Skip to main content

කොටි ගුවන් බලය මඩිමින් අපේ හමුදාවෝ ජයග‍්‍රාහි ගමනක- සිළුමිණ- 2008/09/14



එල්.ටී.ටී.ඊ. සංවිධානය දශක දෙකහමාරක් මුළුල්ලේ දේශීය වශයෙන් හා අන්තර්ජාතික වශයෙන් ඔවුන්ගේ බලය මහත්කොට පෙන්නමින් පුරසාරම් දෙඩුවේය. එහෙත් වසර දෙකක් ඇතුළත ඔවුන්ගේ ඊනියා බලය පුස්සක් බව පෙන්වීමට ශී‍්‍ර ලංකා රජය හා ආරක්‍ෂක හමුදා සමත් විය.

දැන් ඔවුන්ගේ බලය කිලිනොච්චි හා මුලතිව් දිස්ති‍්‍රක්ක වලට පමණක් සීමාවී තිබේ.

මෙවන් අවස්ථාවලදී ඔවුන් කරන්නේ තමන්ට තවමත් මහා බලයක් ඇති බව පෙන්වීමට කුමක් හෝ හරඹයක් පෑමයි.

එසේ හරඹ පාන්නට ඔවුන් හය වතාවක්ම සිය සැහැල්ලු යානා උපයෝගී කරගත්හ. හත්වෙනිවතාවටත් එසේ ගුවන් සරඹ පාන්නට ආ සැහැල්ලු ගුවන්යානා දෙකෙන් එකක් ගුවන් හමුදා ප‍්‍රහාරක ජෙට් යානා මගින් මුලතිව් වනාන්තරයට හෙළන ලදී.

මෙය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ඓතිහාසික දිනකි. පසුගිය අහරුවාදාට එළඹෙද්දී කිසිදු හමුදා බුද්ධි අංශයකට හෙළි නොවූ එක් දෙයක් වවුනියාවේ වන්නි බලසේනා මූලස්ථානයේ හෙවත් ගුවන් හා යුද හමුදා සංකීර්ණයේ පිටතින් සිදුවෙමින් පැවතිණ.

ඒ මරාගෙන මැරෙන කළු කොටි එකොළොස් දෙනකු ආයුධ බෝම්බ හා පුපුරන ද්‍රව්‍යයන්ගෙන් සන්නද්ධ අන්ධකාරයේ ම හමුදා සංකීර්ණ වෙත ළංවීමයි. ඒ කළුකොටි එකොළොස් දෙනා අතර කාන්තාවන් පස්දෙනෙක් ද වූහ.

මේ වන විට ආරක්‍ෂක හමුදා පරීක්‍ෂණ අනුව සොයාගත් අන්දමට මේ ත‍්‍රස්තවාදි කළු කොටි කණ්ඩායමට වවුනියාවට ඇවිත් ඇත්තේ ප‍්‍රහාරයට දින ගණනාවකට පෙරය. සමහරවිට අවතැන් වූවන් ලෙසින් වවුනියාවට පැමිණ ඔවුහු එසේ අවුත් සාමාන්‍ය ජනතාව අතර ගැවෙසෙමින් සිටියහ.

විශේෂයෙන්ම ලැබී ඇති තොරතුරු අනුව ඔවුන් වවුනියා ආරක්‍ෂක හමුදා සංකීර්ණයට යාබදව නැගෙනහිරින් පිවිසි කැලෑබද ගම්මානයක් වූ සමලන්කුලම ගම්මානයේ ද්‍රවිඩ නිවසක සැඟවී සිට ඇත. ඒ අවට ඇති දෙමළ ගම්මානවල සාමාන්‍ය ජනතාව සමඟ මුසුවෙමින් සිට ප‍්‍රහාරය සැලසුම්

කොටි යානාව විනාශ කළ චීනයේ නිපදවූ එෆ් 7 බීඑස් ප‍්‍රහාරක ජෙට් යානාව

කරන්නට ඇත.

මෙම ගම්මානවල රැඳී සිටිමින් කිලිනොච්චියේ මහ කොටි මොළකාරයින් සමග ඔවුන් සන්නිවේදන සබදතා ගොඩනගා ගත් අයුරුද දැන් හෙළි වී ඇත. මෙසේ කොටින් සිය කි‍්‍රයාකාරකම් සඳහා සිවිල් මහජනතාව අතරට බලෙන් රිංගා ගැනීම හෝ සිවිල් ජනතාව තමන් අතර බලෙන් රඳවා ගැනීම හෝ සිදුකරන්නේ ඔවුන්ගේ සියලුම සංග‍්‍රාමික උපක‍්‍රම ආරක්‍ෂක හමුදා සැලසුම් හමුවේ බිද වැටී ඇති බැවිනි.

