Skip to main content

බාහු සහ අයිවන් මුලතිව් දෙසට පලා යති - සිළුමිණ- 2008/08/31



වන්නිය ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදාගැනීමේ සටනේ යෙදී සිටින 57 වන සේනාංකය පසුගිය සතියේ සිකුරාදා එනම් 22 දා තවත් විශේෂිත ජයග‍්‍රහණයක් ලබා ගත්හ. ඒ කිළිනොච්චි බළකොටුව රැක ගැනීමද එල්. ටී. ටී. ඊ යට ඉතා වැදගත් වන තුනුක්කායි නගරය ත‍්‍රස්ත ග‍්‍රහණයෙන්ම මුළුමනින් ම මුදාගැනීමයි.

තුනුක්කායි නගරය පිහිටා ඇත්තේ ඒ 32 පුනරින් - මන්නාරම මාර්ගය හා ඒ 9 යාපනය - නුවර මහා මාර්ගය එක් කරන වෙල්ලන්කුලම මාන්කුලම මාර්ගයේ ය. පසුගිය වසර 25 ක් පුරාම ඒ ප‍්‍රදේශයේ බලය අල්ලාගෙන සිටියේ එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදීන් ය.

තුනුක්කායි අල්ලා ගත්තේ දින තුනක දරුණු සටනකින් පසුවය.

තුනුක්කායි අල්ලා ගැනීමට පෙර 57 වන සේනාංකය අල්ලා ගත් ශක්තිමත්ම කොටි බළකොටුව වූයේ පෙරියමඩු ප‍්‍රදේශයයි. ඉන් පසුව කල්විලාන් මල්ලාවි හා තුනුක්කායි එල්. ටී. ටී. ඊ යේ බලය වැඩි වශයෙන් පැතිර තිබූ ප‍්‍රදේශයන් විය. එයිනුත් කල්විලාන් පසුගිය සතියක දී 57 වන සේනාංකය විසින් ම අල්ලා ගනු ලැබීය. තුනුක්කායි නගරයට කිලෝ මීටර් දෙකක් පමණ නිරිතදිගින් පිහිටි කල්විලාන් තුනුක්කායි වෙත පිවිසෙන දොරටුව බඳුය.

තුනුක්කායි වටලා ගත්57 වන සේනාංකයේ 572 බළසේනාව පැති හතරකින් ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රහාර එල්ල කළහ. 7 වන හා 8 වන පාබල බලකායන් හතර පැත්තකින් නගරය වටකර ගත්හ.

නගරය වටා කොටි සුපුරුදු පරිදි උස් පස්කඳු ගසා තිබුණේ හමුදාවන්ගේ ගමන අඩාල කරන්නට ය. එපමණක් නොව තුනුක්කායි නගරය මැද සිට කාලතුවක්කු හා මෝටාර් ප‍්‍රහාර ආරක්‍ෂක හමුදා වෙත එල්ල කිරීම ද ඔවුන් නැවැත්වූයේ නැත.

කොටි ප‍්‍රහාර මෙල්ල කරමින් හා සමහරවිට මඟ හරිමින් හෙමිහෙමින් ඉදිරියට ගිය හමුදා 21 වන බ‍්‍රහස්පතින්දා වනවිට නගරය ආසන්නයට ම පැමිණ සිටියහ. කොටින් ගේ ප‍්‍රහාර කොතරම් දැඩි වූයේ ද යත් මේ වනවිට හමුදා සාමාජිකයෝ පස් දෙනෙක් සිය දිවි පුදා සිටියහ. හමුදාවේ සහායට පැමිණි ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ගුවනින් කොටි බංකර වෙත ප‍්‍රහාර එල්ල කළහ. මෙයින් කොටි බලය අඩපණ විය. ගුවන් ප‍්‍රහාරවලින් අඩු වශයෙන් කොටි 20 දෙනෙකුවත් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

22 වැනිදා සිකුරාදා උදෑසන වනවිට ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදා තුනුක්කායි නගරයට ඉතා ආසන්නයට එද්දි නගරය අතහැර දැමීමට සූදානම් නොවූ එල්. ටී. ටී. ඊ යේ ප‍්‍රහාර තවත් දැඩි විය. ඒ තමන්ට උපායමාර්ගික වශයෙන් වැදගත් වූ මේ බළකොටුව ලෙහෙසියෙන් අත්හැරීමට එල්. ටී. ටී. ඊ ය කැමැත්තක් නැති නිසා ය.

