Skip to main content

ප‍්‍රධාන සැපයුම් මාර්ග කොටින්ට අහිමි වේ නච්චිකුඩා-ජයපුරම්-අක්කරායන්කුලම් සම්පූර්ණ බලය හමුදා සේනාංක අතේ- දිනමිණ- 2008/10/30



චන්ද්‍රිකා පෙරේරා, භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස් සහ මහින්ද කුලතුංග සහ වෙල්ලස්සේ බණ්ඩාර

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් ගේ උතුරේ ප‍්‍රධානතම බළකොටුවක් වූ නච්චිකුඩා ප‍්‍රදේශයේත් ජයපුරම් ගම්මානයේ සහ අක්කරායන්කුලම් කොටි ආරක්ෂක බැම්මේ බලය මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඊයේ (29) සවස් වනවිට ආරක්ෂක හමුදාවෝ සමත් වූහ.

මෙම ප‍්‍රදේශ ආරක්ෂක හමුදාව අත්පත් කර ගැනීමත් සමඟ කොටින්ගේ සියලු සැපයුම් මාර්ග ඔවුනට අහිමි වී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙම ප‍්‍රදේශවල බලය තහවුරු කර ගැනීමට සති ගණනාවක් තිස්සේ ගැටුම් පැවැතිණි.

කොටි ත‍්‍රස්තවාදීන්ගේ කිළිනොච්චියට භාණ්ඩ ප‍්‍රවාහනය කරන ප‍්‍රධාන සැපයුම් මාර්ගය වැටී ඇති ජයපුරම් ගම්මානය අත්පත් කර ගැනීම ඊයේ පෙරවරුවේදී සිදුකෙරිණි. කොටි ත‍්‍රස්තවාදීන්ගේ නච්චිකුඩා ඉදිරි ආරක්ෂක වළල්ල ඊයේ (19) සවස වනවිට සම්පූර්ණයෙන්ම ආරක්ෂක හමුදාව අත්පත් කර ගත්තේය.

යුද හමුදාවේ 58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ෂවීන්ද්‍ර සිල්වා මහතාගේ නායකත්වයෙන් මෙම ඉදිරි ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම තම අණසක යටතට ගෙන තිබේ.

නච්චිකුඩා ප‍්‍රදේශයේ සති ගණනාවක සිට ඉතාමත් දරුණු ගැටුම් පැවැති අතර මෙම ඉදිරි ආරක්ෂක වළල්ල ආරක්ෂා කැර ගැනීමට කොටි උපරිම උත්සාහ දරා ඇත.

කොටින්ගේ ඉතා වැදගත් මර්මස්ථානයක් වූ නච්චිකුඩා ප‍්‍රදේශය හමුදාව අතට පත්වීමෙන් පසුව කොටින්ගේ සියලු සැපයීම් මාර්ග ඇහිරී ගොස් තිබේ.

නැඟෙනහිර කිළිනොච්චියටත්, පුනරින් මාර්ගයේ බටහිර කොටසටත් මායිම්ව පිහිටි නච්චිකුඩා ඉදිරි ආරක්ෂක වළල්ල බිඳවැටීමෙන් පසුව කොටින්ට මෙතෙක් පැවැති එකම සැපයුම් මාර්ගය ද අහිමිවී ඇත.මේ අතර කොටි ත‍්‍රස්තවාදීන් කිලිනොච්චියට භාණ්ඩ ප‍්‍රවාහනය කරනු ලබන ප‍්‍රධාන සැපයුම් මාර්ගය වැටී ඇති ‘ජයපුරම්’ ගම්මානය ද අත්පත් කර ගැනීමට පළමුවැනි කාර්ය සාධක සේනාංකය ඊයේ (29) පෙරවරුවේ සමත් විය.

මෙම ගම්මානයේ වෙසෙන ජනතාවගේ ප‍්‍රමාණය උතුරේ ඇති අනෙකුත් ගම්මාන සමඟ සැසඳීමේ දී කිලිනොච්චියේ වෙසෙන සිවිල් ජනගහනයට පමණක් දෙවැනි වන අතර නිවාස ඇතුළු ගොඩනැඟිලි විශාල ප‍්‍රමාණයක් එහි ඇති බව ආරක්ෂක අංශ පවසයි.

