Skip to main content

කිලිනොච්චි මෙහෙයුම තීරණාත්මක මොහොතක-දිනමිණ- 2008/10/13





සිව්වැනි ඊලාම් යුද්ධය තමන් ජයග‍්‍රහණය කරන බව ප‍්‍රකාශ කළ ප‍්‍රභාකරන් මේ වන විට අන්ත පරාජයකට ලක් වී සිටී. යුද හමුදා ප‍්‍රහාර හමුවේ පලා යාම මිස ගත හැකි වෙනත් පියවරක් කොටි ත‍්‍රස්තවාදීන්ට ඉතිරිව නොමැත.

නොයෙක් ත‍්‍රස්තකි‍්‍රයා සිදු කරමින් දකුණේ ජනතාව අතර මත භේද ඇති කිරීමටද සිව්වැනි ඊලාම් යුද්ධයෙන් ප‍්‍රභාකරන් උත්සහ දැරුවේය. එහෙත් දමිළ සිංහල මුස්ලිම් ජනයා අතර මේ වන විට මහත් අවබෝධයක් ඇති වී හමාරය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ රජය සහ ආරක්ෂක අංශ සිදු කළ නොයෙක් කි‍්‍රයාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට සිවිල් වැසියන් අතර විශාල අවබෝධයක් ඇති වී තිබේ.

ජාති භේදයකින් තොරව කොටි ත‍්‍රස්තවාදීන් විනාශ කිරීම සඳහා වූ රජයේ සෑම කි‍්‍රයා මාර්ගයකටම සිවිල් ජනතාව සහයෝගය ලබා දෙයි. මෙහිදී සිවිල් ජනතාව ආරක්ෂක අංශ වෙත දක්වන සහයෝගයද සිහි කළ යුතුය.

සටන් බිම මේ මොහොත වන විට තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබේ. රජයේ හමුදාවෝ කුමන මොහොතේ කිලිනොච්චිය අත්පත් කර ගන්නේද යන්න පිළිබඳ ලක් වැසියන් මෙන්ම ලෝක ප‍්‍රජාවද නෙත් යොමා සිටිති.

කොටි කිලිනොච්චිය රැක ගැනීමට සිය උපරිම ශක්තිය යොදවා ඇතැත් හමුදාවෝ සියලු බාධක ජය ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටිති.

බොරලැස්ගමුව වේරහැර පිරිවෙන හන්දිය අසලදී ඉකුත් 9 වනදා දහවල් 1.15 ට පමණ කොටි සංවිධානය මරාගෙන මැරෙන කාන්තාවක් යොදා ගනිමින් එල්ල කළ ප‍්‍රහාරය අසාර්ථක විය. මෙහිදී කොටින්ගේ ඉලක්කය වූයේ කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතායි.

ඇමැති මෛති‍්‍රපාල ඉලක්ක කළ මරාගෙන මැරෙන බෝම්බකාරිය

මෛති‍්‍රපාල ඇමැතිවරයා ගමන් ගත් රථ පෙළ ඉලක්ක කරමින් කොටි මරාගෙන මැරෙන කාන්තාව ප‍්‍රහාරය එල්ල කළාය. එහෙත් මේ ප‍්‍රහාරයෙන් ඇමැතිවරයාගේ ජීවිතය අනූනවයෙන් බේරී ගියේය.

‘අපි වවමු රට නඟමු’ දේශීය ආහාර නිෂ්පාදන දිරිගැන්වීමේ ජාතික මෙහෙයුම 2007 – 2010 පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික උළෙල ට සහභාගි වී එය නිමා වී නැවත කොළඹ බලා එමින් සිටින අවස්ථාවේ ඇමැතිවරයා මෙලෙස කොටි කාන්තාවගේ ඉලක්කය විය.

බණ්ඩාරගම කඹුරුගොඩ බොලබොටුව යායේදී උත්සවය පවැත්වුණි. ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාද සහභාගි වීමට නියමිතව තිබුණි.

එහෙත් ආරක්ෂක අංශ මේ දෙදෙනාට එම ස්ථානවලට නොයන ලෙසට අනතුරු අඟවා තිබේ. මේ නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උත්සව අවස්ථාවට පැමිණ නොමැත.

උත්සව අවස්ථාව සඳහා තවත් ඇමැතිවරු රාශියක් සහභාගි වී ඇතත් කොටින්ගේ ඉලක්කය වී ඇත්තේ කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතායි.

