වැලිඔය තන්නිමුරිප්පුකුලම් වැව ආශ්රිත ප්රදේශයේ මීටර් 800ක නව ප්රදේශයක් ඊයේ (25) සවස ආරක්ෂක හමුදාව දැඩි සටනකින් පසු අත්පත්කර ගත්තේය.
මෙම සටනේදී කොටි ත්රස්තවාදීන් අට දෙනකු මරාදමා තවත් එකොළොස්දෙනකුට තුවාල සිදුකිරීමට හමුදාව සමත් වී ඇත.
යුද හමුදාවේ 59 වැනි සේනාංකය මේ ජයග්රහණය අත්පත්කරගෙන ඇති අතර ඔවුනට මිය ගිය ත්රස්තවාදීන් දෙදෙනකුගේ සිරුරු ද ටී 56 ගිනි අවියක්ද හමුවී ඇත.
Comments