Skip to main content

අවධානය නිසා ගම්බිම් රැසක් බේරුණු කෝන්කැටියාව මෙහෙයුම- සිළුමිණ- 2008/09/07



කෝන්කැටියාවේ සිට දයා ඩී.ෆොන්සේකා කීර්ති මෙන්ඩිස්
ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්නේ

කුඩාරත්මලේ, කෝන්කැටියාව, කුඹුක්වැව, කුඹුක්වැව ඒබී, මයිලන්කුලම, පරණ මැදවච්චිය මේ ගම් දිගටම පාර දෙපස ඇත්තේ යුද බංකර්ය. අඩි විස්සෙන් විස්සට තරම පිහිටා ඇති ඒවායේ සිවිල් ආරක්ෂක භට පිරිස් සේවයේ යෙදී සිටිති. ඔවුන්ගේ උකුසු දෑස් නිතරම විපරමෙනි.

මේ ගම්වලට පසුගිය 30 දා උදෑසන හිරු පායා ආවේ ‘ගමට කොටි පැනලා’ යන බියමුසු ආරංචියකිනි.

විශේෂයෙන්ම කෝන්කැටියාව ගම්මානයට කොටි ආ බව සැලවෙත්ම මුළු ගමම කලබල වූහ. ඔවුහු වහා කුඹුක්වැව ඒබී සිවිල් ආරක්ෂක මුරපොළ වෙත දිව ගියහ. කෝන්කැටියාව ගමට කොටි ආවේ 30 දා උදෑසන 6.30 ට පමණය. ගමේ බොහොමයක් ජීවත්වන්නේ ගොවිතැනෙන්ය. මේ දිනවල ඔවුහු හරකුන් බලා කියාගෙන කිරි දොවමින් කීයක් හෝ උපයා ගත්හ.

එහෙත් කලින් දා රාති‍්‍රයේ සිටම කෝන්කැටියාව අවට ගම්වල ගම්මුන්ට වරින්වර මුණ ගැසුණ අවිගත් පිරිසක් පිළිබඳව ආරංචි පැතිර ගොස් තිබිණ. මේ අතර කෝන්කැටියාව දෙසින් පැමිණි අවිගත් කණ්ඩායම් ගොවිබිම් පසුකොට පැමිණ එතැන තිබු ගසක මුලක විඩා හරිමින් සිටියහ.

කුඹුක්වැව ඒබී මුරපොළෙහි සිටි සිවිල් ආරක්ෂක බළකායේ සෙබළු ද මේ පිළිබඳව දැනුවත් වුවද ඔවුන් සිතුවේ ඒ යුද හමුදා සෙබළුන් බවය.

ඒ අතරතුරදී ඔවුන්ගේ මුරපොළ නැඟෙනහිර දෙසින් කොටි යැයි සැක කළ පිරිස මතුවූහ. ඔවුහු අවි ආයුධවලින් සන්නද්ධව සිටියහ. බොහෝ දෙනාගේ මතය වූයේ හමුදා සාමාජිකයින් බවයි. ඔවුහු ද ‘අපි ආමි’ යයි කියමින් සිවිල් ආරක්ෂක නිලධාරීන් මඟහැර යන්නට පටන් ගත්හ.

එවිටම එතැනට දිව ආයේ නිවාඩු ලබා සිටි හමුදා කෝප්රල්වරයකු වන කෝන්කැටියාව ගමේ පතිරණය.

පතිරණ එතැනට එන විට සිවිල් ආරක්ෂක භටයින් සමඟ ත‍්‍රස්තවාදීන් කතා කරමින් සිටිනු දක්නට ලැබිණ. සෙරෙප්පු දමා සිටි ඔවුන් හමුදාවේ නොවන බව පතිරණට වැටහිණ.