කෙසේ හෝ මහජනතාව අතරට වසන් වී සිටි 9 වෙනිදා පාන්දර අඩ අඳුරේම වවුනියා හමුදා සංකීර්ණ පරිශ‍්‍රයට ඇතුළු වීමට තැත් කළහ. එහෙත් ඔවුන් සිය ප‍්‍රහාරයට මුල පුරන්නට පෙර කදවුරේ ආරක්‍ෂක පද්ධතිය කි‍්‍රයාත්මක වී විශේෂ කාර්ය සාධක හමුදා සෙබළුන්ගේ නෙත ගැටිණ. වේලාව පාන්දර 2.50 ට පමණ විය.

වවුනියාවේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ රේඩාර් පද්ධතිය

රාති‍්‍රයේ අන්ධකාර මූසළ නිහඬතාවය හිටි හැටියේ බිදී ගියේ හමුදා භටයින් ගේ වෙඩි හඩිනි. කළුකොටි වෙඩිතබමින් ඉදිරියට ආහ. විශේෂ බළකායේ සෙබළුන් හා කොටි අතර වෙඩි හුවමාරුව දරුණු විය.

මේ සමඟම වවුනියාව නගරයම දෙවනත් කරමින් මි මි 130 කාලතුවක්කු වෙඩිඋණ්ඩ හමුදා කදවුරු සංකීර්ණය භූමියටත් වවුනියා නගරයේ තැනින් තැනටත් වැටෙන්නට පටන් ගත්තේය.

මුළු වවුනියාව නගරයම නින්දෙන් පිබිදිණි. බියෙන් ඇළලිණි. වවුනියා වැසියෝ බියපත්ව සැඟවෙන්නට තැන් සෙවූහ. ප‍්‍රදේශයේ සිටි සතුන් ද පවා කාලතුවක්කු හඩින් හා වෙඩි හුවමාරුවෙන් බියපත්ව හිස් ලු ලූ අත දුවන්නට වූහ.

මුදානොගත් ඕමන්තේ දකුණු දෙසින් එල්ලවන කාලතුවක්කු ප‍්‍රහාර ද සමග එකම වැටෙන් බෙදී වෙන්වී ඇති ගුවන්හමුදා කදවුරු හා වන්නි බලසේනා මූලස්ථානය වහාම කි‍්‍රයාකාරි විය.

ප‍්‍රතිවාදි උණ්ඩ වලට නිසි පිළිතුරු ලැබෙන්නට පටන් ගත්තේය. කාලතුවක්කු ප‍්‍රහාර වලට මෙන්ම කළු කොටින්ගේ වෙඩි උණ්ඩ වලටද ප‍්‍රතිප‍්‍රහාර එල්ලකරමින් විශේෂ කාර්ය බළකා සෙබළු හා ගුවන් හමුදාව කි‍්‍රයාත්මක විය. විදුලිබලය ද කි‍්‍රයා විරහිත විය.

අන්ධකාර රාති‍්‍රයේ වෙඩි හඬ දෝංකාර දෙන්නට විය. පතිතවන වෙඩි මුර වල එළි දිස්වුයේ ගිණිකෙලි දැක්මන් මෙනි.

විනාඩි හතළිහක පමණ වෙඩිහුවමාරුව අතරතුර පාන්දර 3.26 ට වවුනියාවේ ඉන්දියා රේඩාර තිරයේ මුලතිව් වනාන්තරයේ සිට වවුනියාව දෙසට එන අනවසර ගුවන්යානයක සේයාවක් දක්නට ලැබිණ. 3.31 වන විට තවත් ගුවන් යානාවකි. තත්වය නරක අතට හැරෙන බව වටහාගත් ගුවන් හමුදාව වහා ගුවන් ආරක්‍ෂක ප‍්‍රහාරය පද්ධතිය කි‍්‍රයාත්මක කළහ.

ගුවන් හමුදාවේ ගුවන් ප‍්‍රහාර ද දැඩි විය. සැහැල්ලු කොටි ගුවන්යානා ඉලක්ක මඟහැර අවුත් ගෙනා බෝම්බ බිමට අතහැර පලායන්නට වූයේ ගුවන් ප‍්‍රහාරවල දැඩිකම නිසාය. බෝම්බ හතරෙන් පිපිරුණේ එක් බෝම්බයක් පමණි. 3.26 ට රේඩාර පද්ධතියේ සතුරු ගුවන් යානය දිස්වන්නා හැම ප‍්‍රහාරයට සූදානම්ව සිටි එෆ් 7 හා මිග් ප‍්‍රහාරක යානා කොටි ගුවන් යානා පසුපස එළවා ගෙන ගියේය.

