Skip to main content

බෝමිබ කොටියා සෙන්පති බදා ගැනීම මරාගෙන මැරෙන තාක්ෂණයේ එක් හෝඩුවාවකි- දිනමිණ- 2008/10/09


උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා හා ඔහුගේ බිරිඳ ඝාතනය සඳහා යොදා ගත් කොටි තාක්ෂණය හා කොටි අභිප‍්‍රායන් යනාදිය පිළිබඳව ටැමිල්නෙට් වෙබ් අඩවියේ යම් යම් හෝඩුවාවන් සපයයි.

පුපුරණ ද්‍රව්‍ය අටවාගත් මරාගෙන මැරෙන බෝම්බකරුවකු හිටපු යුද හමුදා අණදෙන නිලධාරියාව වැළඳ ගැනීමෙන් පසු එම නිලධාරියා ඇතුළු තවත් කීප දෙනෙක් ඝාතනයට ලක් වූහ. මේ ටැමිල්නෙට් වෙබ් අඩවිය මගින් සුපුරුදු කොටි තාක්ෂණය සම්බන්ධයෙන් පැහැදිලිව දක්වන ප‍්‍රථම හෝඩුවාවයි. බි‍්‍රතාන්‍ය ගුවන් විදුලියේ දිල්ලි නියෝජිත කි‍්‍රස් මොරිස් මෙය තහවුරු කර ඇත. මරාගෙන මැරීමේ කලාව ඉලක්කය නිවැරැදිව සපුරා ගැනීමේ ක‍්‍රමවේදයකි. ‘ටැමිල් නෙට්’ වෙබ් අඩවියේ සඳහන් පරිදි මෙහිදී මරාගෙන මැරෙන බෝම්බකරු ජානක පෙරේරා මහතා වැළඳ ගැනීමෙන් පසු බෝම්බය පුපුරා හැරීම නිසා අනුරාධපුර එජාප ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් සිටි ජනතාව අතුරින් සාමාන්‍ය වැසියන් විසි දෙදෙනෙක් ඝාතනයට ලක් වුහ. මෙම ‘මිනිස් බෝම්බ’ දමිළ කොටින් විසින් පමණක් නිපදවනු ලබයි. ස්වකීය ඉලක්කය සපුරා ගැනීමේ කාර්යය සඳහා කලු කොටි අතුරින් විශේෂයෙන් තෝරා ගත් එහි ‘අරටුව‘ වැනි කොටස් වලට මේ මරාගෙන මැරෙන පුහුණුව ලබා දෙනු ලැබේ. රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීම සඳහා යොදා ගන්නා ලද්දේද මෙම සුවිශේෂ තාක්‍ෂණයයි.

අණ දෙන නිලධාරියා

මල් මාලාවක් පැළැඳවීමේ මුවාවෙන් කලු කොටි ගැහැණියක් රජිව් ගාන්ධි මහතාට ලංවී, ස්වකීය සිරුරෙහි රඳවාගෙන තිබූ බෝම්බය පුපුරවා හැරීය. කොළ පාට කමිසයක් ඇඳ සිටි දමිල බෝම්බ කරුවා තමා කවුරුන් ද යන්න පිළිබඳව සැක පහලවීමට ඉඩ නොතබා බෝම්බය පුපුරවා හැරීමට පෙර ජානක පෙරේරා මහතා වැළඳ ගනු ලැබීය.

තෙවන ඊළාම් යුද්ධයේදී යාපනය සහ මානලආරු (වැලිඔය) ප‍්‍රදේශයන්හිදී මේජර් ජනරාල් ජානක පෙරේරා සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළේය. යාපනයේ ශ‍්‍රී ලංකා යුද හමුදා බල ඇණි වල ප‍්‍රධාන අණ දෙන නිලධාරියා වශයෙන් ඔහු කි‍්‍රයා කළ අවධියේදී දමිළ ජාතිකයින් 600 කට අධික සංඛ්‍යාවක් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලදී.