මං නිවාඩු ලබාගෙන ගෙදර ආවේ 29 දා. කොටි ගමට ආපු ආරංචියට මාත් දුවගෙන ආව. එතකොට වෙල ළඟ සිවිල් ආරක්ෂක හමුදාවෙ කට්ටියකුයි ආයුධ ගත්තු තවත් කට්ටියකුයි ඉන්නවා. මං ඇහුවා ඒ අයගෙන් ඔයගොල්ලො කවුද කියලා ‘අපි ආමි’ කියල කිව්වා. මට තේරුණ මගේ අත්දැකීම්වල හැටියට මේ නම් හමුදාවෙ අය නෙවෙයි කියල. සිවිල් ආරක්ෂක අය වෙඩි තිබ්බෙත් නැහැ. මං කිව්ව නිකම් අහසට වෙඩි තියන්න කියල. එහෙම වෙඩි තිබ්බම කොටි කලබල වෙලා ‘ටොම්බා’ එකක් (කුඩා බෝම්බයක්) අපි දිහාට විසිකරල වෙල පැත්තට ගියා. මං කිව්වා අපි දැන් වෙඩි තියමු කියලා. සිවිල් ආරක්ෂක හමුදාවේ අයත් වෙඩි තිය තිය ඉස්සරහට ගියා. එක කොටියෙක් වෙඩි වැදලා වෙල මැද වැටුණා අපි දැක්කා.”

මෙසේ කොටි පසුපස හඹා ගිය සිවිල් ආරක්ෂක බළකායේ රොෂාන් සංජීව, ආර්. ධනපාල හා නිමල් ජයරත්න ආදි පිරිස අපට හමුවිය. ඔවුන් ඉදිරියට ගොස් කැලේ වටා ආරක්ෂාවට වටවී වෙඩි තැබුහ. කොටි ද කැලේ මැද සිට ගම දෙසට වෙඩි තබන්නට වූහ. මේ ආරංචිය ලද පොල්මුඩේ කොට්ඨාස භාර නිලධාරී මේජර් වල්ගම ඇතුළු පිරිස ද එතැනට පැමිණයහ.

මේජර් වල්ගම ප‍්‍රහාරය පිළිබඳව අපට මෙසේ කරුණු පැහැදිලි කළේය.

“බෝගහ හන්දියේ සිට පොල්මුඩේ දක්වා මාර්ගය හා ඒ දෙපස ව.කි.මි. 322 ප‍්‍රදේශයක භූමි ආරක්ෂාව බාරව ඉන්නේ මමයි. මගේ අණදෙන නිලධාරීවරයා වන්නේ 224 බලසේනාධිපති ලුතිනන් කර්නල් ප‍්‍රශාන්ත සෙනෙවිරත්නයි. උදේ 6.30 ට පමණ මට පණිවිඩයක් ආවා සතුරු සමූහයක් මගේ ප‍්‍රදේශයේ කුඹුක්වැව මුරපොළ ඉදිරිපසින් බටහිර සිට නැගෙනහිරට යනවා කියා. මා වහා මගේ භට පිරිස් කැටුව මේ ස්ථානයට ආවා. එතකොටත් සිවිල් ආරක්ෂක බළකාය ඔවුන්ට ප‍්‍රහාර එල්ල කරනවා. මා ඔවුන්ට කීවා කොහොමහරි පිරිස කොටුකරගන්න කියලා.

මෙසේ වනය තුළට ගිය කොටි පිරිස වටකොට ඔවුන්ට පිටව යන්නට නොහැකි වන ලෙස සිවිල් ආරක්ෂක බළකාය වනාන්තරය වටා රැකවල් තද කළ ද ඒ අතරතුර සමහරවිට ඔවුන්ගෙන් පිරිසකට පැනයන්නට හැකිවන්නට ඇත.

අපි ඒ පිළිබඳව තවදුරටත් කරුණු විමසන්නට එම ත‍්‍රස්තවාදින් කොටුකරගැනීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කළ 224 බළසේනාධිපති ලුතිනන් කර්නල් ප‍්‍රශාන්ත සෙනෙවිරත්න හමුවීමු. මේ ඔහුගේ අදහසයි.

“මේ පිරිසේ අරමුණ වන්නට ඇත්තේ මේ වනය හරහා යාන්ඔයට යාමටය. යාන්ඔය මුලතිව් දිස්ති‍්‍රක්කයේ මායිමය. යාන්ඔය පැනගත් පසුව ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයයි. ඒ වගේම සමහරවිට ඒ ප‍්‍රදේශයේ යම් කලබලයක් ඇතිකොට හමුදා මෙහෙයුම් අඩාල කිරීමට සිතුවා විය හැකියි. කෙසේ වෙතත් ගමට ආ කොටි කොටු කරගැනීමට හැකිවූයේ ගමේ මිනිසුන්ගේත් සිවිල් ආරක්ෂක බළකායේත් අවධානය හා ක්ෂණික කි‍්‍රයාකිරීම නිසාය.

