Skip to main content

ප‍්‍රධාන සැපයුම් මාර්ග කොටින්ට අහිමි වේ නච්චිකුඩා-ජයපුරම්-අක්කරායන්කුලම් සම්පූර්ණ බලය හමුදා සේනාංක අතේ- දිනමිණ- 2008/10/30



චන්ද්‍රිකා පෙරේරා, භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස් සහ මහින්ද කුලතුංග සහ වෙල්ලස්සේ බණ්ඩාර

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් ගේ උතුරේ ප‍්‍රධානතම බළකොටුවක් වූ නච්චිකුඩා ප‍්‍රදේශයේත් ජයපුරම් ගම්මානයේ සහ අක්කරායන්කුලම් කොටි ආරක්ෂක බැම්මේ බලය මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඊයේ (29) සවස් වනවිට ආරක්ෂක හමුදාවෝ සමත් වූහ.

මෙම ප‍්‍රදේශ ආරක්ෂක හමුදාව අත්පත් කර ගැනීමත් සමඟ කොටින්ගේ සියලු සැපයුම් මාර්ග ඔවුනට අහිමි වී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙම ප‍්‍රදේශවල බලය තහවුරු කර ගැනීමට සති ගණනාවක් තිස්සේ ගැටුම් පැවැතිණි.

කොටි ත‍්‍රස්තවාදීන්ගේ කිළිනොච්චියට භාණ්ඩ ප‍්‍රවාහනය කරන ප‍්‍රධාන සැපයුම් මාර්ගය වැටී ඇති ජයපුරම් ගම්මානය අත්පත් කර ගැනීම ඊයේ පෙරවරුවේදී සිදුකෙරිණි. කොටි ත‍්‍රස්තවාදීන්ගේ නච්චිකුඩා ඉදිරි ආරක්ෂක වළල්ල ඊයේ (19) සවස වනවිට සම්පූර්ණයෙන්ම ආරක්ෂක හමුදාව අත්පත් කර ගත්තේය.

යුද හමුදාවේ 58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ෂවීන්ද්‍ර සිල්වා මහතාගේ නායකත්වයෙන් මෙම ඉදිරි ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම තම අණසක යටතට ගෙන තිබේ.

නච්චිකුඩා ප‍්‍රදේශයේ සති ගණනාවක සිට ඉතාමත් දරුණු ගැටුම් පැවැති අතර මෙම ඉදිරි ආරක්ෂක වළල්ල ආරක්ෂා කැර ගැනීමට කොටි උපරිම උත්සාහ දරා ඇත.

කොටින්ගේ ඉතා වැදගත් මර්මස්ථානයක් වූ නච්චිකුඩා ප‍්‍රදේශය හමුදාව අතට පත්වීමෙන් පසුව කොටින්ගේ සියලු සැපයීම් මාර්ග ඇහිරී ගොස් තිබේ.

නැඟෙනහිර කිළිනොච්චියටත්, පුනරින් මාර්ගයේ බටහිර කොටසටත් මායිම්ව පිහිටි නච්චිකුඩා ඉදිරි ආරක්ෂක වළල්ල බිඳවැටීමෙන් පසුව කොටින්ට මෙතෙක් පැවැති එකම සැපයුම් මාර්ගය ද අහිමිවී ඇත.මේ අතර කොටි ත‍්‍රස්තවාදීන් කිලිනොච්චියට භාණ්ඩ ප‍්‍රවාහනය කරනු ලබන ප‍්‍රධාන සැපයුම් මාර්ගය වැටී ඇති ‘ජයපුරම්’ ගම්මානය ද අත්පත් කර ගැනීමට පළමුවැනි කාර්ය සාධක සේනාංකය ඊයේ (29) පෙරවරුවේ සමත් විය.

මෙම ගම්මානයේ වෙසෙන ජනතාවගේ ප‍්‍රමාණය උතුරේ ඇති අනෙකුත් ගම්මාන සමඟ සැසඳීමේ දී කිලිනොච්චියේ වෙසෙන සිවිල් ජනගහනයට පමණක් දෙවැනි වන අතර නිවාස ඇතුළු ගොඩනැඟිලි විශාල ප‍්‍රමාණයක් එහි ඇති බව ආරක්ෂක අංශ පවසයි.

කිලිනොච්චියේ ප‍්‍රදේශ ගණනාවක් මේ වනවිට ආරක්ෂක අංශවලට නතුව තිබේ. කිලිනොච්චි නගරය අත්පත්කැර ගැනීමට තවත් කිලෝමීටර් එකහමාරක පමණ දුර ප‍්‍රමාණයක් ඉදිරියට ගමන් කළ යුතු බව යුද හමුදාව කියයි.

ජයපුරම් ගම්මානය නච්චිකුඩා සිට ඊසාන දෙසින් පිහිටි ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ ඇතිවූ ගැටුම් හා ත‍්‍රස්තවාදී බලපෑම් හේතුවෙන් එම ගම්මානයේ වැසියන් පලාගොස් ඇති බව ආරක්ෂක අංශ සඳහන් කෙළේය. මෙම ගම්මානය හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ ත‍්‍රස්තවාදීන් කිලිනොච්චි හා ඒ – නවය මාර්ගය වෙත විවිධ දේ ප‍්‍රවාහනය කර ඇති අතර එම මාර්ගය මෙම අත්පත්කර ගැනීම හේතුවෙන් ත‍්‍රස්තවාදීන්ට අහිමිව ඇති බව ආරක්ෂක අංශ වැඩිදුරටත් කියයි. දෙවැනි කාර්ය සාධක සේනාංකය ඒ – නවය මාර්ගය දෙසින් ද 58 සේනාංකය තුනුක්කායි හරහාද කිලිනොච්චි වෙත ඇතුළු වී බලය තහවුරු කරමින් සිටින අතර 59 වැනි සේනාංකයේ භට පිරිස් වැලිඔය අන්දන්කුලම් දෙසින් මුලතිව් වෙතට ඇතුළු වී එහි බලය තහවුරු කරමින් ඉදිරියට ගමන් කරයි.

Source

Comments

Popular posts from this blog

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...