1984 දී ශ‍්‍රී ලංකා යුද හමුදාව මානල ආරු කලාපයේ මන්කින්දිමලෙයි ගමේ පදිංචිව සිටි දෙමළවැසියන් ඉවත් කර එහි සිංහල ජනපද ආරම්භ කිරීමෙන් පසු එම ගම ජානක පුර වශයෙන් නම් කරන ලදී. එවකට බි‍්‍රගේඩියර් වරයකුව සිටි ජානක පෙරේරා ජානක පුර ප‍්‍රධාන කඳවුරක් පිහිටූ අතර දෙවසරක කාලයක් ඔහු ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ සේවා අණදෙන නිලධාරී වශයෙන් පත්කරන ලදී. ‘ටැමිල් නෙට්’ වෙබ් අඩවිය මගින් ජානක පෙරේරා ඝාතන චේතනාව අඟවන තවත් ඉඟියකි. එසේම මෙය දමිළ ජාතිකයින් 600 ක් මරා දෙමළ ගම් සිංහල ගම් බවට හැරවූ පුද්ගලයා මොහුය. අපිට (කොටින්ට) ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් එල්ල වන චෝදනා සහ හෙලා දැකීම් වලින් බේරීමේ අරමුණින් මේජර් ජනරාල් ජානක පෙරේරා

ජානක පෙරේරාට එරෙහිව

මහතාට විරුද්ධව ප‍්‍රචාරය කිරීම සඳහා ලෝපූරා වෙසෙන දමිළ ජනතාව වෙත නිකුත් කරන පණිවිඩයකි. ජානක පෙරේරා මහතා මහ කොමසාරිස් වශයෙන් පත්වූ අවස්ථාවේදීද ඕස්ටේ‍්‍රලියානු දමිළ ප‍්‍රජාව ප‍්‍රචාරය කර හැරියේ මෙබඳුම ගුවන්විදුලි පණිවිඩයකි.

කොටින්ගේ තවත් චේතනාවක් මෙසේය. කොටින් තමන්ට තර්ජනයක් වූ හෝ බැටදුන් කිසිවකුට කෙදිනක හෝ සමාවක් දුන්නේ නැත. රජිව් ගාන්ධි, ජනාධිපති, රණසිංහ පෙ‍්‍ර්මදාස ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක යන සියලු දෙනාම වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ දේශපාලන බලයට තර්ජනයක් වූහ. එසේම ඔවුන් ප‍්‍රභාකරන්ගේ දේශපාලන හමුදාමය අභිලාෂයන් පරදාලීම හෝ අකර්මන්‍ය කිරීමේලා උපකාරක වූහ. නිරන්තරයෙන් නිසි මොහොත පැමිණෙන තෙක් අවධානයෙන් සිටි ප‍්‍රභාකරන් අවස්ථාව ලද විගස එකිනෙකා ඝාතනය කළේය.

සමාව නොදීම

මෙම ඝාතන තුළින් පැහැදිලි රටාවක් පිළිබිඹු වේ. කොටි හමුදා නිලධාරියෙකු ඉලක්ක කරගත් ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. ලේෆ්ටිනන් ජෙනරල් ලකී අල්ගම මහතා කොටින්ගේ ඝාතනයට ලක්වූ ප‍්‍රථම උසස් හමුදා නිලධාරියෙකි. ඔහු කොටින්ට එරෙහිව සටන් වැද නැගෙනහිර ප‍්‍රදේශයෙන් කොටි සහමුලින්ම ඉවත් කිරීමට සමත් විය. නැගෙනහිරදී ඔවුන්ට ඇතිවූ අන්ත පරාජය නිසා කොටින්ගෙන් ඔහුට කෙදිනක හෝ සමාවක් නොලැබුණි.

ලකී අල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමත් සමගම කොටි මෙතෙක් බලා සිටි උචිතම මොහොත උදාවිය. මැතිවරණ රැස්වීමකට සහභාගිවීම සඳහා ස්වකීය නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පැමිණීම අපේක්ෂාවෙන් ලකී අල්ගම මහතා සිටි මුත් වික‍්‍රමසිංහ මහතා පැමිණෙන විට කල්වේලා ඉක්ම ගොස් තිබුණි.

