Skip to main content

නවීන රේඩාර් පද්ධතිය කොටි ඉලක්කයයි; කටුනායකින් ගිය ජෙට් යානා දෙකකින් ප‍්‍රහාර; කොටි 10ක් මරුට: හමුදාවේ මරණ 12යි - දිනමිණ- 208/09/10


කොටින්ගේ ගුවන් යානයක් හමුදා මිසයිල ප‍්‍රහාරයෙන් සුන්

වවුනියාව ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි කොටි ත‍්‍රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන් යානයක් ගුවන් හමුදා මිසයිල ප‍්‍රහාරයෙන් ඊයේ (09) අලුයම විනාශයට පත් විය.

කොටි යානය ගුවනින් ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණෙද්දී ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයට ඇතුළු වීමට උත්සාහ කළ තවත් සන්නද්ධ කොටි දස දෙනකු මැරුම් කා තිබේ.

වවුනියාව ගුවන් හමුදා කඳවුරේ පිහිටි නවීන රේඩාර් පද්ධතිය විනාශ කිරීමේ ඉලක්කය ඇතිව සැලසුම් සහගතව කොටි ත‍්‍රස්තවාදීන් පැමිණ ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි.

ප‍්‍රථමයෙන්ම ඊයේ අලුයම 2.50 ට පමණ කොටි ත‍්‍රස්තවාදීන් ඕමන්තේ උතුර, මුදා නොගත් ප‍්‍රදේශයේ සිට වවුනියාව ගුවන් යුද හමුදා සහ පොලිස් කඳවුරු පද්ධතියට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.

අනතුරුව එම ප‍්‍රහාරය එල්ල වෙන අතර අලුයම 3.31 ට සහ 3.36 ට පමණ කොටින්ගේ යානා දෙකක් පැමිණෙන බවට රේඩාර් තිරයට හසුවී ඇත.

කොටින්ගේ ආයුධ තොගයක්

ඒ සමගම වවුනියාව ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක පද්ධතිය කි‍්‍රයාත්මක වී ඇත.

ඒ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් ප‍්‍රහාරක ජෙට් යානා දෙකක් වහාම කි‍්‍රයාත්මක වී කොටි යානා දෙක ලුහුබැඳ ඇත.

කොටි යානා දෙකේ ඉලක්කය වූයේ වවුනියා ගුවන් හමුදා කඳවුරේ නවීන රේඩාර් පද්ධතිය වුවත් කොටි යානා දෙකට එම ප‍්‍රදේශයට ඇතුළු වීමට ඉඩ ලැබී නැත. අනතුරුව ඔවුන් ගුවන් හමුදා කඳවුරු ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශයකට බෝම්බ අතහැර තිබේ.

පලායන කොටින්ගේ සැහැල්ලු යානා දෙක පිටුපස ගුවන් හමුදා ප‍්‍රහාරක ජෙට් යානා මගින් හඹා ගොස් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් එක් යානයක් විනාශයට පත් වී තිබේ.

එම යානය විනාශ වී තිබෙන්නේ මුලතිව් ප‍්‍රදේශයේදීය. ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් කොටි යානය සම්පූර්ණයෙන් විනාශ වූ බව ගුවන් නියමුවෝ සනාථ කරති.

කොටින්ගේ සැහැල්ලු ගුවන් යානයක්

ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් බේරී පලායාමට කොටින්ගේ යානා මහත් උත්සාහයක් ගත් බව ගුවන් නියමුවෝ පවසති.

අලුයම 3.55 ට කොටි යානය විනාශ වී ඇත.

වවුනියාව ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාරය එල්ල කිරීමට පැමිණ මැරුම් කෑ කොටි ත‍්‍රස්තවාදීන් දස දෙනාගෙන් පස් දෙනෙක් කාන්තාවෝ වෙති.

මොවුන් වවුනියාව ප‍්‍රදේශය තුළ සැඟව සිට පැමිණියාද නැතහොත් මුදා නොගත් ප‍්‍රදේශයේ සිට පැමිණියාද යන්න හෙළිවී නැත.

