
කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල තිබී සී (04) වර්ගයේ අධි පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 08 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ග‍්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් පෙරේදා (24) සොයා ගෙන තිබේ.
ඩෙටනේටර් 06, බෝම්බ පිපිරවීමට යොදා ගන්නා පරිපථ 01, වයර් තොගයක්, සයිනයිඩ් කරල් 02, මෙලෙස සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය අතර තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
Comments