දොරවල් විවෘත කිරීම

කල්වේලා ඇතිව පැමිණි සිටි බෝම්බකරු අල්ගම මහතා අසලදී බෝම්බය පුපුරවා ඔහු ඝාතනය කළේය. හමුදා විශ‍්‍රාමයෙන් පසු ජානක පෙරේරා මහතාටද මුහුණ දීමට සිදු වූයේ එබඳුම ඉරණමකටය. ඔහුද එජාපයට සම්බන්ධ වූ අතර එහි නායකත්වය හෝ දෙවනුව ආරක්ෂක අමාත්‍යධුරය ඔහුගේ අරමුණ විය.

ජානක පෙරේරා මහතා වැළඳ ගැනීමට පෙර එජාප පාක්ෂිකයෙකු ලෙස සැරසී පැමිණි බෝම්බ කරු සාමාන්‍ය ජනතාව අතර මුහු වෙමින් සිටි බව කොළඹ අයිපීඑස් පුවත් සේවාව විසින් සපයන ලද වාර්තාව මගින් අවධාරණය කෙරිණි.අනුරාධපුර එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී එජාප සංවිධායකයින් බෝම්බකරු ඇතුලු කොයි කාටත් ඇතුල් විය හැකි පරිදි දොරවල් විවෘත කර තිබුණි. ලකී අල්ගම සහ ජානක පෙරේරා යන දෙදෙනාගෙන් කවරකු හෝ දේශපාලන වශයෙන් ජයග‍්‍රහණය කළ හොත් එය ප‍්‍රභාකරන්ට තර්ජනයක් විය හැකි බැවින් කොටි ඔවුන් දෙපළ ඝාතනය කළහ. දකුණු ඉන්දියාවේ මැතිවරණ රැස්වීමකදී කොටි විසින් රජිව් ගාන්ධි මහතා ඝාතනය කරනු ලැබුවෙද එම අරමුණ පෙරදැරි කරගෙනය. මැයි දින රැලියකදී අනාරක්ෂිතව සිටි මොහොතක කොටි ජනාධිපති පෙ‍්‍ර්මදාස මහතා ඝාතනය කළහ. එසේම මැතිවරණ කටයුතු වල නිරතව සිටියදී කොටි ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණි දිසානායක මහතුන් ඝාතනය කළහ.

ලකී අල්ගම සහ ජානක පෙරේරා ඝාතනය වූ අවස්ථා දෙකේදීම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නොසිටීම අවධානයට ලක් විය යුතු කරුණකි. මෙම කීර්තිමත් හමුදා නිලධාරීන් දෙදෙනා ප‍්‍රභාකරන්ට පමණක් නොව රනිල් වික‍්‍රමසිංහ මහතාටද තර්ජනයක් විය. තම නායකත්වය අහිමි වේදෝයි සහ කොටින්ට ගොදුරක් වේදෝයි යන මරණ බියෙන් වික‍්‍රමසිංහ මහතා පසුවන බව නොරහසකි.

එජාපයේ කෘතහස්ත නායකයන් කොටි විනාශ කළහ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු තමනට තර්ජනයක් වන කෙනෙකු ඝාතනය කිරීමට කොටි පසු බට වූයේ නැත. ඔවුන්ගෙන් මෙතෙක් දිවි ගලවා ගෙන ඇත්තේ වික‍්‍රමසිංහ මහතා පමණි. එජාපයට බැඳීමෙන් පසු මෙම ජනප‍්‍රිය හමුදා නිලධාරීන් දෙදෙනා ඝාතනය වීම වික‍්‍රමසිංහ මහතාට ගජ වාසියකි. ඒ ඔවුන්ගෙන් දැන් තර්ජනයක් නොමැති බැවිනි.

කෘතහස්ත නායකයන්

එජාප ප‍්‍රකාශකයින් දෙදෙනා දැන් රජය කෙරෙහි කාගේත් අවධානය යොමු කිරීමට තැත් කිරීම පුදුමයක් නොවේ. එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මාධ්‍යයට මෙසේ පවසා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ජානක පෙරේරාට ඇති තර්ජන පිළිබඳ පෞද්ගලිකවම දැනුම් දී තිබීම නිසා රජය තර්ජන සම්බන්ධයෙන් හොඳින් දැන සිටියේය. ඝාතනයට දවස් කීපයකට පෙර රජය අනුරාධපුර ප‍්‍රදේශයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබුණි. එසේ නම් මරාගෙන මැරෙන බෝම්බකරු එහි සිටියේ කෙසේද ?.