කිලිනොච්චියේ ප‍්‍රදේශ ගණනාවක් මේ වනවිට ආරක්ෂක අංශවලට නතුව තිබේ. කිලිනොච්චි නගරය අත්පත්කැර ගැනීමට තවත් කිලෝමීටර් එකහමාරක පමණ දුර ප‍්‍රමාණයක් ඉදිරියට ගමන් කළ යුතු බව යුද හමුදාව කියයි.

ජයපුරම් ගම්මානය නච්චිකුඩා සිට ඊසාන දෙසින් පිහිටි ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ ඇතිවූ ගැටුම් හා ත‍්‍රස්තවාදී බලපෑම් හේතුවෙන් එම ගම්මානයේ වැසියන් පලාගොස් ඇති බව ආරක්ෂක අංශ සඳහන් කෙළේය. මෙම ගම්මානය හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ ත‍්‍රස්තවාදීන් කිලිනොච්චි හා ඒ – නවය මාර්ගය වෙත විවිධ දේ ප‍්‍රවාහනය කර ඇති අතර එම මාර්ගය මෙම අත්පත්කර ගැනීම හේතුවෙන් ත‍්‍රස්තවාදීන්ට අහිමිව ඇති බව ආරක්ෂක අංශ වැඩිදුරටත් කියයි. දෙවැනි කාර්ය සාධක සේනාංකය ඒ – නවය මාර්ගය දෙසින් ද 58 සේනාංකය තුනුක්කායි හරහාද කිලිනොච්චි වෙත ඇතුළු වී බලය තහවුරු කරමින් සිටින අතර 59 වැනි සේනාංකයේ භට පිරිස් වැලිඔය අන්දන්කුලම් දෙසින් මුලතිව් වෙතට ඇතුළු වී එහි බලය තහවුරු කරමින් ඉදිරියට ගමන් කරයි.

Source

Comments

Popular posts from this blog

דף הבית | הטכניון - מכון טכנולוגי לישראל

https://technion.ac.il http://library.technion.ac.il/he https://www.technion.ac.il/%D7%A8%D7%A9%D7%99%D7%9E%D7%AA-%D7%94%D7%A4%D7%A7%D7%95%D7%9C%D7%98%D7%95%D7%AA-2/ http://www.admin.technion.ac.il/dpcalendar/ https://www.technion.ac.il/%D7%94%D7%A0%D7%94%D7%9C%D7%94-%D7%91%D7%9B%D7%99%D7%A8%D7%94/ https://www.technion.ac.il/%D7%A1%D7%9E%D7%99%D7%A0%D7%A8%D7%99%D7%9D/ https://dean.web.technion.ac.il/%D7%A7%D7%9E%D7%A4%D7%95%D7%A1-%D7%AA%D7%95%D7%A1%D7%A1/ http://www.dmag.co.il/pub/technion/tmag.html http://moodle.technion.ac.il/ https://tender-logistics.web3.technion.ac.il http://cis.technion.ac.il/ http://video.technion.ac.il/ https://portal.technion.ac.il/irj/portal https://www.technion.ac.il/ https://www.technion.ac.il/en/home-2/ http://arabic.net.technion.ac.il https://www.technion.ac.il/%d7%97%d7%96%d7%95%d7%9f-%d7%94%d7%98%d7%9b%d7%a0%d7%99%d7%95%d7%9f/ https://www.technion.ac.il/%d7%94%d7%99%d7%a1%d7%98%d7%95%d7%a8%d7%99%d7%99%d7%aa-%d7%94%d7%98%d7%9b%d7%a0%d7%99%d7%95%d7%9f/ ht

Gu Energy Gel for Sale

Get Gu Energy Gel Here - https://bit.ly/3f97Wvz _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Top 12 Highest Paying URL Shortener 2019: Best URL Shortener to Earn Money

Short.pe Short.pe is one of the most trusted sites from our top 30 highest paying URL shorteners.It pays on time.intrusting thing is that same visitor can click on your shorten link multiple times.You can earn by sign up and shorten your long URL.You just have to paste that URL to somewhere. You can paste it into your website, blog, or social media networking sites.They offer $5 for every 1000 views.You can also earn 20% referral commission from this site.Their minimum payout amount is only $1.You can withdraw from Paypal, Payza, and Payoneer. The payout for 1000 views-$5 Minimum payout-$1 Referral commission-20% for lifetime Payment methods-Paypal, Payza, and Payoneer Payment time-on daily basis Short.am Short.am provides a big opportunity for earning money by shortening links. It is a rapidly growing URL Shortening Service. You simply need to sign up and start shrinking links. You can share the shortened links across the web, on your webpage, Twitter, Facebook, and more. Short