මේ ගම්වල සිවිල් ආරක්ෂාව සඳහා සිටින භට පිරිස් තමා මෙහිදී මුලින්ම කි‍්‍රයාත්මක වුණේ.

යුද හමුදාවේ 224 බලසේනාධිපති ලුතිනන් කර්නල් ප‍්‍රශාන්ත සෙනෙවිරත්න මෙහෙයවීමට නායකත්වය දුන්නේය.

ඔහු පවසන විදිහට එසේ කැලේ ඇතුළට යද්දී කොටි පිරිස දුම් බෝම්බයක් ගසා ඇත. ඒ ඔවුන්ට දුමට මුවා වී පැනගත හැකි බැවිනි.

”ඉන්පසු අපේ බළසේනාවේ කපිතාන් චන්ද්‍රසේන මෙතැනට ආවා. ඔහු ඉන්පසු තම භටයින් ලවා ප‍්‍රදේශය වට කළා. දැන් ඔවුන් වනාන්තරය ඇතුළේ. එක් ත‍්‍රස්තවාදී මළ සිරුරක් වෙලේ වැටී තිබුණා.

එවිටම මා මගේ භට පිරිස ද රැගෙන මෙතැනට ආවා. උදේ 9.30ට විතර ඉන්පසු මං කැලේ පීරා සෙවීම පටන් ගත්තා. එහෙත් ඔවුන් කැලේ සිට වෙඩි තිබ්බා. මේ මෙහෙයුමේදී මහාමාර්ගයේ රාජකාරිවල යෙදී සිටින අතරතුර එතැනට ආ යුදහමුදා පොලිස් සේවා බලකායේ ලුතිනන් මහේෂ් සිල්වා ද මියගියා. ඔහු එතැනට විත් ත‍්‍රස්තවාදීන්ට වෙඩි තැබුවා. ඔහුට ගහක් මත සිට ත‍්‍රස්තවාදියකු තැබූ වෙඩි පහරක් වැදුණා. ඔහු එතැනම මියගියා. මියගිය පසු ඔහු කපිතාන් නිලයට උසස් කරනු ලැබුවා.

ඒ සමඟ විශේෂ බළකායේ සෙබලෙකු හා සිවිල් ආරක්ෂක බළකායේ සෙබලෙකු ද මිය ගියා.

ඊට පස්සේ විශේෂ බළකායේ අණදෙන නිලධාරි සමඟ භට කණ්ඩායම් දෙකක් පැමිණියා. ඔවුන් සමඟත් කොටි වෙඩි තියා ගත්තා. අප දෙපැත්තෙන්ම යන්න උත්සාහ කළා. එදා හවස තවත් සිවිල් ආරක්ෂක බළකායේ කණ්ඩායමක් ආවා ඔවුන් ආපසු වනාන්තරය වටා රැකවල් තවත් තර කළා. සුළු අවි බර අවි යොදාගෙන සුළු මෝටාර් කීපයක් ඇතුළට එල්ල කළා.

යළිත් පසුදා උදෑසන තවත් භට පිරිස් යොදා වෙඩි තබමින් වනය පුරා පීරා සෙවීම සිදුකළා. ඒ පීරා සෙවීම්වලදී අපට ත‍්‍රස්තවාදීන්ගේ මළ සිරුරු 10 ක් හා අවි ආයුධ රැසක් හමුවුණා. එහිදී ටී 56 අවි 7 ක්, මැෂින් ගන් 1 ක් ඒවායේ උණ්ඩ 300 ක්, අධිබල පුපුරණ ද්‍රව්‍ය කි.ග‍්‍රෑ.3 ක්, ක්ලේමෝ බෝම්බ 4 ක්, විදුලි ඩෙටනේටර් 20ක්, පිස්තෝල උණ්ඩ 300 ක් අත්බෝම්බ 2 ක්, පුද්ගල නාශක බෝම්බ 6 ක් ආදී විශාල ආයුධ ප‍්‍රමාණයකුත් සොයා ගත්තා”

මෙම මෙහෙයුම අති විශේෂ මෙහෙයුමක් විය. යම් විදිහකින් මේ ත‍්‍රස්තවාදීන් මේ සා ආයුධ රැසක් සමඟ යාන් ඔය පැනගත්තා නම් නැඟෙනහිර මුදාගත් ප‍්‍රදේශවල මහත් විනාශයක් කරන්නට ඉඩ තිබිණ. 223 හා 224 බලසේනා භාරව ඉන්නා වැලිඔය ප‍්‍රදේශ මූලස්ථාන ආඥාපති බි‍්‍රගේඩියර් මොහාන් ජයවර්ධන අප සමඟ කීයේ මේ ත‍්‍රස්තයන් සොයා ගැනීමට හැකිවූයේ සිවිල් වැසියන්ගේ අවධානය නිසා බවය.

