Skip to main content

ආරක්ෂක පුවත් එකතුව - දිනමිණ-2008/09/26

නාවක්කුඩා සෝදිසියේ දී කොටි උපකරණ තොගයක් සොයා ගනීයි

චන්ද්‍රිකා පෙරේරා

කල්අඩි නාවක්කුඩා හා නරකමුල්ල ලැවනියාරු ප‍්‍රදේශවල ත‍්‍රස්තවාදීන් විසින් සඟවන ලද ජීව උණ්ඩ කොටි කැළෑ ඇඳුම් කට්ටල පණිවිඩ හුවමාරු යන්ත‍්‍ර හා ප‍්‍රදේශ සිතියම් ඇතුළු යුද උපකරණ, ඇතුළු භාණ්ඩ තොගයක් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (24) සොයාගෙන තිබේ.

ලැවනියාරු ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් රැඳී සිටි ගොඩනැගිලි තුනක් විශේෂ කාර්ය බළකාය විසින් මෙම සෝදිසියේදී සොයාගෙන ඇති අතර එහි සඟවා තිබූ භාණ්ඩ අතර කොටි කැළෑ ඇඳුම් කට්ටල අටක් අයිකොම් පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයක් ටී 56 මැගසින් දෙකක් ජීව උණ්ඩ 145 ක් හා කිලිනොච්චි ප‍්‍රදේශය මීටර් වලින් දැක්වෙන බිම් සිතියමක් තිබුණු බව විශේෂ කාර්ය බළකාය පැවැසීය.

නාවක්කුඩා නැගෙනහිර හතරවැනි කොටසේ කළ සෝදිසියේදී මිලි මීටර් නවය වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව පතොරොම් 40 ක් සොයා ගෙන ඇත.

මුහමලේ කොටි නායක වර්ධන් හමුදා ප‍්‍රහාරයෙන් මරු දකී

යුද හමුදාව එල්ල කළ ප‍්‍රහාරවලින් ප‍්‍රබල කොටි නායකයකු වූ ‘වර්ධන්’ නමැත්තා මුහමලේ ප‍්‍රදේශයේ දී මිය ගොස් ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා ඊයේ (25) පැවසීය.

මේ සමඟ තවත් කොටි ත‍්‍රස්තවාදීන් නම දෙනෙකු මියගොස් තිබේ. ‘වර්ධන්’ නමැති කොටි නායකයා මුහමලේ ප‍්‍රදේශයේ කොටි මෙහෙයුම් රැසක් සිදු කර තිබේ.

මේ ප‍්‍රහාරවලින් කිලිනොච්චි වන්නන් පුල්ලිකුලම් ප‍්‍රදේශයේ පිහිටි කොටි ත‍්‍රස්තවාදීන්ගේ බංකර් 09 ක්ද සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙනඇත.

වන්නන්කුලම් ප‍්‍රදේශයේදී කොටින්ට හමුදාවෙන් දැඩි ප‍්‍රහාර එල්ල වී ඇති අතර එහිදී මිය ගිය කොටි ත‍්‍රස්තවාදීන් තිදෙනකුගේ සිරුරු හමුදාව විසින් සොයා ගනු ලැබතිබේ.

කොටින්ගේ ටී. 56 අවි 03ක් අත්බෝම්බ 15, ටී. 56 උණ්ඩ 15000ක් මෙහිදී හමුදාව විසින් සොයාගෙන තිබේ.


කොටි රේඩාර් මධ්‍යස්ථානයක් ගුවන් ප‍්‍රහාරයෙන් විනාශයි

පුනරීන් නාගදිවන්තුරෙයි හි පිහිටුවා තිබූ කොටින්ගේ රේඩාර් මධ්‍යස්ථානයක් සහිත කඳවුරු පරිශ‍්‍රයකට පෙරේදා (24) රාතී‍්‍ර ගුවන් හමුදාව පහර දී තිබේ.

එදින රාතී‍්‍ර දහයට පමණ එම්.අයි. 24 හෙලිකොප්ටර් ප‍්‍රහාරක යානා උපයෝගීකැර ගනිමින් මෙම පහරදීම සිදුකැර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවසීය.

මෙම රේඩාර් මධ්‍යස්ථානයේ නවීන අධිතාක්ෂණික උපකරණ සවිකැර ආරක්ෂක අංශවලින් කි‍්‍රයාත්මක කරමින් තිබෙන කටයුතු පිළිබඳ දැඩි ලෙස නිරීක්ෂණය කර කරුණු එක්රැස් කරන බවට බුද්ධි අංශ මඟින් තොරතුරු අනාවරණය කැර තිබිණි.

මේ අනුව එල්ලකළ ප‍්‍රහාර හේතුවෙන් කඳවුරු පරිශ‍්‍රයේ තිබූ ගොඩනැගිලි විනාශ වූ බවට තහවුරුව තිබේ.

ප‍්‍රහාරයෙන් ඔවුන්ට වූ හානි කොතෙක්ද යන්න තහවුරුව නැතත් රේඩාර් මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි වූ බවට ත‍්‍රස්තවාදීන්ගේ පණිවිඩ හුවමාරු මගින් අනාවරණය වී ඇත.