මෙසේ තුනුක්කායි සටන දරුණු වෙද්දි 57 වන සේනාංකයේ දහවන පාබල බළ ඇනිය ඉන් ඔබ්බට උතුරු දෙසට ගමන් කරමින් සිටියහ. ඔවුන් ගේ ඉලක්කය වූයේ කි. මී. 7 තවත් උතුරු දෙසින් වූ උයිලන්කුලම නගරයයි. බළකොටු දෙකම එකවර අත්පත් කර ගැනීම හමුදා උපක‍්‍රමය විය.

දහවන රෙජිමේන්තුව උයිලන්කුලම අල්ලා ගනිද්දී 571 බළ ඇණිය හා 7 වන රෙජිමේන්තුව තුනුක්කායි නගරයට ඇතුළු වූහ. හමුදාව නගරයට ඇතුළු වෙද්දි බලයෙන් පිරිහී අඩපණව සිටි එල්. ටී. ටී. ඊ සාමාජිකයෝ තුවාලවූ සාමාජිකයෝ ද කරපින්නා ගෙන මිය ගිය අය ගේ සිරුරු ද ඇදගෙන පලායනු ආරක්‍ෂක හමුදාවන්ට දැකගත හැකිවිය. ඔවුන් පලා ගියේ මුලතිව් හා කිලිනොච්චි ප‍්‍රදේශ කරාය.

දින තුනක් අඛණ්ඩව තුනුක්කායි වටලා කළ සටනේ අවසානය එය විය. ත‍්‍රස්තවාදීහු 20 දෙනෙක්ද මිය ගියහ. හමුදාවේ 5 දෙනෙක් දිවි පිදූහ.

තුනුක්කායි නගරය ඇතුළට ගිය ආරක්‍ෂක හමුදාවන්ට තම ආර්.පී.ජී. ප‍්‍රහාර වලින් විනාශවී ගිය එල්. ටී. ටී. ඊ කාලතුවක්කු ස්ථානගත කළ බන්කර කීපයක් ද දක්නට ලැබිණ. ඒ අතර වෙඩි නොවදින තහඩුවලින් ආවරණය කළ ට‍්‍රැක්ටර් රථයක් ද විය. එය යුද බිමට ආහාර හා ආයුධ ප‍්‍රවාහනයට යොදා ගත් එකක් විය හැකි බව ආරක්‍ෂක හමුදා මතය විය. එය හමුදා ප‍්‍රහාරවලින් කි‍්‍රයාවිරහිතව නැවතී තිබුණු බවත් පෙනේ.

තුනුක්කායි නගරයට ත‍්‍රස්තවාදී කොටි සංවිධානය අතින් සිදුවූ විනාශය ආරක්‍ෂක හමුදාවන්ට දැකගත හැකි විය. කොටි ග‍්‍රහණයේ තිබූ පෙරියමඩු කල්විලාන් වැනි අනෙක් නගරවල මෙන් මෙහිදී ද රජයේ රෝහල කොටින් ගේ තිප්පොළක් බවට පත්වී ඇත. රජය විසින් අසරණ සිවිල් වැසියන් ට නොමිලයේ ලබා දෙන වටිනා ඖෂධ වර්ග සියල්ල කොටි කොල්ලකා තිබුණේ හිත්පිත් නැති අයුරිනි. ඔවුන්ට අවශ්‍ය නොවූ ඖෂධ වර්ග විනාශ කර දමා තිබුණේ ය.

රජයේ කාර්යාල හා පාසල් ද විනාශකොට ජන ජීවිතය මුළුමනින් ම අවුල් කොට තිබුණේ්ය. 57 වන සේනාංකයේ මීළඟ ඉලක්කය දැනට ඔවුන් විසින් වටකොට සිටින මල්ලාවි ප‍්‍රදේශය මුදාගැනීමයි. එවිට වෙල්ලන්කුලම - මාන්කුලම මාර්ගය මුළුමනින් ම හමුදාව යටතට පත්වෙයි.

පරාජය වූ කොටි හමුදා මෙහෙයවා ඇත්තේ බානු හා අයිවන් යන කොටි නායකයන් බව හමුදා ආරංචි මාර්ගවලින් පැවසේ. ඔවුන් සිය සාමාජිකයන් සමඟ කිලිනොච්චි හා මුලතිව් දෙසට පලාගිය බව ද හෙළිවෙයි.

පසුගිය 26 වෙනිදා රාති‍්‍ර හදිසියේම කොටි ගුවන් යානාවක් යළිත් අහසේ දිස් විය. මෙතෙක් කල් නිහඬව සිටි කොටි ගුවන් නියමුවෝ සිය සැහැල්ලු ගුවන් යානාවක් අහසට නැඟªනේ මුලතිව් වනාන්තරයෙනි.

