Skip to main content

දිනමිණ ආරක්ෂක පුවත්- 2008/10/01


මාන්කුලම් කොටි ගුවන් පථය යුද හමුදාව අත්පත් කර ගනී

මුලතිව් මාන්කුලම් ප‍්‍රදේශයේ පිහිටි කොටි ත‍්‍රස්තවාදීන් සතු ගුවන් පථයක් ඊයේ (30) දහවල් ආරක්ෂක හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ.

මාන්කුලම් නගරයට වයඹ දෙසින් කිලෝමීටර් 7 ක් නුදුරින් පනික්කාන්කුලම් ප‍්‍රදේශයේ මෙම ගුවන් පථය පිහිටා තිබූ බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා දිනමිණට පැවැසීය.

මෙම ගුවන් පථය මීටර් 500 ක් දිග බවත් යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ විරුවන් විසින් මෙම ගුවන් පථය අත්පත්කරගත් බවත් බි‍්‍රගේඩියර්වරයා පැවැසීය.

ත‍්‍රස්තවාදීන් මීට මාස කීපයකට පෙර මෙම ගුවන් පථය උපයෝගීී කරගෙන සැහැල්ලු ගුවන්යානා ගුවන්ගත කර ඇති බවට විශ්වාස කරයි.

ගුවන් යානාද එම ප‍්‍රදේශය ආශ‍්‍රිතව සඟවා ඇතැයි යුද හමුදාව විශ්වාස කරයි.

මෙම ගුවන් පථය ත‍්‍රස්තවාදීන්ගේ ගුවන් ගමන් පුහුණුවීම් කටයුතු සඳහා යොදාගන්නට ඇති බවද බි‍්‍රගේඩියර්වරයා පැවැසීය.

එම ගුවන් පථය වටේ විශාල ගස් කොළන් වවා තිබූ අතර මෙය කිසිවෙකුට සොයා ගැනීමට නොහැකි අයුරින් පිහිටා තිබී ඇත.


කොටි 47ක් මරුට 52කට තුවාල

කිලිනොච්චි, මුලතිව්, වැලිඔය හා වවුනියාව ප‍්‍රදේශවලදී යුද හමුදා භට පිරිස් හා ත‍්‍රස්තවාදීන් අතර පෙරේදා (29) ඇතිවූ ගැටුම්වලින් කොටි ත‍්‍රස්තවාදීන් 47 ක් මියගොස් 52 කට තුවාල සිදුව තිබේ.

එදින වැලිඔය ආන්දන්කුලමේ දී දෙපිරිස අතර මුහුණට මුහුණ ලා දරුණු ලෙස ගැටුම් හට ගෙන තිබිණි. එහිදී ත‍්‍රස්තවාදීහු 16 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ. තවත් ත‍්‍රස්තවාදීන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට කොටි පණිවිඩ හුවමාරු මගින් අනාවරණය වී ඇත.

වවුනියාව වෙඩම්කුලම් පාලමොඩෙයි හා කාරියාලමොඩෙයි කිලිනොච්චි අක්කරායන්කුලම් හා මුලතිව් වන්නේරිකුලම් යන ප‍්‍රදේශවලදී එදින ඇතිවූ ගැටුම් වලින් ත‍්‍රස්තවාදීන් 36 දෙනකු මියගොස් ඇත.

වැලිඔය හා මුලතිව් හි ඇතිවූ ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් යුද හමුදා සෙබළුන් 6 දෙනකු මියගොස් 19 ක් තුවාල ලබා ඇති බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ ය.

ප‍්‍රහාරවලින් පසු ආන්දන්කුලම් ප‍්‍රදේශයේ කළ සෝදිසියේ දී කොටි ත‍්‍රස්තවාදියෙකුගේ මළ සිරුරක් සහ ආයුධ තොගයක් හමුදාව විසින් සොයා ගෙන තිබේ. ටී. 56 උණ්ඩ දහසකට වැඩි ප‍්‍රමාණයක්, අත්බෝම්බ 07, ක්ලේමෝ බෝම්බ 02, එච්. පී. එම්. ජී. උණ්ඩ 100, මෙලෙස යුද හමුදාව මගින් සොයා ගැනිණි.


ලොරියේ අසුන යට සී-4 පුපුරන ද්‍රව්‍ය

මුදා නොගත් ප‍්‍රදේශ සඳහා ආහාර රැගෙන යෑමට සූදානම් කර තිබූ ලොරියක තිබී සී-4 වර්ගයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 2 1/2 ක් සොයාගත් බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා ප‍්‍රකාශ කරයි.


කොටි නායකයන් රැසක් ශ‍්‍රී ලංකාවෙන් පැන ගිහින්

කොටි සංවිධානයේ සන්නද්ධ අංශ නායකයන් කිහිප දෙනකු හැර සෙසු නායකයන් රැසක් රටින් පලා ගොස් ඇති බවට බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබේ.

කොටි සංවිධානයට නැඟෙනහිර පළාත අහිමි වන විට එහි සිටි නායකයෝ පහළොස් දෙනෙක් පමණ උතුරට පලා ගියහ.

කොටි නායකයෝ විසි පහක් පමණ උතුරේ සිටියහ.

දේශපාලන සන්නද්ධ, බුද්ධි, මුහුදු කොටි, පුහුණු අංශ බාර නායකයන්, කාන්තා අංශ බාර නායිකාවෝ ඇතුළු අංශ ගණනාවකම නායකයෝ විශාල පිරිසක් එහි සිටියහ.

ආරක්ෂක හමුදා කිලිනොච්චි මුලතිව් ප‍්‍රදේශවලට ප‍්‍රහාර එල්ල කිරීමත් සමඟම නායකයන් රැසක් පලා ගොස් ඇති බවට බුද්ධි අංශ වලට තොරතුරු ලැබී තිබේ.

තිලක්, රමනන්, ස්වර්ණන්, ධර්මන්, භානු, කාලිංගම්, නඩමාරන්, රමේෂ් ඇතුළු සන්නද්ධ අංශ නායකයන් තවමත් මුලතිව් රැකගැනීමේ සටනකට සූදානමින් සිටින බවටද තොරතුරු ලැබී ඇත. පලාගොස් ඇත්තේ දේශපාලන හා බුද්ධි අංශ නායකයන් බවද කියති.

ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාවට එක්දහස් පන්සියයක පමණ පිරිසක් යොදවා ඇති බවත් කියැවේ.

මෙම ආරක්ෂකවළල්ල මෙහෙය වන්නේ සුගුණන් නමැති නායකයෙකි.

මේ අතර කිලිනොච්චියේ ඔවුන්ගේ කාර්යාලවල තිබූ බොහෝ දේ පසුගිය සතිය පුරා වෙනත් ප‍්‍රදේශවලට ගෙන ගොස් තිබේ.

කිලිනොච්චියේ සිටි ජනතාවද බලහත්කාරයෙන් මුලතිව් ප‍්‍රදේශයට ගෙන ගොස් ඇත. එහි සිට ආරක්ෂක ප‍්‍රදේශවලට පැන ගැනීමට උත්සාහ කළ පිරිස් වළක්වා ඇති බවත් හෙළිවී ඇත.

කිලිනොච්චිහි තිබූ කොටි උසාවි පොලීසි කොටි කාර්යාල වෙළෙඳ සල් ආදියද වසා දමා ඇති බවත් බුද්ධි අංශ කියා සිටී.


Source

Comments

Popular posts from this blog

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...