මෛතී‍්‍රපාල සිරිසේන මහතාට කොටින්ගේ තර්ජන ඇති බවත් ඔහුට ඉන් මිදීමට ආරක්ෂක පියවරවල් අනුගමනය කරන ලෙසත් මීට පෙර ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

කොටින් තමන්ගේ ත‍්‍රස්තකි‍්‍රයා සඳහා නොයෙක් ක‍්‍රම භාවිතා කරයි.

පුද්ගල ඝාතන සඳහා ක්ලෝමෝ බෝම්බ, කාල බෝම්බ ඇතුළු නොයෙක් ක‍්‍රම භාවිතා කරයි. එලෙසෙම කොටි මරාගෙන මැරෙන කාන්තාවක් යොදා ගන්නේ ඔවුන්ගේ ප‍්‍රබල ඉලක්කයක් සඳහා පමණක් බව මීට පෙර කොටින්ගේ ප‍්‍රහාරවලින් හැඟී යයි.

කොටි මෛතී‍්‍රපාල සිිරිසේන මහතා ඉලක්ක කරමින් එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරය අසාර්ථක වූ ප‍්‍රහාරයක් බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

බෝම්බ ප‍්‍රහාරයෙන් දෙදෙනකු මියගොස් හයදෙනක් තුවාල ලැබූහ.

කොටි කාන්තාව බොරලැස්ගමුව නගරය ආසන්නයේ පිහිටි තැඹිලි කඩයක් අසල උදෑසන සිටම රැඳී ඇති බවට මේ වන විට තොරතුරු හෙළි වී තිබේ. ජංගම දුරකථනයකින් ඇමතුමක් ගන්නා ආකාරයට ඇය හැසිරෙමින් රථවාහන පෙළට පැන තිබේ.

ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උත්සවයට සහභාගි වූ කැබ් රථය මාරු කර වෙනත් රථයකින් නැවත පැමිණ තිබේ. ඇමැතිවරයා බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී උදෑසන ගමන් ගත් කැබ් රථය ඉලක්ක කර ඇති කොටි කාන්තාව එම කැබ් රථයට දහවල් වරුව පැන ඇත.

එහෙත් ඒ වන විට ඇමැතිවරයා කැබ් රථය මාරු කර හමාරය. මෙම බෝම්බකාරියට කිසියම් පුද්ගලයෙකු දිගින් දිගටම ඇමැතිවරයා පිළිබඳව තොරතුරු ලබා දී ඇතැයි පොලීසිය සැක කරයි.

දකුණේ ප‍්‍රදේශ රැසකින් පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ

කොටි ත‍්‍රස්තයන් කොළඹ අවට සහ දකුණේ ප‍්‍රදේශ ගණනාවක නොයෙක් ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කිරීමට ගෙන ආ පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ රැසක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සාමජිකයින් සමත් වුණා. ඒ තුළින් ත‍්‍රස්තකි‍්‍රයා රැසක් වැලකී ගියේය.

මේ තුළින් පෙනී යන්නේ කොටි ත‍්‍රස්තවාදීන්ට වඩා ප‍්‍රබල ඇසක් ආරක්ෂක අංශ සතු බවයි.

කොළඹදී කිසියම් ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බ සවි කිරීමට රැගෙන ආ බව කියන වෑන් රථයක් මාලිගාවත්ත ප‍්‍රදේශයේ රථගාලක නවතා තිබියදී ඉකුත් 8 වනදා මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටි ත‍්‍රස්තවාදීන් සමඟ ඍජු සබඳතා පැවැත් වූ බවට සැකකෙරෙන දෙමළ තරුණයන් දෙදෙනකුද මේ සමඟම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර දෙමළ තරුණයන් දෙදෙනා වෑන්රිය මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි වාහන අලෙවි සැළකින් මෙය මිළ දී ගෙන තිබේ.

දෙමළ තරුණයන් දෙදෙනාගේ හැසිරීම් රටාව සැකසහිත වීම නිසා රථවාහන අලෙවිසැල් හිමියා පොලීසියට මේ බැව් දන්වා ඇත.

වෑන් රථය මිළදී ගැනීම සඳහා මොවුන් ඉදිරිපත් කළ ලියකියවිලි ව්‍යාජ ඒවා බව පොලීසිය විසින් හඳුනා දෙමළ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු මෑතක ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ මලයාසියාවේ සිට බව අනාවරණය වී ඇත.