රාතී‍්‍ර 9.05 වනවිට ඔවුන් ගේ ගුවන් යානා පිළිබඳව වවුනියාවේ පිහිටි ඉන්දියානු රේඩාර් වල සටහන් විය. වහාම ගුවන් හමුදාවද දැනුම්වත් කරන ලදී.

මුදාගත් තුනුක්කායි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය

පළමු ගුවන් යානය මුලතිව් වෙරළ තීරය දිගේ ඉතා පහතින් අවුත් ති‍්‍රකුණාමල නාවික ප‍්‍රදේශයට ඇතුළු විය. වරාය හා ගුවන් කඳවුරු කලාපයේ ආරක්‍ෂක පද්ධතීන් වහාම කි‍්‍රයාත්මක විය. ති‍්‍රකුණාමලයේ විදුලිය විසන්ධි කළ නාවික හමුදාව වහා ඊට ප‍්‍රහාර එල්ල කළේ ය. නාවික හමුදා ප‍්‍රහාර මධ්‍යයේ විනාඩි කීපයකින් කොටි සැහැල්ලු ගුවන් යානය පලාගිය ද ඔවුන් හෙලූ එක් බෝම්බයක් නාවික හමුදා අංගනයට පතිත විය. තවත් බෝම්බයක් පතිතවූයේ නාවික හමුදා කඳවුර තුළම වූ කැලෑබද ප‍්‍රදේශයකට ය.

ඉතා ඉක්මණින් ගුවන් ආරක්‍ෂක පද්ධති කි‍්‍රයාත්මක වීම නිසාත් නාවිත හමුදාවේ ප‍්‍රහාරයන් නිසාත් අන්දමන්ද වූ කොටි ගුවන් යානයට සිය ඉලක්කය හරිහැටි සපුරාගත නොහැකි විය.

නාවික හමුදා ප‍්‍රකාශකයන් කියන්නේ මෙයින් නාවික හමුදා සෙබළුන් දහ දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි. ඉන් කීපදෙනෙකු බරපතළ තත්ත්වයේ සිටින අතර, ඔවුන් වහා කොළඹට ගෙනෙන ලදී.

මේ කොටි ගුවන් ප‍්‍රහාරයේ අරමුණ කුමක් දැයි මුලින් ප‍්‍රශ්නයක් විය. බොහෝ දෙනා සිතුයේ කොටින් ට තර්ජනයක් ව පවතින නාවික හමුදා කදවුර ප‍්‍රහාරයේ ඉලක්ක බවය. එහෙත් ඔවුන් ගේ ඉලක්කය වී ඇත්තේ ජෙට්ලයින් නම් වූ මගී ප‍්‍රවාහන නෞකාවයි. උතුරට සෙබළුන් හා පොලිස් භටයින් ප‍්‍රවාහනය කරනු ලබන්නේ මේ ‘ජෙට්ලයිනර්’ ප‍්‍රවාහන නෞකාව මඟිනි.

මේ අවස්ථාව වනවිට එය නිරායුධ හමුදා සෙබළුන් විශාල සංඛ්‍යාවක් ප‍්‍රවාහනය කිරීමට සූදානම්ව ති‍්‍රකුණාමල වරායේ නවතා තිබූ බව කියැවේ.

මුහුදු තීරය ඔස්සේ පහතින් ආ යානාවට නාවුක සෙබළුන් විසින් මුලින්ම වෙඩි තබා තිබේ.

කෙසේ හෝ ගුවන් ආරක්‍ෂක පද්ධතිය කි‍්‍රයාත්මක වීම හා නාවුක හමුදාවේ හදිසි ප‍්‍රහාරය නිසා කොටියානාවන්ට සිය ඉලක්කය හරි හැටි සපුරාගත නොහැකි විය.

මේ වනවිට සියලුම සේනාංකවල ඉංජිනේරු සෙබළු වන්නියේ මුදාගත් ප‍්‍රදේශයන් හි සෝදිසි හා ශුද්ධ කිරීමේ මෙහෙයුම් වල යෙදී සිටිති. එම ප‍්‍රදේශවල තැනින් තැන වළලා ඇති මරුඋගුල් හා බිම් බෝම්බ ආදිය ඉවත් කරමින් ඒවා යළිත් සිවිල් ජනතාවට වාසය කිරීමට සුදුසුවන පරිදි සකස් කිරීම ආරක්‍ෂක හමුදාවන් ගේ අරමුණ යි.