”අපි මේ ප‍්‍රදේශයේ සිවිල් වැසියන් දැනුවත් කර තිබෙනවා. අමුත්තෙක් ප‍්‍රදේශයට ආවොත්, කුමන ස්ථානයක හෝ යම් සැකකටයුතු කෙනෙක් හෝ සිද්ධියක් දුටුව හොත් අපට දන්වන්නට කියා. අප සිරිතක් වශයෙන් ඔවුන් අපට දන්වන සෑම සුළු සිද්ධියක් පවා පරීක්ෂා කරන්නට යනවා. ඒ මඟින් අප මහජනතාව හා යුදහමුදාව අතර විශ්වාසය ගොඩනඟා තිබෙනවා. ඔවුන් යුද හමුදාව සමඟ සුහදයි. නැතිව අපට මේ ගමන එන්න බැහැ.

යුද හමුදාපති තුමාගේ දැක්මට අපි ගරු කරනවා. ඔහුගේ යුද උපායන් සියයට සියයක්ම අනුගමනය කරනවා. එනිසා තමයි අපේ මෙහෙයුම් මෙතරම් සාර්ථක වන්නේ.”

”නයාරු කළපුව හරහා බොහෝ සිවිල් වැසියන් දකුණට පැමිණෙන්නේ කොටින්ගේ කරදරවලින් බේරෙන්නටයි. ඔවුන් බොහෝ දෙනා එන්නේ 224 බලසේනා ප‍්‍රදේශයටයි. එහි දී මුලින්ම ඔවුන්ට ඉතා හොඳින් සැලකීම හමුදාවේ මුල්ම කටයුත්තයි. අනතුරුව ඔවුන් සරණාගත කඳවුරකට යොමුකරනව. එහිද බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔවුන් පිළිබඳ තතුª විමසා ඔවුන් පුනරුත්ථාපනයට ලක් කරනු ලබනවා.”

බි‍්‍රගේඩියර් වරයා අපට එසේ කීය.

කෝන්කැටියාවේ කොටි ත‍්‍රස්තවාදීන් සොයා කළ මෙහෙයුමට මේජර් නදීක හේවාවසම් ද සහභාගි විය.

ඔහු තම අත්දැකීම් මෙසේ විස්තර කළේය. ”මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට අපට පදවිය පොලිස් අධිකාරිතුමා, පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරීන් බොහොම ලොකු සහායක් දුන්නා. ඒ වගේම පදවිය රෝහලේ වෛද්‍ය අධිකාරිතුමා හා එම කාර්ය මණ්ඩලයත් මෙතැනට විත් අපට විශාල සේවයක් කළා. තුවාල ලත් භටයින්ට අවශ්‍ය කටයුතු එවේලේම සිදුකළා. විශේෂ බළකාය තමා අවසන් මෙහෙයුම කළේ.”

මේජර් නදීක එසේ කීය.

මෙම මෙහෙයුමට ආයේ 59 සේනාංකයට අයත් මෙහෙයුම් සිදුකරමින් සිටි විශේෂ කාර්ය බළසේනාවන්ය. කෙසේ වෙතත් මේ මෙහෙයුමෙන් හා ඊට සම්බන්ධ සිදුවීම් වලින් කරුණු කීපයක් පැහැදිලිය.

ගම්මුන් එදාට වඩා අද සිය ගම් ආරක්ෂක කටයුතු පිළිබඳවත් ගමට එන අමුත්තන් ගැන විමසිලිමත් වීමත් ඉතා වැඩිය.

මෙහිදී සිවිල් ආරක්ෂක හමුදාවෙන්ද විශාල සේවයක් සිදුවෙයි. ඔවුන් වහා කි‍්‍රයාත්මක වීම යම් භයානක සිදුවීමක් වළක්වා ගැනීමට ඉවහල් වෙයි.