මොවුන් සතුව තිබූ අවි ආයුධ ගුවන් විදුලි යන්ත‍්‍ර පණිවුඩ හුවමාරු උපකරණ ද සොයා ගැනීමට හැකිවී තිබේ.

කොටි ත‍්‍රස්තවාදීන් වවුනියාව හමුදා සංකීර්ණයට කාලතුවක්කු උණ්ඩ 70 ක් එල්ල කර ඇති බව හමුදා ප‍්‍රකාශකවරයා පැවසීය.

මෙම ප‍්‍රහාරයෙන් යුද හමුදා සොල්දාදුවන් 12 දෙනකු මිය ගොස් 13 දෙනෙක් තුවාල ලැබුහ. එක් පොලිස් නිලධාරියෙක් සහ සිවිල් පුද්ගලයෙක්ද මිය ගොස් ඇත.

තුවාල ලැබූ පිරිස අතර ගුවන් හමුදාවේ හත් දෙනෙක් වෙති.


විනාඩි ගණනක් ඇතුළත
කොටි යානා ලුහුබැඳ ගියා

ගුවන් නියමු බළගණ නායක සංජය අධිකාරි

ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා කොටි ත‍්‍රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන් යානා පසුපස හඹාගොස් ප‍්‍රහාර එල්ල කරද්දී එම ප‍්‍රහාර වලින් බේරී පලා යාමට කොටින්ගේ යානා දැඩි උත්සාහයක් ගත් බව ගුවන් නියමු බළගණ නායක සංජය අධිකාරී පැවසීය.

කොටින්ගේ යානය ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් විනාශ කළ ආකාරය පිළිබඳව ගුවන් නියමු සංජය අධිකාරී මෙසේ කරුණු ගෙන හැර දැක්වීය.

ඊයේ (09) අලුයම කොටි ත‍්‍රස්තවාදීන්ගේ යානයක් පැමිණෙන බවට අපේ රේඩාර් තිරයට හසුවුණා. ඒ සමඟම අපේ ගුවන් හමුදා ආරක්ෂක පද්ධතිය කි‍්‍රයාත්මක වුණා.

කටුනායක ගුවන් තොටුපළින් ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා දෙකක් වහාම ගුවන්ගත කෙරුණා. අනතුරුව අලුයම 3.36 ට කොටින්ගේ තවත් ගුවන් යානයක් රේඩාර් පද්ධතියට හසු වුණා.

මේ පිළිබඳව මෙහෙයුම් දියත් කෙරීගෙන යද්දී යානා දෙකම වවුනියාව දෙසට හැරී ගුවන් ගත වන බව දක්නට ලැබුණා.

ගුවන් හමුදා ප‍්‍රහාරක ජෙට් යානා විනාඩි කීපයක් වැනි ඉතා සුළු කාලයක් තුළ කොටි සැහැල්ලු යානා දෙක පසුපස හඹා යන විට ඔවුන්ගේ ඉලක්කය දෙසට යා නොහැකිව වෙනත් අතකට හැරී බෝම්බ දෙක බිම හෙළා පළා ගියා.

එවිට ගුවන් හමුදා ප‍්‍රහාරක ජෙට්ය යානා කොටි යානා දෙක පසු පස හඹා යමින් ගුවන් හමුදා මිසයිල ප‍්‍රහාර එල්ල කළා.

ගුවන් හමුදා ප‍්‍රහාර වලින් බේරී පලා යාමට කොටි යානා දෙක දැඩි උත්සාහයක් ගත්තද ගුවන් හමුදා ජෙට් යානා පැදවූ නියමුවන් සාර්ථක ලෙස ඉලක්කය ලබා ගනිමින් කොටින්ගේ එක් යානයක් විනාශ කළේ යයි සංජය අධිකාරි කියයි. එම ප‍්‍රහාරය එල්ල වූයේ මුලතිව් ප‍්‍රදේශයේදීය.

