
කොටින්ගේ බලය විනාශ කරමින් ඉදිරියට ඇදෙන යුද හමුදාවෝ පාලමොඩේයි ගම්මානය සහ උලතුවේලි මුහුදු තීරය ඊයේ (28) සවස සම්පූර්ණයෙන්ම අත්පත් කර ගත්හ. මෙම ගම්මානය සහ මුහුදු තීරය අතපත් කර ගැනීමට කොටි ත‍්‍රස්තවාදීන් සමග දැඩි සටනක නිරත වූ බව භූමියේ භට පිරිස් පවසා තිබේ.
වවුනියාව දිස්ති‍්‍රක්කය තුළ පාලමොඩේයි ගම්මානය පිහිටා ඇති බවත් කොටින්ට මෙම ගැටුමේදී දැඩි හානි සිදු වී ඇති බවත් හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.
කොක්කුතුඩුවායි සිට උතුරු දෙසින් උලතුවේලි මුහුදු තීරය පිහිටා අති අතර මෙය කොටින්ගේ ප‍්‍රබල ප‍්‍රදේශයක්ව පැවැති බව හමුදාව පවසයි. 2 වන කාර්යය සේනාංකය යටතේ මෙහෙයුම්වල නිරත සෙබළුන් අත්පත් කර ගෙන ඇත.
උලතුවේලි මුහුදු තීරයේ කිලෝමීටර් 4 කට වඩා ප‍්‍රමාණයක් අත්පත් කර ගනු ලැබුවේ 59 වැනි සේනාංකයේ භට පිරිස් විසිනි. කොටි ත‍්‍රස්තවාදීන් සහ යුද හමුදාව අතර දරුණු ගැටුම් ඇති වී තිබේ.
Comments