යාල කැලය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (24) සිදුකරන ලද මෙහෙයුමකදී හමුවූ ත්‍රස්තවාදී කණ්ඩායමකට වෙඩි තැබීමත් සමඟම ත්රස්තවාදීන් ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
පසුව ත්රස්තවාදීන් සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී පුද්ගලනාශක බෝම්බ 10 ක් මැගලන් වර්ගයේ ජී. එස්. පී. යන්ත්‍රයක් එල්.ටී.ටී.ඊ. නිල ඇඳුමක්, සන්නිවේදන යන්ත්‍රයක් නාවික හමුදා කලිසමක්, වෙබින් කට්ටලයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ප්‍රහාරයෙන් ත්‍රස්තවාදින්ට බරපතළ තුවාල සිදුවී ඇති බවට බුද්ධි තොරතුරු වාර්තා සනාථ කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ කොටියාගල කඳවුරේ නිලධාරින් විසින් මෙම මෙහෙයුම සිදුකර තිබේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරින් විසින් මඩකලපුව කිරැන්කුලම් ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදී ත්රස්තවාදීන් විසින් සඟවා තබන ලද අවිආයුධ හා උණ්ඩ සොයාගෙන තිබේ. එම අවි අතර ටී 56 අවියක්, ටී 56 උණ්ඩ 114 ක්, ටී 56 පතරොම් ගැබ් 02 ක්, ටී 56 අවිපටියක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල උණ්ඩ 03 ක් වේ.
Comments