කොටි යානයට ප‍්‍රහාරය එල්ල වූයේ අලුයම 3.55 ට පමණයි.

වවුනියාව ගුවන් හමුදා කඳවුරේ තිබෙන නව තාක්ෂණික උපකරණ වලින් සමන්විත රේඩාර් පද්ධතිය කොටි ත‍්‍රස්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් වලට විශාල බලපෑමක් වී තිබෙන බවත් මෙය විනාශ කිරීමට සැලසුම් කළ කොටි ත‍්‍රස්තවාදීන් එය ඉලක්ක කරගෙන එම ප‍්‍රහාරයට පැමිණ ඇති බවත් ගුවන් නියමු සංජය අධිකාරී පැවසීය.


රහසිගත කොටි කඳවුරකට
ගුවනින් දැඩි ප‍්‍රහාර

වවුනියාව කනගරායන්කුලම් උතුරේ පිහිටි රහසිගත කොටි කඳවුරකට ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා මගින් ඊයේ (09) දහවල් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

දහවල් 1.00 ට පමණ මේ ප‍්‍රහාරය සිදුකර ඇත්තේ එම රහසිගත කඳවුර පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු පදනම් කරගෙන බවත්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.

ප‍්‍රහාරයෙන් එම කොටි කඳවුරටත්, එහි ත‍්‍රස්තවාදීන්ටත් ඉතාමත් බරපතළ හානි සිදුව ඇති බවත්, මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

source

Comments

Popular posts from this blog

When Berachain Meets AI: 9 Projects Riding the Next Big Wave

Artificial Intelligence (AI) and blockchain are arguably two of the hottest narratives in tech today. With Berachain's mainnet launch just around the corner, combining AI with this innovative blockchain opens up exciting possibilities. In this article, we'll dive into nine AI-driven projects on Berachain, each offering unique use cases and solutions. Baosdotfun 1. Baosdotfun: The Launchpad for AI DAOs Baosdotfun acts as an incubator for AI-driven DAOs, focusing on areas like yield farming and trading strategies. Their "DAO seasons" introduce new AI agents every few months, providing fresh opportunities for users. Key features: Supports multiple AI agents. Focus on decentralized autonomous organizations (DAOs). Official Links: Baosdotfun Website Baosdotfun on Twitter Beradigm 2. Beradigm: Maximizing BGT Farming Beradigm specializes in yield farming to accumulate BGT, a governance token central to Berachain's ecosystem. Using AI, Beradigm optimizes farming strategie...

The Dawn of a Global Bitcoin Gold Rush: Why Governments May Soon Join the Race

Picture a world where governments, not just early adopters and tech enthusiasts, scramble to hold Bitcoin before their geopolitical rivals do. This scenario, once considered science fiction, is becoming increasingly plausible. As major asset managers hint at portfolio exposure, U.S. political leaders signal a shift toward pro-crypto regulation, and states within the U.S. prepare strategic Bitcoin reserves, the stage is set for a massive influx of institutional and governmental participation. Far from the fleeting hype cycles of the past, this is a moment backed by data, historical patterns, and powerful players with trillions of dollars at their disposal. In 2020, Bitcoin's meteoric rise coincided with a similar point in its four-year halving cycle. Fast forward to 2024: conditions now are even more favorable, with unprecedented scarcity in the market and global interests aligning to accelerate adoption. The impatience seen in some corners of the crypto community, worried that Bitc...

New Movies & Latest Showtimes | ShowBiz Cinemas

https://www.showbizcinemas.com/promotions#DiscountTuesdays https://www.showbizcinemas.com/promotions#BowlingWednesdays http://recruiting.talentreef.com/showbiz-cinemas https://www.showbizcinemas.com/newsletter https://www.mpaa.org/film-ratings/ https://www.youtube.com https://www.facebook.com/showbizcinemas https://twitter.com/showbizcinemas