අත්තනායක මහතා විසින් මතුකර ඇති ප‍්‍රශ්නය ප‍්‍රධාන විපක්ෂයක මහ ලේකම් තනතුරට තරම් නොවන හුදු බොළඳ හා බුද්ධිහීන එකක් ලෙස බොහෝ දේශපාලන මුලාශ‍්‍ර විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

එජාපයේ ප‍්‍රසිද්ධ රැස්වීමකට මරාගෙන මැරෙන බෝම්බකරුවකු පැමිණියේ කෙසේද යන්න ඔහුගේ ප‍්‍රශ්නයයි. එය සැබවින්ම එජාප රැස්වීමක් බැවින් එයට ආරක්ෂාව සැලසීම එජාපයේ වගකීමයි. ආරාධිතයින් පරීක්ෂාවට ලක්කිරීම, එජාප ආරක්ෂක නිලධාරීන් විසින් ඉටු කළ යුතුව තිබුණි. අත්තනායක මහතා පවසන පරිදි තර්ජනයක් ගැන පොලීසිය අනතුරු අඟවා තිබී නම් ජානක පෙරේරා මහතා ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතික පාක්ෂිකයින් විසින් ප‍්‍රාථමික වශයෙන් හෝ යම් කාර්ය භාරයක් ඉටු කළ යුතුව තිබුණා නොවේද ?.

තවද එජාප සුපිරි නායකත්වය විනාශ කරන ලද්දේ කොටින් විසින්ය යන කාරණය ගැන සැළකිලිමත් වීමේදී මහලේකම් වරයා විසින් මතුකර ඇත්තේ හුදු බොළඳ ප‍්‍රශ්නයක් බව නම් පැහැදිලිය. දැඩි ආරක්ෂාවක් සලසා තිබූ අයගෙන් කීප දෙනෙක් වන ජනාධිපති පෙ‍්‍ර්මදාස ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක සහ ලක්ෂ්මන් කදිරගාමර් යන මහතුන් ඝාතනය කරන ලද්දේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු බැවින් ‘බෝම්බකරුවා සිටියේ කොහේද’ යන ප‍්‍රශ්නයට අත්තනායක මහතාගේ පිළිතුර කුමක්ද ? එක්සත් ජාතික පක්ෂ නායකත්වය විනාශ කරන ලද්දේද කොටි බෝම්බකරුවන් විසින් බව ඔහු දනී. ඒ ගැන ඔහු පවසන්නේ කුමක්ද ? චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිනියව සිටියදී ඇයව ඝාතනය කිරීමට උත්සාහ කරන ලද්දේද කොටි ොබ්ම්බකරුවකු බැවින් ඒ ගැන ඔහුට පැවසීමට ඇත්තේ කුමක්ද ?.

මාධ්‍ය වෙත

ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ජෝන් අමරතුංග මහතා මාධ්‍යය වෙත පවසා තිබුණි. දේශපාලකයෙකු වශයෙන් ඔහුගේ ඉදිරි ගමන නවතාලීම අවශ්‍ය වූ කිසියම් කෙනෙකු මෙහි පිටුපස සිටින බව පෙනේ. යයි අයිපීඑස් පුවත් සේවය වාර්තා කර තිබුණි. කොටි එජාප නායකත්වය බුරුතු පිටින් ඝාතනය කළ බව ඇස් පනාපිට දැකීමෙන් පසුවත් ස්වකීය විරුද්ධවාදීන් ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහි කරනු ලබන දේශපාලනසංවිධානය කුමක්ද යන්න පිළිබඳව වැටහීමක් නොමැත්තේ නම් එක්කෝ ඔහු තම ඇස් කන්නාඩිය මාරු කළ යුතුයි, එසේ නොමැති නම් මහලු මඩමක සරණ පැතීම උචිතය.

