Skip to main content

ප‍්‍රභාගේ පුතු චාල්ස් ඇන්තනී මෙහෙය වූ කොටි අධිතාක්ෂණ මධ්‍යස්ථානය ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් විනාශයි- දිනමිණ- 2008/09/17


විජයානි එදිරිසිංහ, චන්ද්‍රිකා පෙරේරා හා භක්ති මෙන්ඩිස්

කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ගේ පුත් චාල්ස් ඇන්තනී ගේ මෙහෙයවීමෙන් පවත්වාගෙන ගිය, මුලතිව් පිහිටි අධිතාක්ෂණික තොරතුරු මධ්‍යස්ථානය ඊයේ (16) උදෑසන ගුවන් ප‍්‍රහාරවලින් විනාශ කෙරිණි.

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ ඝන කැලෑවේ මෙම අධිතාක්ෂණික තොරතුරු මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත.

ප‍්‍රභාකරන් ගේ පුත් චාල්ස් ඇන්තනී ඉංජිනේරුවකු බව කියැවේ. මුලතිව් කිලිනොච්චි ප‍්‍රදේශවල පිහිටි කොටි තාක්‍ෂණික මධ්‍යස්ථාන මෙහෙයවනු ලබන්නේ ඔහු විසින් බව ආරක්‍ෂක බුද්ධි අංශවලට මීට පෙරද තොරතුරු අනාවරණය වී තිබිණි.

මෙම අධි තාක්‍ෂණික තොරතුරු මධ්‍යස්ථානය [HI-TECH IT FACILITY තුළ සිදුකෙරෙන සෑම දෙයක්ම චාල්ස් ඇන්තනිගේ උපදෙස් මත සැකසුණු ඒවා බව කියැවේ.

එහි කටයුතු සඳහා ඔහු විසින්ම පුහුණු කරවනු ලැබූ තරුණයන් කිහිප දෙනකු යොදවා සිටි බවද පැවසේ.

ගුවන් හමුදාවට මෙම මධ්‍යස්ථානය පිළිබඳ බුද්ධි තොරතුරුවලින් අනාවරණය වීමෙන් පසු ඊයේ පෙරවරුවේ ප‍්‍රහාරක ජෙට් යානා මගින් එම ප‍්‍රහාරය එල්ල විය. ප‍්‍රහාරයෙන් එම තොරතුරු මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් විනාශ වූ බව ගුවන් නියමුවෝ සනාථ කරති. එහෙත් චාල්ස් ඇන්තනී එම මධ්‍යස්ථානය තුළ ඒ අවස්ථාවේදී සිටියාද නැද්ද හෝ ඔහු අනතුරකට ලක්වූවාද යන්න දැනගැනීමට ලැබී නැත.

මේ අතර උඩයාර්කට්ටිකුලම් හි පිහිටුවා තිබූ කොටින්ගේ අවි ආයුධ රැස්කළ ගබඩා සහිත අතරමැදි කඳවුරු සංකීර්ණයකට ඊයේ (16) උදෑසන ගුවන් හමුදාව පහරදී විනාශ කැර තිබේ. උඩයාර්කට්ටිකුලම් ප‍්‍රදේශයට කිලෝමීටර් තුනක් පමණ ඊසාන දෙසින් මෙම කඳවුර පිහිටුවා තිබීය. උදේ 6.40 පමණ මෙම කඳවුරු සංකීර්ණයකට ජෙට් ප‍්‍රහාරක යානා මගින් පහරදී තිබේ. මෙම පරිශ‍්‍රය තුළ ත‍්‍රස්තවාදීන් අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය රැස්කැර තිබුණු ගබඩාවක් ද පිහිටුවා තිබූ බවට හෙළිව ඇත. එම ස්ථානයට පහරදීමෙන් පසු එහි පිහිටි ගොඩනැගිලි පිපිරීම් සහිතව ගිනිගත් බව ගුවන් නියමුවන් නිරීක්‍ෂණය කැර තිබේ.

විද්‍යුත් හා මිනිස් බුද්ධි තොරතුරු මත නිවැරදි ඉලක්ක වෙත මෙම ප‍්‍රහාරයන් එල්ලකර තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවැසීය. මෙම පහරදීම් හේතුවෙන් ත‍්‍රස්තවාදීන්ට බරපතළ හානි වූ බවට ඔවුන්ගේ පණිවිඩ හුවමාරු මගින් අනාවරණය වී තිබේ. මේ අනුව ඔවුන්ට වූ හානිය කොතෙක්ද යන්න හෙළිව නැතත් උඩයාර්කට්ටකුලම් හි පිහිටුවා තිබූ තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය විනාශ වී තිබෙන බවට මේ වන විට ආරක්‍ෂක අංශ මගින් තහවුරු කරගෙන තිබේ.

ඉරනමඩු වැවට කිලෝමීටර් තුනක් පමණ බටහිර ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් රැස්ව සිටි ස්ථාන දෙකකට ද ගුවන් හමුදාව ජෙට් යානා උපයෝගී කර ගනිමින් පහරදී තිබේ. ඊයේ (16) පෙරවරු 10.10ට පමණ මෙම පහරදීම කළ බව ගුවන් හමුදාව පැවසීය. ආරක්‍ෂක මෙහෙයුම්වල නිරතව සිටින 57 වැනි සේනාංකයේ භටපිරිස්වලට සහාය සඳහා මෙම පහරදීම් සිදුකර ඇත.

Source

Comments

Popular posts from this blog

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

5849 hash passwords

sha3-224(080394m) sha3-224(080395) sha3-224(080395n) sha3-224(080396) sha3-224(080397) sha3-224(080398) sha3-224(080399) sha3-224(080399tujh) sha3-224(0803jp) sha3-224(0803ma) sha3-224(0804) sha3-224(08040) sha3-224(080400) sha3-224(080401) sha3-224(080402) sha3-224(080403) sha3-224(080404) sha3-224(080405) sha3-224(080406) sha3-224(080407) sha3-224(080408) sha3-224(08040804) sha3-224(080410) sha3-224(080419) sha3-224(08041931) sha3-224(08041934) sha3-224(08041939) sha3-224(08041942) sha3-224(08041946) sha3-224(08041947) sha3-224(08041948) sha3-224(08041949) sha3-224(08041950) sha3-224(08041951) sha3-224(08041952) sha3-224(08041953) sha3-224(08041954) sha3-224(08041955) sha3-224(08041956) sha3-224(08041957) sha3-224(08041958) sha3-224(08041959) sha3-224(08041960) sha3-224(08041961) sha3-224(08041962) sha3-224(08041963) sha3-224(08041964) sha3-224(08041965) sha3-224(08041966) sha3-224(08041967) sha3-224(08041968) sha3-224(08041969) sh...

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...