍්‍රස්ත බලකොටු ඉලක්ක කොට බෝම්බ ප‍්‍රහාර එල්ල කරයි.

කිලිනොච්චි බලා යන 58 වන හා 57 වන සේනාංක ඉදිරියේ ඇති කොටි කඳවුරුවලට ගුවන් හමුදාව ප‍්‍රහාර එල්ල කරන්නේ නිකරුණේ නොවේ.

බුද්ධි අංශ මගින් සනාථ කරන තොරතුරු අනුව කොටි බල කඳවුරු ආයුධ ගබඩා, කළු කොටි පුහුණු කඳවුරු, වෙඩි පිටි මහ කොටියන් ගැවසෙන ස්ථාන, ගුවන් හමුදාවේ එම් අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර හා ප‍්‍රහාරක ජෙට් යානා බල ගණයේ ඉලක්ක වෙයි.

පසුගියදා ඉරණමඩු ප‍්‍රදේශයේ කළු කොටි පුහුණු මධ්‍යස්ථානයකටත් නයාරු මුහුදේ කොටි බෝට්ටු කඳවුරු ද ඉලක්ක කොට එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් එල්ටීටීඊයට බරපතළ හානි සිදු වූ බව රහසක් නොවේ.

මුලතිව් නගරයේ කොටි කඳවුරු වෙත එල්ල කළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මිය ගිය බව කොටි හිතවාදී වෙබ් අඩවිවල පළවී තිබිණ.

ඒ සඳහා මුලතිව් දිසාපතිපතිනිය කළ ප‍්‍රකාශයක කොටස් ද එක් විය. කොටි වෙබ් අඩවි මේ ප‍්‍රචාර ගෙනයන්නේ ආරක්ෂක හමුදා වෙත වරද පටවන්නට හා අන්තර්ජාතික වශයෙන් රජය අපකීර්තියට පත් කරවන්නට ය.

එල්ටීටීඊ ය සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස රඳවාගෙන සිටින බවත් යුද හමුදාව එ දෙසට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල නොකල බවත් හමුදාපතිවරයා පවසයි.

එමෙන් ම සාමාන්‍ය ජනතාව රැඳී සිටින්නේ ඉදිරි ආරක්ෂක වැටට කිලෝමීටර් 15 දුරින්. එ දෙසට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කරන එල්ටීටීඊ ය එ වරද හමුදාව මත පටවන්නට තැත් කරන බව ද යුද හමුදාපතිවරයා තවදුරටත් අවධාරණය කරයි.

මේ වනවිට කිලිනොච්චි හා මුලතිව් දිස්ති‍්‍රක්කයන්හි කොටි බලය බොහෝ දුරට සීමා වී ඇති අතර ඒ ප‍්‍රදේශවල කොටු වී සිටින සාමාන්‍ය වැසියන් 200000 ක් පමණ වන බව ද ඉන් අවතැන්ව ඇත්තේ 30000 ක් පමණ බව ද හමුදාපතිවරයා අවධාරණය කරයි.

ඒ පිරිස් හමුදාව විසින් මුදාගත් රජයේ පාලන ප‍්‍රදේශ කරා පැමිණෙන්නේ නම් ඔවුන්ට ආහාර හා නවාතැන් දීමට රජය සූදානම් බව ද හමුදාපතිවරයා තවදුරටත් පවසයි.

එහෙත් එල්ටීටීඊය සිවිල් වැසියන්ට රජයේ පාලන ප‍්‍රදේශවලට එන්නට නොදී මඟ අහුරාගෙන ඔවුන් බලෙන් රඳවා ගෙන සිටියි.

මේ අතර තම ගුවන් ප‍්‍රහාරවලින් සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදු නොවූ බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක පවසයි.

“අපි අපේ ප‍්‍රහාර එල්ල කරන්නේ භූමිය හොඳින් නිරීක්ෂණය කළ පසුවයි. අපි අපේ ඉලක්කය හරියටම ගන්නවා. ඒවායින් එල්ටීටීඊයට බරපතළ ලෙස හානි සිදුවෙනවා. ඔවුන්ට අවශ්‍ය මේ ගුවන් ප‍්‍රහාර නවත්වා ගන්නයි. ඔවුන් මෙවැනි ප‍්‍රකාශ නිකුත් කරන්නේ ඒ නිසයි.”

ගුවන් හමුදාපතිවරයා එසේ කියා ඇත්තේ ‘ඩේලිනිවුස්’ පුවත්පතට ය.

මේ වනවිට යුද හමුදාව ත‍්‍රස්තවාදීන් හා සටන් කරන ප‍්‍රදේශවල මහා මිනිස් ඝාතනයක් ඇතිවන තත්ත්වයක් නිර්මාණය කරන ලෙස කොටි නායකයා උපදෙස් දී ඇතැයි වන්නියේ මුදා නොගත් ප‍්‍රදේශවලින් එන විශ්වාසදායක ආරංචි මාර්ගයකින් පැවසේ.