බංකර් හා යුද අගල් තනන්න සිවිල් වැසියන් යොදා ගෙන

කොටි ත‍්‍රස්තවාදීන් මුලතිව් අනාරක්‍ෂිත ප‍්‍රදේශයේ සිටින සිවිල් වැසියන් බිය ගන්වා බංකර් හා යුද අගල් තැනීමට යොදවා සිටින බව හෙළිව තිබේ.

මුලතිව් අලම්පිල් ප‍්‍රදේශයෙන් පළාවිත් ආරක්‍ෂක අංශ වෙත ඊයේ (25) පෙරවරුවේ ආරක්‍ෂාව පතා බාර වූ සිවිල් වැසියන් පිරිසක් මේ බව පවසා ඇත.

අලම්පිල් සිට පුල්මුඩේ දක්වා බෝට්ටු දෙකකින් පැමිණ රජයේ හමුදා වෙත මෙසේ සිවිල් වැසියන් 37 දෙනකු ආරක්‍ෂාව ඉල්ලා බාර වී ඇති බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

මෙසේ පැමිණි පිරිස අතර වැඩිහිටි පිරිමි 14 ක් කාන්තාවන් අටක් පිරිමි ළමුන් පස්දෙනෙක් හා ගැහැණු ළමුන් දහයක් සිටින බව යුද හමුදාව සඳහන් කරයි.

ත‍්‍රස්තවාදීන් විසින් එම ප‍්‍රදේශවල ජනතාවට ආරක්‍ෂිත ප‍්‍රදේශ කරා ඒමට නොදී බලෙන් රඳවාගෙන සිටින බවත් තවත් බොහෝ දෙනකු පළා ඒමට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බවත් මෙම පිරිස පවසා තිබේ.

තමන්ද කොටි ත‍්‍රස්තවාදීන්ට හොරෙන් කැළෑ මාර්ගවලින් වෙරළට පැමිණ බෝට්ටු ආධාරයෙන් පලා ආ බව මෙම පිරිස තවදුරටත් සඳහන් කළ බව ආරක්‍ෂක අංශ සඳහන් කරයි.


යුද හමුදාපති වන්නි ප‍්‍රදේශයේ සංචාරයක

හමුදා භට පිරිස් විසින් පසුගිය දිනවලදී මුදා ගත් ප‍්‍රදේශවල වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (25) වන්නි ප‍්‍රදේශයේ සංචාරයක නිරත විණි. එහිදී වන්නි අරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් ජයසූරිය මහතා විසින් යුද හමුදාපතිවරයා පිළිගනු ලැබූ අයුරු.

ලබන සතිය ඇතුළතදී කිලිනොච්චිය අල්ලනවා

- යුද හමුදාපති සරත් ෆොන්සේකා

ඉදිරි සතිය ඇතුළතදී කිලිනොච්චිය සම්පූර්ණයෙන් මුදා ගැනීමට තම හමුදාවට හැකිවනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සමස්ත හමුදාවම සූදානමින් සිටින බවද හෙතම කීය.

මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා රචිත "වන්නි සටන" කෘතිය එළිදැක්වීමේ උළෙලට ඊයේ (25) සහභාගි වෙමින් යුද හමුදාපතිවරයා එසේ ප‍්‍රකාශ කළේය.

කිලිනොච්චියට තවත් කිලෝමීටර් හතරක වැනි කෙටි දුරක් තිබෙන බව පවසන ලුතිනන් ජනරාල්වරයා එයද කිසිදු බාධාවකින් තොරව ජයගෙන තව තවත් ඉදිරියට ගමන් ගන්නා බවද අවධාරණය කළේය.

යුද හමුදාපතිවරයා මෙසේද කීය.

මානුෂීය මෙහෙයුම් පටන් ගන්නකොට බොහෝ දෙනා ප‍්‍රකාශ කළා මේ සටන ජයග‍්‍රහණය කරන්න බැහැ කියලා. වන්නි සටනක් නෙවෙයි කොළඹ සටනක් ඇතිවෙයි කියලා කිව්වා.

සමහර බහුතර පිරිස් මෙන්ම මාධ්‍යවේදීන් පැවසුවා. ඒත් එය බොරු කරමින් අපි අපේ ජයග‍්‍රහණය කරා පැමිණ සිටිනවා.

තිස්සට ලියන්න වෙන්නේ යුද්ධය ගැන තව එක පොතයි. එය "කිලිනොච්චියෙන් මව්බිමට කියලා, එතනින් එහාට යුද්ධය ගැන ලියන්න ඉතිරි වෙන්නේ නැහැ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රකාශය අනුමත කරමින් ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මෙසේද පැවසීය.

යුද්ධය නිම කිරීමට තව කෙටි කාලයයි තියෙන්නේ. මේ වෙනකොට ප‍්‍රභාකරන්ට හැංගෙන්න තැනක් නැතුව දුවනවා. අපට ලැබෙමින් තිබෙන බුද්ධි තොරතුරු අනුව වැඩි දිනක් යන්න පෙර ඒ ඉඩ ප‍්‍රමාණයත් අහුරනවා.

ගුවන් හමුදාව ලෙස අපේ හමුදාව යුද්ධය නිම කිරීමට අවශ්‍ය සම්පූර්ණ ශක්තිය ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

මෙහිදී සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාද අදහස් දැක්වීය.

මෙම අවස්ථාවට ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.




Source

Comments

Popular posts from this blog

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...