කොටි ගුවන් යානා උපක‍්‍රමික වශයෙන් යානා දෙක පලා ගියේ දෙපැත්තකටය. පුදුකුඩුඉරුප්පු දෙසට ගිය ගුවන්යානාය එළවාගෙන ගිය එෆ් 7 ප‍්‍රහාරක යානාව මුලතිව් සීමාවේ වනාන්තරය මැදදි ඊට මිසයිලයක් විද්දේය. එය වැදී කොටි ගුවන්යානය ගිනිගෙන වැටෙනු නියමුවා හොඳින් බලාගෙනය.

ඒ අතර අනෙක් කොටි ගුවන් යානය ඉරණමඩු දෙසට නොපෙනී ගියේය. 3.55 වන විට මෙහෙයුම නිමාවිය. හත්වැනි වරට කොටි ගුවන් යානයට පලා යා නොහැකි විය.

ඉන්පසු අහසට නැගි එෆ් 7 හා මිග් 27 ප‍්‍රහාරක ගුවන් යානා මගින් ඉරණමඩු හා පුදුකුඩිඉරුප්පුහි ඉලක්කගත කොටි මධ්‍යස්ථානවලට බෝම්බ හෙළුහ.

ගුවන් මෙහෙයුම නිමවුවද මේ කොටි ප‍්‍රහාරය හා කාලතුවක්කු ප‍්‍රහාරය දිගටම පැවැතිණ. යුද හමුදා සංකීර්ණයේ සිට ඕමන්තේ දකුණු හා පුලියන්කුලම මුදා නොගත් ප‍්‍රදේශ කරා කාලතුවක්කු හා මල්ටිබැරල් ප‍්‍රහාර එල්ල කරන ලදී.

උදෑසන 6.40 වනතුරුත් මේ ප‍්‍රහාර පැවැතිණ. වෙඩි වැදී මියගිය කළුකොටි එකොළොස් දෙනාගේ මළසිරුරු කඳවුරු පිටත තැන තැන වැටී තිබිණ.

ඉන් දෙදෙනෙක් ප‍්‍රහාර ඉවසාගත නොවි සයනයිඩ් කා දිවිනසාගත් බව පෙනිණ. කළුකොටි මරණ පිළිබඳව කොටි සංවිධානය ද පිළිගෙන තිබේ. ඔවුන් ගෙන ආ ඊළාම් ධය ද බිම වැටී තිබිණ.

තවත් අසාර්ථක කළුකොටි ප‍්‍රහාරයක් එසේ නිමවිය.

මෙහිදී අපට වැදගත් වන්නේ මෙතරම් පරාජයවී සිටියදීත් මෙවන් ප‍්‍රහාරයකට ඔවුන් අරඅදින්නට හේතුව කුමක් ද යන්නය. එය එල්ටීටීඊයේ ස්වභාවයයි.

ඔවුන් පරාජය වී ගෙන එන සෑම විටම පරාජය වසාගන්නට හා ආරක්ෂක හමුදාවන්ගේ අවධානය වෙනතක යවන්නට මෙවන් ප‍්‍රහාර එල්ල කරති.

එහෙත් මෙවර ප‍්‍රහාරයේ අරමුණ ලෙස ආරක්ෂක හමුදා බලධාරින් පවසන්නේ ඔවුන්ට දකුණට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට ලොකුම බාධාව වී ඇති වවුනියාවේ රේඩාර් පද්ධතිය විනාශ කිරීම බවයි. එහෙත් ගුවන් හමුදා ආරක්ෂක පද්ධතිය කි‍්‍රයාත්මක වීමත්, ගුවන් හමුදාව ක්ෂණිකව කි‍්‍රයාත්මක වීමත්, මෙන්ම විශේෂ කාර්ය සාධක හමුදාවන්ගේ හා පොලිසියේ දක්ෂතාවයන් නිසා ඔවුන්ට සිය ඉලක්කය හරිහැටි සපුරාගන්නට නොහැකි විය.

අපේ ගුවන් යානා හා ගුවන් බලයත් ගුවන් නැවියන්ගේ කි‍්‍රයාකාරකම් හා සසඳන විට කොටින්ගේ සැහැල්ලු ගුවන් යානා ඉතා පහළ මට්ටමක තිබෙන බව කිව යුතුය.