එම ආරංචි මාර්ගවලින් තවදුරටත් පැවසෙන පරිදි කිලිනොච්චි ප‍්‍රදේශයේ රාජ්‍ය නොවන ආයතන රජයේ කාර්යාලවල හා රෝහල්වල ඇති සියලුම වාහන සිවිල් වැසියන් සටන් පවතින ප‍්‍රදේශ කරා ප‍්‍රවාහනය කිරීම සඳහා බලෙන් ලබාගන්නා ලෙසත් කොටි නායකයා නියෝග කොට තිබේ.

“සටන් පවතින තුනුක්කායි මල්ලාවි හා වවුනිකුලම් බලා යාමට සූදානම් ව සිටින ලෙසත් කොටි කාඩරයත් සිවිල් ජනතාවට නියම කොට තියෙනවා. ඒ වගේ ම ඔවුන් ගේ ත‍්‍රස්ත කඳවුරු හැරදා යාමේ දී ඔවුන්ට සහාය වන ලෙසත් සිවිල් ජනතාවට අණ කොට තිබෙනවා.

කඳවුරු වල ඇති ආයුධ වෙඩිඋණ්ඩ හා අනෙක් යුද උපකරණ වෙනත් තැන්වලට ප‍්‍රවාහනය කිරිමටත් සූදානම් ව සිටින ලෙස ඔවුන් සිවිල් ජනතාවට පවසා තිබෙනවා.” එම ආරංචි මාර්ග දුන් පුද්ගලයින් කියන්නේ එසේ ය.

මේ කි‍්‍රයාවන් ගේ අරමුණ වන්නේ සටන් පවතින ප‍්‍රදේශවලට සිවිල් ජනතාව බලෙන් ගෙන ගොස් මිනිස් ඝාතනයකට ඔවුන් යොමුකොට එහි වරද රජයේ හමුදාවන් පිට පවරා කොටි සංවිධාන එයින් ප‍්‍රචාරාත්මක වාසියක් ලබා ගැනීම බව වන්නි ආරංචි මාර්ග අවධාරණය කරයි.

මේ දෙමළ ප‍්‍රජාවගේ ගැලවුම්කරුවා යයි කියා ගන්නා ප‍්‍රභාකරන් තමන්ගේ ම වැසියන් බිල්ලට දී තම පණ රැකගන්නට ගන්නා උත්සාහයයි.

කෙසේ වෙතත් ඉදිරියට එන සටන වඩාත් දරුණු විය හැකි බව හමුදා නිලධාරීන්ගේ මතයයි. ඊට හේතුවන්නේ ඔවුන් තමන් සතු සියලු සම්පත් හා සියලු ශක්තීන් අවසන් සටනට යොදවන බැවිනි.

එහෙත් ති‍්‍රවිධ හමුදාව හා පොලිසිය මේ ඕනෑම තර්ජනයකට මුහුණපෑමට සූදානමින් සිටිති.

Comments

Popular posts from this blog

When Berachain Meets AI: 9 Projects Riding the Next Big Wave

Artificial Intelligence (AI) and blockchain are arguably two of the hottest narratives in tech today. With Berachain's mainnet launch just around the corner, combining AI with this innovative blockchain opens up exciting possibilities. In this article, we'll dive into nine AI-driven projects on Berachain, each offering unique use cases and solutions. Baosdotfun 1. Baosdotfun: The Launchpad for AI DAOs Baosdotfun acts as an incubator for AI-driven DAOs, focusing on areas like yield farming and trading strategies. Their "DAO seasons" introduce new AI agents every few months, providing fresh opportunities for users. Key features: Supports multiple AI agents. Focus on decentralized autonomous organizations (DAOs). Official Links: Baosdotfun Website Baosdotfun on Twitter Beradigm 2. Beradigm: Maximizing BGT Farming Beradigm specializes in yield farming to accumulate BGT, a governance token central to Berachain's ecosystem. Using AI, Beradigm optimizes farming strategie...

The Dawn of a Global Bitcoin Gold Rush: Why Governments May Soon Join the Race

Picture a world where governments, not just early adopters and tech enthusiasts, scramble to hold Bitcoin before their geopolitical rivals do. This scenario, once considered science fiction, is becoming increasingly plausible. As major asset managers hint at portfolio exposure, U.S. political leaders signal a shift toward pro-crypto regulation, and states within the U.S. prepare strategic Bitcoin reserves, the stage is set for a massive influx of institutional and governmental participation. Far from the fleeting hype cycles of the past, this is a moment backed by data, historical patterns, and powerful players with trillions of dollars at their disposal. In 2020, Bitcoin's meteoric rise coincided with a similar point in its four-year halving cycle. Fast forward to 2024: conditions now are even more favorable, with unprecedented scarcity in the market and global interests aligning to accelerate adoption. The impatience seen in some corners of the crypto community, worried that Bitc...

New Movies & Latest Showtimes | ShowBiz Cinemas

https://www.showbizcinemas.com/promotions#DiscountTuesdays https://www.showbizcinemas.com/promotions#BowlingWednesdays http://recruiting.talentreef.com/showbiz-cinemas https://www.showbizcinemas.com/newsletter https://www.mpaa.org/film-ratings/ https://www.youtube.com https://www.facebook.com/showbizcinemas https://twitter.com/showbizcinemas