රජයේ මීළ¼ඟ අරමුණ වන්නේ ද ආරක්‍ෂක හමුදාවන් විසින් ප‍්‍රදේශයන් මුදාගත් විගසම ඒවායේ සිවිල් පරිපාලනය පිහිටුවීමට කටයුතු කිරීමයි. සිවිල් ජනතාවට කරදරයකින් තොරව සිය සුපුරුදු ජන ජීවිතය ගෙනයාමට අවශ්‍ය කටයුතු සළසා දීමය.

එල්. ටී. ටී. ඊ පාලනය යටතේ තිබූ බොහෝ ප‍්‍රදේශවල රෝහල් හා පාසල් ගොඩනැගිලි පවා විනාශ කොට තිබේ. ජනතාවට සිය සුපුරුදු රැකියා අහිමිව ගොසින් ය. අහිංසක සිසුන් ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇත. පාලම්, බෝක්කු ආදී රජයේ දේපළ විනාශ කොට දමා තිබේ. ජනතාව ගේ සිවිල් ජන ජීවිතය පමණක් නොව ඔවුන් ගේ මානසික තත්ත්වය ද පීඩනයෙන් අවුල් ය.

මේ සියලු දේ යථා තත්ත්වයට ගෙන ඒමේ වගකීම රජය සතුය. රජය ඒ වගකීම් සියල්ල බාර ගනී.

“මහින්ද චින්තනය” යටතේ මුළු රටේ ම ජනතාව ගේ ජන ජීවිතය සුවපත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සූදානම් ය. රජයේ ඒ සූදානම පිළිබඳව පසුගියදා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේ එවැනි සංවර්ධන වැඩ කටයුතු කීපයක් අරඹමිනි.

නැෙඟනහිර මෙන් නොව වන්නිය මුළුමනින්ම මුදාගන්නා තුරු නොසිට මුදාගත් ඒ ඒ ප‍්‍රදේශවල සංවර්ධනය ඇරඹීමට රජය මේ වනවිටත් කටයුතු සූදානම් කරමින් සිටී.

උදාහරණයක් වශයෙන් මුදාගත් මඩු ප‍්‍රදේශයත් මන්නාරම දිස්ති‍්‍රක්කයත් වෙත පළමුකොට රජය සිය සංවර්ධන ඉලක්කයන් කි‍්‍රයාත්මක කිරීම අරඹනු ඇත. පසුගිය ඉරිදා (24 දා) ස්වීඩනයේ ස්ටොක්හෝම් හී එල්.ටී.ටී. ඊ සංවිධානයට හා දුවිස් පුනරුත්ථාපන සංවිධානයට එරෙහිව දැවැන්ත පෙළපාලියක් හා උද්ඝෝෂණයක් පැවැත්විණ. එය පැවැත්වූයේ ස්ටොක්හෝම් සංස්කෘතික මන්දිරය ඉදිරිපිට දීය. එල්. ටී. ටී. ඊ යේ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ට හා දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ ගඊ අ ර්‍ණඝ එල්. ටී. ටී. ඊ යට ආයුධ මිලදී ගැනීම සඳහා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයට එරෙහි පැවැත්වූ එම විරෝධතාව ස්වීඩනයේ ජීවත් වන ශී‍්‍ර ලංකාවේ සාමය අගයන ශී‍්‍ර ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ.

ශී‍්‍ර ලංකාවේ එල්. ටී. ටී. ඊ ය විසින් කරන ලද බෝම්බ පිපිරවීම් වැනි දරුණු ම්ලේච්ඡ කි‍්‍රයා හුවා දක්වන ඡායාරූප හා පෝස්ටර් පෙන්වමින් විරෝධතා දැක්වූ ඔවුහු එල්. ටී. ටී. ඊ යට හා දෙමළ පුනරුත්ථාපන සංවිධානයට එරෙහි පෙත්සමක් ස්වීඩන් අගමැති පෙ‍්‍රඩ්රික් රීෆ් ෆ්ලෝඩ් මහතාට බාර දුන්හ.

ශී‍්‍ර ලංකා යුද හමුදාව අහිංසක දෙමළ ජනතාව මරාදමන බවට එල්. ටී. ටී. ඊ ය බොරු ප‍්‍රචාර මෙහි ගෙනියනවා. අපේ අරමුණ වන්නේ මේ බොරු ප‍්‍රචාරයන්ට වැට බැඳීමයි.

මේ වනවිට වන්නියේ අවතැන් වී එල්. ටී. ටී. ඊ ග‍්‍රහණයට හසුවී සිටින සිවිල් ජනතාව ඉන්නේ කැමැත්තකින් නොවේ. ඒ බව වන්නියේ සිට මුදාගත් ප‍්‍රදේශ කරා පැමිණි පුද්ගලයන් ගේ කතාවලින් පැහැදිලි ය.