මේ වන විට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ඉදිරියට යන සියලුම සේනාංකවල මාර්ගය හෙළි පෙහෙළි කොට කොටින්ගේ දැඩි ආරක්ෂක වළලු සුන්කරමින් ප‍්‍රහාර එල්ල කිරීම කොටි සංවිධානය නොරුස්සන්නකි. එමෙන්ම කොටින්ගේ අවි ගබඩා, පුහුණු මධ්‍යස්ථාන, ගුවන් හමුදා ගුවන් ප‍්‍රහාර පමණක් නොව තමිල් සෙල්වම් වැනි නායකයෝ ද පරලොව ගියහ.

ප‍්‍රභාකරන් ද තුවාල ලබා අනූනවයෙන් බේරුණේය. කොටින්ගේ මේ කාලතුවක්කු ප‍්‍රහාරයෙන් වවුනියාවේ නගර වැසියන්ට ද හානි සිදුවී තිබේ. නගරයේ අයාලේ ගිය ගවයින් පවා මියගොස් තිබේ. මියගියවුන් අතර එක් සිවිල් වැසියෙක් ද වෙයි.

හෙළිවී ඇති තොරතුරු අනුව මියගිය කොටි එකොළොස් දෙනා අතර විනෝදන් නමැති කළුකොටි නායකයා ද මදිනි නම්වූ කළුකොටි නායිකාවද ඒ අතර සිටිති.

මේ ප‍්‍රහාරයට පසුව කි‍්‍රයාත්මක වූ ගුවන් හමුදාව කිළිනොච්චියට කිලෝමීටර් 1 ක් පමණ බටහිර දෙසින් පිහිටි කොටින්ගේ බුද්ධි අංශ මූලස්ථානයකට ද බෝම්බ හෙළීය. එය කොටි බුද්ධි අංශ ජාලය මෙහෙයවන පොට්ටුඅම්මාන් පවා නිතර යන එන ස්ථානයකි.

එල්ටීටීඊයට පරාජය අත්වන දිනය අතළඟ බව පවසන්නේ ජයග‍්‍රාහීව ඉදිරියට යන ආරක්ෂක හමුදා පමණක් නොවේ. ශී‍්‍ර ලංකාවේ යුද්ධය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන ‘දී ඉකෝනමිස්ට්’ නම්වූ අන්තර්ජාතික ආර්ථික සඟාවද කිලිනොච්චියේ කොටි ගුහාව ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාව විසින් සුණු විසුණු කරන දිනය අතළඟ බව පවසයි.

යුද්ධයේ ජයග‍්‍රහණය ද සමගින් උතුරු නැගෙනහිර කලක් තිස්සේ ඇවිළුණු ජාතිවාදි අරගලවලට තිත තබමින් මුළු රටපුරාම වාර්ගික එකඟතාව ඇතිකොට මතභේද දුරලා රටම දේශපාලනික හා සංස්කෘතික වශයෙන් එක්තැන් කළ යුතු බවද එම සඟාව පවසයි. පවුල් පිටින් මිනිස් පළිහක් වශයෙන් තබාගෙන සිටින කොටින් පිළිබඳවද අවධාරණය කරන එම සඟාව ශී‍්‍ර ලංකා හමුදා සටන දිනාගෙන මිස ආපසු නොහැරෙන බවද පවසයි.

මේ වන විට වෙරළ තීරයෙන් එන ආයුධ ප‍්‍රවාහනය නැවතී අන්තර්ජාතික වශයෙන් ලැබෙන අරමුදල් ද ඔවුන්ගේ මිලියන ගණන් වත්කම් ද තහනම්ව අසරණව සිටින කොටින්ගේ පරාජය නොවැළැක්විය හැකි බවද එම සඟාව පවසයි.

කොටි හිතවාදී වෙබ් අඩවි මාධ්‍ය හා එන්ජීඕකාරයින්, පරාජයවී අවසන් හුස්ම හෙළන කොටින්ට ඔක්සිජන් දෙන්නට සූදානම් වුවද ජයග‍්‍රාහි ලෙස ඉදිරියට යන ති‍්‍රවිධ හමුදාවන්ගේ ජයග‍්‍රාහී මානසිකත්වය ද චිත්තධෛර්යය ද ඉතා ඉහළය.

ති‍්‍රවිධ හමුදාවේ ඉහළම නිලයන්හි සිට පහළ නිලයන් දක්වා සියලුම නිලධාරීන් එකට එක්වී ගෙනයන දේශීය ත‍්‍රස්තවාදයෙන් ගලවා ගැනීමට ගෙන යන මේ සටනේදී මහජනතාව සියලු දෙනාම එකාවන්ව ඊට සහයෝගය දිය යුතුය. ධීර වීර සෙබළු සටන්බිමේ දිවිනොතකා සටන් කරන්නේ සමස්ත මහජනතාව වෙනුවෙනි.

දයා ඩී. ෆොන්සේකා

Source

Comments

Popular posts from this blog

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...