මෙම වෑන් රථය නාඳුනන පුද්ගලයෙකු තමන්ට බාර දී එය වාහන නතර කරන ස්ථානයක තබන ලෙස ප‍්‍රකාශ කර ඒ සඳහා මුදල් ලබා දුන් බව සිංහල ජාතික තරුණයන් දෙදෙනකු පොලීසියට ප‍්‍රකාශ කර තිබේ.

වෑන්රිය කිසියම් ප‍්‍රහාරයක් සඳහා කොටි ත‍්‍රස්තවාදීන් ගෙන එන්නට ඇතැයි පොලීසිය සැකකරන අතර ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.

සිවිල් වැසියන්ගෙන් තොරතුරු ලබාදීම වැඩිවෙයි

මේ වන විට කොළඹ සහ ඒ අවට සිටින සිවිල් වැසියන් ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දෙමින් නොයෙක් ත‍්‍රස්ත කි‍්‍රයා මර්දනයට සහය වෙයි. මේ හේතුවෙන් කොටින්ට තමන්ගේ ඉලක්ක කරා යාමට නොහැකිව පරාජය ලැබීමට සිදු වී ඇත.

අභීත සෙන්පතියෙකු රණ ශූරයෙකු වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා සහ ඔහුගේ බිරිය ඇතුළු පුද්ගලයන් 27 දෙනකු අනුරාධපුර නගරයේදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප‍්‍රහාරයකට ගොදුරු වී දැයෙන් සමුගත්තේ ඉකුත් 06 වනදා උදෑසනය.

මේජර් ජනරාල් ජානක බිලිගත් මරාගෙන මැරෙන ප‍්‍රහාරය

අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක් තුළදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ උදෑසන 8.45 ට පමණය. උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක කාර්යාලය විවෘත කිරීම උදෑසන 6.30 ට පමණ සුබ මොහොතින් සිදු කර තිබේ.

මේ අවස්ථාව සඳහා උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඔහුගේ බිරිය සහ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයින් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි වී තිබේ.

උත්සවය පැවති භූමියට පැමිණෙන ස්ථානයේ රථවාහන වලට පැමිණීම සඳහා දොරටු දෙකක් විවෘත කර තිබී ඇත. ඉන් එකක් රථවාහන වලට පැමිණීම සඳහාත් අනෙක් දොරටුව උත්සවයට සහභාගි වන පුද්ගලයන්ට පැමිණීම සඳහාත් විවෘත කර තිබූ බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියා පැමිණ ඇත්තේ රථවාහන පැමිණීම සඳහා යොදා තිබූ දොරටුවෙන් බව පැවසේ.

උත්සවය නිමා වී තේ පැන් සංග‍්‍රහයට ආරාධනා කරනවත් සමඟ බෝම්බකරු මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ආසන්නයට පැමිණ බෝම්බය පුපුරවා ගෙන තිබේ. දේශපාලඥයන් අසුන්ගෙන සිටි ප‍්‍රදේශයට බෝම්බයෙන් වැඩි අලාභ හානි සිදු වී ඇත.

මරාගෙන මැරෙන කොටි සාමාජිකයින් දෙදෙනකු අනුරාධපුර නගරයට පැමිණ ඇති බවට මේ වන විට බුද්ධි තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. එම මරාගෙන මැරෙන කොටි සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට පැවරී තිබී ඇත්තේ ආරක්ෂක අංශ ප‍්‍රධානියෙක් ඝාතනය කිරීමය.

අනෙක් මරාගෙන මැරෙන කොටි සාමාජිකයාට පැවරී ඇත්තේ ප‍්‍රභූවරයෙක් ඉලක්ක කරමින් ප‍්‍රහාරය එල්ල කිරීම බව බුද්ධි තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක්

මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදීන් දෙදෙනා සති කිහිපයක් තිස්සේ වවුනියාවේ සිට අනුරාධපුරය දක්වා නොයෙක් පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් පැමිණෙන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පල කරයි.

මරාගෙන මැරෙන කලු කොටි දෙදෙනා කොටි බුද්ධි අංශයේ ප‍්‍රබල නායකයෙකු වන කපිල් අම්මාන් යටතේ පුහුණුව ලබා ඇති බව කියයි. මරාගෙන මැරෙන අනෙක් කොටි ත‍්‍රස්තවාදියා තවමත් අනුරාධපුරයේ සැඟ වී සිටින බවට ආරක්ෂක අංශ සැක පල කරයි.

මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ජානක පෙරේරා මහතා ඉලක්ක කර මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ කොටි සාමාජිකයා ඒ සඳහා යොදා ගත් බෝම්බ ඇඳුම් කට්ටලය කිලෝ තුන හමාරක් පමණ බරැති එකක් බවත්, එහි සී 4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකහමාරක් යොදා යකඩ බෝල 4000 කට ආසන්න ප‍්‍රමාණයක් යොදා ඇති බවත් ආරක්ෂක අංශ පවසයි.

මරාගෙන මැරෙන කොටි සාමාජිකයින් ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසු ඔවුන්ගේ හිස කොටස හඳුනා ගැනීමට හැකි උවත් මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ කොටි ත‍්‍රස්තවාදියාගේ හිස කොටස සම්පූර්ණ විනාශ වී ගොස් තිබේ.

එයට හේතු වී ඇත්තේ බෝම්බය පිපිරීමෙන් පසු බෝම්බකරුගේ හිස කඳෙන් වෙන්වී ගොස් ගොඩනැඟිල්ලේ ගැටීමයි.

ශී‍්‍ර ලංකා යුද ඉතිහාසයේ ජයග‍්‍රහණ රැසකට හිමිකම් කියූ රණ ශූරයෙකු වූ මේජර් ජනරාල් ජානක පෙර්රා මහතා කොටි ත‍්‍රස්තයන්ගේ බෝම්බ ප‍්‍රහාරයකින් මියයාම ජාතියට වූ විශාල පාඩුවක් බව පෙන්වා දිය හැකිය.

මේ අතර උතුරේ ගැටුම් උණුසුම් වෙමින් පවතී. උතුරේ ගැටුම් වල නිරත හමුදා සේනාංක කොටින්ගේ නොයෙක් බාධක ඉවත් කරමින් උතුර මුදා ගැනීම සඳහා ඉදිරියට ඇදෙමින් සිටිති.

වන්නි මෙහෙයුමේ නිරත 58 වන සේනාංකය ඉකුත් සතිය තුළ හමුදා ජයග‍්‍රහණ රැසක් ලබා ගැනීමට සමත් වුහ.

58 සේනාංකයට ජයග‍්‍රහණ රැසක්

නච්චිකුඩා අක්කරායනකුලම් අතර පිහිටි කොටින්ගේ දැවැන්ත ආරක්ෂක වළල්ලක් විනාශ කර දැමීමට 58 වන සේනාංකයේ භට පිරිස් කටයුතු කළේය.

මේ ප‍්‍රදේශයේ පිහිටි කොටින්ගේ අවසාන මෙන්ම ශක්තිමත්ම ආරක්ෂක වළල්ල මෙය බව 58 වන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මෙම තීරයට කියා සිටියේය.

විශාල පස් කඳු යුද අගල් ශක්තිමත් බංකර් වලින් කොටි මෙම ආරක්ෂක වැට ඉදිකර ඇත. කොටි ත‍්‍රස්තයන් මේ ප‍්‍රදේශය රැක ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත උණත් එය අභිබවා යාමට 58 වන සේනාංකයේ භට පිරිස් සමත් වී තිබේ.

කිලෝමීටර් 20 ක පමණ බලය තහවුරු කළ හමුදා භට පිරිස් මේ වන විට කරම්බකුලම් පිහිටි කොටින්ගේ ආරක්ෂක වැට බිඳ දමා කිලෝමීටර් පහක් පමණ එම ප‍්‍රදේශයෙන්ද ඉදිරියට ගොස් ඇත.

කොටි ත‍්‍රස්තවාදීන් නොසිතූ අවස්ථාවක මෙය අත්පත්කර ගැනීමට 58 වන සේනාංකයේ භට පිරිස් සමත් වීම විශේෂත්වයකි. කොටි මේ ප‍්‍රදේශයේ බලය රැක ගැනීම සඳහා හමුදාවට දැවැන්ත ප‍්‍රහාර දෙකක් එල්ල කළේය.

එහෙත් එම ප‍්‍රහාර දෙකට සාර්ථකව මුහුණදුන් 58 වන සේනාංකය සාර්ථකව කොටින්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය.

මුහුණට මුහුණ ලා සටනේ

කොටි ත‍්‍රස්තවාදීන් සමඟ මේ ප‍්‍රදේශයේ දී හමුදාවෝ මුහුණට මුහුණලා දරුණු සටන් වල නිරත වූහ. සමහර අවස්ථා වලදී කොටි සමඟ එක දිගට පැය අටක පමණ කාලයක් සටන් කිරීමට සෙබලුන්ට සිදු විය.

