ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව කිලිනොච්චි නාච්චිකුඩා ප්‍රදේශයට ඊයේ (27) පෙරවරුවේ එල්ල කළ ප්‍රහාරවලින් කොටි ඉදිරි ආරක්ෂක වලල්ලේ පිහිටා තිබූ බංකර් පෙළක් සම්පූර්ණයෙන් විනාශවී තිබේ.
ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කැර ගනිමින් එදින උදෑසන 9.30ට පමණ මෙම ප්‍රහාරය ගුවන් හමුදාව විසින් එල්ල කැර ඇත්තේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරියට ඇදෙන 58 වැනි සේනාංකයේ භට පිරිස්වලට සහාය ලෙස බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
නාච්චිකුඩා සිට කිලෝමීටර් දෙකක් පමණ නැඟෙනහිරින් පිහිටි මෙම ප්‍රදේශයේ ත්රස්තවාදීන් බංකර් තුළ හා අවට ප්‍රදේශයේ ප්‍රහාර සඳහා සැඟවී සිටින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර තිබිණි.
මේ අනුව නිවැරදි ඉලක්ක වෙත පහරදුන් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවැසීය. මේ අතර කිලිනොච්චිය, මුලතිව්, වැලිඔය සහ මුහමාලෙයි ප්‍රදේශවලදී පෙරේදා (26) ආරක්ෂක හමුදාවත් කොටි ත්රස්තවාදීනුත් අතර පැවති සටන්වලදී ත්රස්තවාදීන් 27ක් මියගොස් තවත් 60ක් තුවාල ලදැයි ආරක්ෂක අංශ පවසයි.
කොටි බංකර රැසකට පහරදී ඒවා විනාශ කර ඇති අතර මෙම සටන්වලදී යුද හමුදාවේද දෙදෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
ති‍්‍රකුණාමලයේ වරායේ නාවික හමුදා කඳවුරු දෙසට පෙරේදා (26) රාති‍්‍රයේ කොටි ගුවන් යානයකින් බෝම්බ හෙළීම නිසා නාවික හමුදාවේ දසදෙනකු තුවාල ලැබූ බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
Comments