රජයට දොස් පැවරීමේ මෙම දේශපාලන ප‍්‍රයෝගය තවදුරටත් ඉදිරියට කරගෙන යන්නේ නම් අත්තනායක සහ අමරතුංග යන දෙපළ වෙතින් ජානක පෙරේරා මහතා ඇතුළු දේශපාලන ඝාතන වලට ලක්වූ එජාප නායකයින්ට එරෙහිව සිදු කරනු ලබන්නේ විශාල අනර්ථයක් බව නොකිව මනාය. අනෙක් අතට ඔවුන් නිවැරැදි නම් එවිට කොටි නායකත්වයට එරෙහිව යොදා ගත හැකි මාරක ආයුධය නිපදවීම සම්බන්ධයෙන් රජයට ප‍්‍රශංසා කළ යුතුයි.

ජානක පෙරේරා මහතා වෙත ආරක්ෂාව සලසා දුන් බවත් ආරක්ෂාව සඳහා ලබාදුන් නිලධාරීන් හත් දෙනා ඔහු විසින් ප‍්‍රතික්ෂේප කළ බවත් දෙදෙනාටම අමතක වී ඇත. තමාගේ ආරක්ෂාව තමාටම සලසා ගත හැකි යයි ජානක පෙරේරා මහතා පැවසීය. එසේ නම් ඔහුට ආරක්ෂාව සැලසීම එජාපයේ වගකීම විය.

මෙම කරුණ දේශපාලනීකරණය කිරීමට ප‍්‍රයත්න දැරීම එජාපයේ ඉතාමත් පහත් කි‍්‍රයාවකි.

‘ද මෝනිංලීඩර්’ එජාප හොරණෑව කුණු රොදක් වමනය කිරීම පුදුමයට කරුණක් නොවනු ඇත. විකෘති ප‍්‍රචාරය තුළින් වාසි ලබාගැනීම සඳහා වික‍්‍රමසිංහ මහතා නිරන්තරයෙන් වැදගැම්මක් නැති දේශපාලනයෙහි නිරත වෙයි. කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් වැඩියෙන්ම බැට කා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. රටට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට බලවත් තර්ජනයක් වී ඇති කොටි ත‍්‍රස්තවාදය සදහටම විනාශ කරලීම සඳහා රජය සමග අත්වැල් බැඳගෙන කි‍්‍රයා කිරීමේ මොහොත දැන් උදාවී ඇති බව එක්සත් ජාතික පක්ෂය වටහා ගත යුතුයි.

එච්. එල්. ඩී. මහින්දපාල

Source

Comments

Popular posts from this blog

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...

When Berachain Meets AI: 9 Projects Riding the Next Big Wave

Artificial Intelligence (AI) and blockchain are arguably two of the hottest narratives in tech today. With Berachain's mainnet launch just around the corner, combining AI with this innovative blockchain opens up exciting possibilities. In this article, we'll dive into nine AI-driven projects on Berachain, each offering unique use cases and solutions. Baosdotfun 1. Baosdotfun: The Launchpad for AI DAOs Baosdotfun acts as an incubator for AI-driven DAOs, focusing on areas like yield farming and trading strategies. Their "DAO seasons" introduce new AI agents every few months, providing fresh opportunities for users. Key features: Supports multiple AI agents. Focus on decentralized autonomous organizations (DAOs). Official Links: Baosdotfun Website Baosdotfun on Twitter Beradigm 2. Beradigm: Maximizing BGT Farming Beradigm specializes in yield farming to accumulate BGT, a governance token central to Berachain's ecosystem. Using AI, Beradigm optimizes farming strategie...

5 Costly Crypto Investing Mistakes to Avoid in Choppy Markets

Crypto markets can be a wild ride, with exhilarating highs often followed by gut-wrenching lows. Many investors see massive gains during bullish trends only to watch them evaporate in sideways or bearish phases. The key to preserving your portfolio lies in avoiding common pitfalls that trap even seasoned traders. This article dives into five critical mistakes crypto investors make in choppy markets and offers actionable strategies to steer clear of them. Whether you're a beginner or a veteran, these insights will help you navigate the volatile crypto landscape with discipline and confidence. The Perils of Slow Decision-Making In crypto, hesitation can be costly. Opportunities often arise from compelling setups — whether it's a promising chart pattern, a groundbreaking technological innovation, or strong on-chain signals like whale wallet activity. However, in dull or sideways markets, investors often become lethargic, missing the window to act. By the time social media buzz ign...