58 වන සේනාංකය ඉන් නොනැවතී උතුරු ප‍්‍රදේශයට කිලෝමීටර් හතක පමණ දුරක් ගමන් කර මන්නියක්කුලම් බටහිර ප‍්‍රදේශය සහ පොන්වෙඩ්ඩියාරු ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමට සමත් වූහ.

එකවර ප‍්‍රහාර එල්ල කරමින් නොයෙක් යුද උපක‍්‍රම භාවිතා කිරීමට මෙහිදී 58 සේනාංකය කටයුතු කළේය. ඉකුත් සතිය තුළ 58 වන හමුදා සේනාංකයේ ප‍්‍රහාර වලින් කොටි ත‍්‍රස්තවාදීන් සියයකට ආසන්න ප‍්‍රමාණයක් මියගොස් තවත් විශාල ප‍්‍රමාණයක් තුවාල ලැබීය.

කොටින්ගේ ප‍්‍රහාර වලින් තම සේනාංකයේ සෙබලුන්ට සිදු වූයේ ඉතා කුඩා ප‍්‍රමාණයේ හානියක් පමණක් බව බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

57 සේනාංකය දැන් කිලිනොච්චියට කිලෝ මීටර් 2ක් ආසන්නයේ

57 වන සේනාංකය මේ වන විට කිලිනොච්චියට කිලෝමීටර් දෙකක් පමණ දුරින් ස්ථානගත වී කොටින්ට ප‍්‍රබල තර්ජන එල්ල කරමින් සිටිති. මේ වන විට මෙම සේනාංකයේ විශේෂ කුඩා කණ්ඩායම් කිලිනොච්චියේ ගොඩනැඟිලි ආසන්නයට ගොස් රැඳී සිටින බව හමුදා බුද්ධි තොරතුරු අනාවරණය කරයි.

මේජර් ජනරාල් ජගත් ඩයස් සේනාංකාධිපති වශයෙන් කටයුතු කරන 57 වන සේනාංකය අක්කරායනකුලම් වැව සහ කොකාවිල් දුම්රිය පොළට ඉදිරියෙන් පිහිටි භූමියේ ස්ථානගත වී කොටින්ට ප‍්‍රහාර එල්ල කරයි.

මේ ප‍්‍රදේශයේ සිටින කොටි ත‍්‍රස්තවාදීන් උපරිම වශයෙන් විනාශ කර දැමීම තම අරමුණ බවත් භූමිය අත්පත් කර ගැනීම දෙවන කාරණය බවත් එම සේනාංකයේ උසස් නිලධාරියෙක් මෙම තීරයට ප‍්‍රකාශ කළේය.

ඉකුත් දින කිහිපය තුළ මෙම සේනාංකය එල්ල කළ ප‍්‍රහාර වලින් කොටි ත‍්‍රස්තවාදීන් තිහකට අධික පිරිසක් මියගොස් තිබේ. කොටින්ගේ බංකර් පෙළක්ද හමුදාවෝ මෙහිදී අත්පත් කර ගැනීමට සමත් වූහ.

57 වන සේනාංකයේ භට පිරිස් විසින් කොකාවිල් ප‍්‍රදේශයට දකුණෙන් පිහිටි ප‍්‍රදේශයක තිබී කොටි සංවිධානයට අයත් වෙඩි නොවදින ආකාරයට සකස් කළ කැබ් රථයක් සොයා ගනු ලැබීය.

මෙවැනි කැබ් රථ කොටි ත‍්‍රස්තවාදීන් උපයෝගී කර ගන්නේ සිය නායකයන්ගේ ගමන් බිමන් සඳහා බව හමුදාව පවසයි. කැබ් රථයේ කොටස් කිහිපයක් විනාශ වී ගොස් තිබිණි.

එම කැබ් රථයට ගුවන් ප‍්‍රහාරයක් එල්ල වී ඇති බවට තොරතුරු හෙළි වී ඇත. ඒ අනුව ගුවන් හමුදාව කොටි ත‍්‍රස්තයන්ගේ ඉලක්ක වෙත එල්ල කරන ගුවන් ප‍්‍රහාර සාර්ථක වන බව මේ තුළින් හැඟීයයි.

බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත අණදෙන 59 වන සේනාංකය මුලතිව් කරා ඇදෙන ගමනේ මාර්ගය සකස් කරමින් සිටිති. තන්නිපිරිට්ටුකුලම් වැව සහ නයාරු කලපුව අතර ආන්දන්කුලම් රක්ෂිත ප‍්‍රදේශයේ ස්ථාන ගත වී ඇති මෙම සේනාංකය ඉන් ඉදිරියට ගොස් කොටින්ට ප‍්‍රහාර එල්ල කරයි.

ඉකුත් සතියේ මේ ප‍්‍රදේශයේ ඇති වූ ගැටුම් වලින් කොටි ත‍්‍රස්තවාදීන් පනහකට වැඩි පිරිසක් මියගිය බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර සඳහන් කළේය.

මෙම සේනාංක වලට විශාල සහයෝගයක් ලබා දෙන ගුවන් හමුදාව ඉකුත් සතිය තුළ කොටින්ගේ ප‍්‍රබල ස්ථාන රැසකට ගුවන් ප‍්‍රහාර දාහතරක් එල්ල කළේය.

තන්නිඉරුප්පුකුලම් වැවට ඉදිරියෙන් පිහිටි කොටි කණ්ඩායම් වලට ඉකුත් 9 වනදා එම්. අයි. 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යොදා ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කළ අතර එදිනම පුදුකුඩුඉරිප්පු කොටි කඳවුරට ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළේය.

එහිදී කොටි පුහුණු කඳවුරක් ඉලක්ක වූ අතර ඒ සඳහා කපීර් ප‍්‍රහාරක යානා යොදා ගෙන තිබේ.

මීට අමතරව මුහුදු කොටි ඉලක්ක දෙකක් වෙතද කොටින්ගේ බර අවි ස්ථානගත කර තිබූ ප‍්‍රදේශයකටද ගුවන් ප‍්‍රහාර එල්ල කළේය.

58, 59, 57 වන සේනාංක වලට ඉදිරියට යාම සඳහා ගුවන් හමුදාව විශාල සහයෝගයක් ලබා දෙන බව එම සේනාංකවල උසස් නිලධාරීන් මෙම තීරයට පැවසුවෝය.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකම කලබලකාරී තත්වයක් ඇති කිරීමට කොටි ත‍්‍රස්තවාදීන් උත්සහ දරමින් සිටින බවට ආරක්ෂක බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟම ප‍්‍රධාන නගර බොහොමයකම විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළවල් කි‍්‍රයාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

තමන් අවට පරිසරය පිළිබඳව දැඩි විමසිලිමත් භාවයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

යුද ගැටුම්වලින් අවතැන්ව සිටින වන්නි ජනතාවට ආහාර මෙට්ටි‍්‍රක් ටොන් හයසියයක් පමණ ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

ඉකුත් සති දෙක තුළ මෙම ආහාර ලොරි පනහක් යොදා ගනිමින් වන්නියට පිටත් කර හැරීමට රජය පියවර ගත්තේය.

මීට පෙර මෙම ලොරි රථ දෙකක තිබී පුපුරණ ද්‍රව්‍ය බැටරි හසුවීම නිසා ආහාර ලොරි වන්නියට යැවීමේදී දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට හමුදාවන්ට සිදු වී ඇත.

මේ හේතුවෙන් වන්නියට යැවෙන ආහාර ලොරි දැඩි පරීක්ෂාවකට ලක්කෙරේ. කෙසේ වෙතත් මෙම ප‍්‍රදේශවලට ආහාර යැවීම දිගටම සිදු කරන බව රජය කියයි.

Source

Comments

Popular posts from this blog

The Dawn of a Global Bitcoin Gold Rush: Why Governments May Soon Join the Race

Picture a world where governments, not just early adopters and tech enthusiasts, scramble to hold Bitcoin before their geopolitical rivals do. This scenario, once considered science fiction, is becoming increasingly plausible. As major asset managers hint at portfolio exposure, U.S. political leaders signal a shift toward pro-crypto regulation, and states within the U.S. prepare strategic Bitcoin reserves, the stage is set for a massive influx of institutional and governmental participation. Far from the fleeting hype cycles of the past, this is a moment backed by data, historical patterns, and powerful players with trillions of dollars at their disposal. In 2020, Bitcoin's meteoric rise coincided with a similar point in its four-year halving cycle. Fast forward to 2024: conditions now are even more favorable, with unprecedented scarcity in the market and global interests aligning to accelerate adoption. The impatience seen in some corners of the crypto community, worried that Bitc...

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...