බොහෝ දෙනා දකුණේ මුදාගත් ප‍්‍රදේශවලට පැමිණීමට ආරක්‍ෂිත මාර්ග නොදනී.

එවැනි පිරිස් දැනුවත් කිරීම සඳහා වවුනියාවේ මුදාගත් ප‍්‍රදේශ කරා පැමිණිය හැකි මාර්ග සඳහන් අත් පති‍්‍රකා රජය මගින් මුද්‍රණය කොට ඒ ප‍්‍රදේශවලට ගුවන් මගින් බෙදා හරින බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාධ්‍ය හමුවක දී පැවසීය. ඒ මහතා පවසන පරිදි වන්නියේ සිට ආරක්‍ෂාව පතා මුදාගත් ප‍්‍රදේශ කරා පැමිණෙන ජනතාව පිළිගැනීමටත් ඔවුන්ට අවශ්‍ය ආහාර ඉදුම් හිටුම් ලබාදීමට රජය කටයුතු කරයි. ඔවුන්ට නිසි ආරක්‍ෂාව ද ආරක්‍ෂක හමුදා විසින් ලබා දෙනු ඇත.

මේ අතර වන්නියේ පවුල් 31000 ක් පමණ අවතැන් වී සිටින බව පවසන අත්‍යවශ්‍ය කොමසාරිස් ඇස්. ඩී. දිවාරත්න මහතා රජය මගින් ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ඖෂධ වර්ග හා වෙනත් ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කර ඇති බව කියා සිටී.

එල්. ටී. ටී. ඊ යේ කෲර හස්තය යට අවතැන් වන ජනතාවට පිහිටවීමට රජය ඇප කැපවී කටයුතු කරයි.

මේ නිසා අවතැන් වී සිටින වන්නි ජනතාව දකුණට ඒ නම් ඔවුන් පිළිගැනීමට හා අවශ්‍ය පහසුකම් ලබා දීමට ද ආරක්‍ෂක අංශ සූදානමින් සිටී. කෙසේ වෙතත් දකුණ එනම් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ආරක්‍ෂාව පිළිබඳව මහජනතාව හා ආරක්‍ෂක අංශවල උනන්දුවේ යම් අඩුවක් මේ දිනවල පවතින බව පෙනීයයි. ඊට හේතුව ටික කාලයකින් කොළඹ හා අවට විනාශයක් හෝ පිපිරුමක් ඇති නොවීමය. යමක් සිදු නොවූ පමණින් ආරක්‍ෂාව පිළිබඳව උනන්දුව අඩුවීම එවැනි විනාශයකට අතවැනීමක් වන්නට බැරි නැත.

එම නිසා ආරක්‍ෂක අංශ වෙත මෙන්ම මහජනයා වෙත කරුණාවෙන් එක් දෙයක් මතක් කළ යුතු ය. ඒ ආරක්‍ෂාව පිළිබඳව යළිත් අවදියෙන් සිටීමට කාලය පැමිණ ඇති බවය. දුම්රියවල බස්රිය වල ආරක්‍ෂාව පිළිබඳව අවදියෙන් සිටීමට අමතක නොකළ යුතුය.

Comments

Popular posts from this blog

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

5849 hash passwords

sha3-224(080394m) sha3-224(080395) sha3-224(080395n) sha3-224(080396) sha3-224(080397) sha3-224(080398) sha3-224(080399) sha3-224(080399tujh) sha3-224(0803jp) sha3-224(0803ma) sha3-224(0804) sha3-224(08040) sha3-224(080400) sha3-224(080401) sha3-224(080402) sha3-224(080403) sha3-224(080404) sha3-224(080405) sha3-224(080406) sha3-224(080407) sha3-224(080408) sha3-224(08040804) sha3-224(080410) sha3-224(080419) sha3-224(08041931) sha3-224(08041934) sha3-224(08041939) sha3-224(08041942) sha3-224(08041946) sha3-224(08041947) sha3-224(08041948) sha3-224(08041949) sha3-224(08041950) sha3-224(08041951) sha3-224(08041952) sha3-224(08041953) sha3-224(08041954) sha3-224(08041955) sha3-224(08041956) sha3-224(08041957) sha3-224(08041958) sha3-224(08041959) sha3-224(08041960) sha3-224(08041961) sha3-224(08041962) sha3-224(08041963) sha3-224(08041964) sha3-224(08041965) sha3-224(08041966) sha3-224(08041967) sha3-224(08041968) sha3-224(08041969) sh...