වැලිඔය ප‍්‍රදේශ මූලස්ථාන ආඥාපති බි‍්‍රගේඩියර් මෝහන් ජයවර්ධන යටතේ ඇති 223, 224 බලසේනා වැලිඔය දකුණ යුද මෙහෙයුම් නොමැති ප‍්‍රදේශවලට ආරක්ෂාව මුළුමනින්ම ලබාදෙයි. එහි සිවිල් පරිපාලනයටද සහභාගීවෙයි.

සෑම දිනකම උදෑසන ගම්මාන පරීක්ෂා කිරීම මේ බළසේනාවන්ට අනුයුක්ත සිවිල් ආරක්ෂක බළකායේ කාර්යයකි. උදෑසන ගමේ වනලැහැබ් හා ඒවායේ ඇති අඩි සලකුණු හා විවිධ වෙනස්කම් පවා සිවිල් ආරක්ෂක බළකායේ අධීක්ෂණයට ලක්වෙයි. මේ පරීක්ෂාවන් මඟින් ගම්මානයට හෝ ජන ජීවිතයට අනතුරක් සිදුවන යම් සිද්ධියක් සිදුවී ඇත්නම් ඔවුහු ඒ පිළිබඳව තම හමුදා ඛණ්ඩයට වාර්තා කරති.

ගම්වැසියන් ඇසූ දුටු යම් තොරතුරු ද අසා දැනගැනීම මේ සිවිල් ආරක්ෂක බළකායේ හා හමුදා නිලධාරීන් ගේ සිරිතය. එසේ තමන්ට ලැබෙන සුළු තොරතුරක් පවා අධීක්ෂණයට ලක්කිරීම මඟින් ඔවුන්ට ගම්මුන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකිවී තිබේ.

කෝන්කැටියාවට ආ මේ ත‍්‍රස්තයන් සොයා පීරා ඔවුන් කොටුකර ගැනීමේදී මේ එකමුතුව කි‍්‍රයාත්මක විය.

ත‍්‍රස්තවාදීන් ගෙන් පැනගිය පිරිස් යාන්ඔයෙන් පැන යන්නට ඇතැයි හමුදා නිලධාරීන්ගේ විශ්වාසයය.

කැබිතිගොල්ලෑවේ දී ද කොටි හතරදෙනකු පොලිසියට කොටුවූහ. ඔවුන්ට පොලිසිය විසින් කළ වෙඩිතැබීමේදී ඉන් එක් අයෙක් මියගිය අතර අනික් අය පැනගත්හ.

ත‍්‍රස්තවාදීන් මුදාගත් ප‍්‍රදේශවලට හා දකුණට වෙස්වලාගෙන හෝ වෙනයම් ක‍්‍රමවලින් පැමිණීම වැළැක්වීමට අපහසුය. ඔවුන් සොයා ගැනීම සඳහා මහජනයා මෙන්ම ආරක්ෂක අංශ ද විමසිලිමත් වීම වැදගත්ය.

Source

Comments

Popular posts from this blog

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

5849 hash passwords

sha3-224(080394m) sha3-224(080395) sha3-224(080395n) sha3-224(080396) sha3-224(080397) sha3-224(080398) sha3-224(080399) sha3-224(080399tujh) sha3-224(0803jp) sha3-224(0803ma) sha3-224(0804) sha3-224(08040) sha3-224(080400) sha3-224(080401) sha3-224(080402) sha3-224(080403) sha3-224(080404) sha3-224(080405) sha3-224(080406) sha3-224(080407) sha3-224(080408) sha3-224(08040804) sha3-224(080410) sha3-224(080419) sha3-224(08041931) sha3-224(08041934) sha3-224(08041939) sha3-224(08041942) sha3-224(08041946) sha3-224(08041947) sha3-224(08041948) sha3-224(08041949) sha3-224(08041950) sha3-224(08041951) sha3-224(08041952) sha3-224(08041953) sha3-224(08041954) sha3-224(08041955) sha3-224(08041956) sha3-224(08041957) sha3-224(08041958) sha3-224(08041959) sha3-224(08041960) sha3-224(08041961) sha3-224(08041962) sha3-224(08041963) sha3-224(08041964) sha3-224(08041965) sha3-224(08041966) sha3-224(08041967) sha3-224(08041968) sha3-224(08041969) sh...

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...