Skip to main content

දිනමිණ ආරක්ෂක පුවත්- 2008/09/30


පිටකොටුව මල්වත්ත පාරේ බෝම්බයෙන්
වාහන 5කට අලාභහානි: 4කට තුවාල

භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්, අනුර පේ‍්‍රමලාල් සහ සුභාෂිනි සේනානායක

කොළඹ කොටුව මල්වත්ත පාරේ පිහිටි මෝටර් රථ ගාලක් තුළ ඊයේ (09) දහවල් 12.45 ට පමණ පුපුරා ගිය කොටි බෝම්බයකින් පුද්ගලයන් සිවුදෙනකුට සුළු තුවාල සිදුවී මෝටර් රථ පහකට හානි සිදුවී ඇතැයි පොලිසිය පවසයි. මෙම බෝම්බය ප‍්‍රභූ පුද්ගලයෙකු ඉලක්ක කරමින් පුපුරුවා හරින්නට කොටි සැලසුම් කර ඇතත්, එය ව්‍යර්ථ වී ඇතැයි පොලිසිය කියයි.

මල්වත්ත පාර ජනාකීර්ණ ප‍්‍රදේශයක් වූවද බෝම්බය පුපුරන අවස්ථාවේ එහි සිට ඇත්තේ පුද්ගලයන් කිහිපදෙනෙකු පමණක් බව කොටුව පොලිසිය පැවැසීය. පුපුරා ගිය බෝම්බයේ බර ග‍්‍රෑම් 250 කට ආසන්න ගණනක් බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ අංක 151/18, කොළඹ 13, ජින්තු පිටියේ මුණසිංහ ආරච්චිගේ මේරි හිල්ඩා (48), මහරගම පදිංචි ජී. එස්. ඩී. ජයසෝම (36), නෙළුම්දෙනිය, උඩුකුඹුර, කමල් කාරියවසම් (30), මට්ටක්කුලිය, ජින්තු මාවතේ පදිංචි මොහොමඩ් ඉම්රාන් (18) යන අය වෙති.


වන්නේරිකුලම් බංකර් පෙළකට එම්. අයි. 24 ගුවන් ප‍්‍රහාරචන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්

කිලිනොච්චි වන්නේරිකුලම් ප‍්‍රදේශයේ පිහිටි කොටින්ගේ බංකර් පෙළකට ඊයේ (29) දහවල් ගුවන් හමුදාව එම්. අයි. 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා මගින් පහර දී තිබේ. එදින දහවල් 12.15 ට පමණ එල්ල කළ මේ ප‍්‍රහාරය නිවැරදි ඉලක්ක වෙත පතිත වූ බවට තහවුරු වී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවැසීය.

වන්නේරිකුලම් සිට කිලෝමීටර් තුනක් පමණ වයඹ දෙසින් පිහිටුවා තිබූ මෙම බංකර් පෙළට ප‍්‍රහාර එල්ල කර ඇත්තේ 58 වැනි සේනාංකයේ භට පිරිස්වලට සහාය පිණිසය.

කන්දරොඩෙයි කෝවිලේ වේල්කරත්තයේ
යුද උපකරණ තොගයක්

මහින්ද කුලතුංග

යාපනය කන්දරෝඩෙයිහි මාකියාපිඩ්ඩි කෝවිලේ වේල් කරත්තය තුළ තිබී ඊයේ (29) දහවල් මිලිමීටර් 40 ග්‍රෙනේඩ් ලෝන්චරයක් හා එම උණ්ඩ 10 ක්ද, අත්බෝම්බ 2 ක් ඇතුළු යුද උපකරණ තොගයක් යුද හමුදාව මගින් සොයාගෙන තිබේ.

යුද හමුදා භටයින් එම වේල් කරත්තය අසලට පැමිණෙන විට එම වේල් කරත්තයේ සිටි ත‍්‍රස්තවාදීන් තිදෙනෙකු හමුදාවට අත්බෝම්බයකින් ගසා පළා ගොස් තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා දිනමිණට කීය. එම වේල් කරත්තයේ තිබූ අනෙකුත් අවි ආයුධ අතර මයික්‍රෝ පිස්තෝලයක් රාති‍්‍රයේදී පෙනෙන (නයිට් විෂන්) උපකරණ 3 ක් කැළෑ ඇඳුම් කට්ටල 4 ක්, මාලිමා යන්ත‍්‍රයක්, කැලෑ සපත්තු කුට්ටම් 3 ක්, සිටින ස්ථානය අඟවන ජී.පී.එස්. උපකරණයක්, බෙල්ට් ඕඩර් 3 ක්ද, බැටරි 18 ක්ද, චාජර් 1 ක්ද, ජංගම දුරකථනයක්, වීඩියෝ කැමරාවක්, සේලයින් බෝතල් 3 ක්, බිස්කට් පැකට් 3 ක්, සරොම් හා ටීෂර්ට්, වතුර බෝතල් 6 ක් ආදී දේ තිබී ඇත.

මේ කෝවිලේ උත්සවය ඊයේ දවස පුරා පැවැති අතර රාතී‍්‍රයේදී විශේෂ උත්සවය පැවැත්වීමට නියමිතව තිබී ඇත.

එම අවස්ථාවේදී බිහිසුණු කි‍්‍රයාවක් කිරීම සඳහා ත‍්‍රස්තවාදීන් කෝවිලේ වේල් කරත්තය තුළ සැඟවී සිට තිබේ.

කිසියම් සැකසහිත පුද්ගලයින් කීපදෙනෙකුª කෝවිලට පැමිණ ඇති බවට හමුදාවට ලැබුණු තොරතුරක් අනුව හමුදාව කෝවිලට පැමිණෙද්දී ත‍්‍රස්තවාදීන් මෙසේ හමුදාවට අත්බෝම්බයෙන් ගසා පළා ගොස් තිබේ. ඉන් හමුදාවට කිසිදු හානියක් සිදුවී නොමැත.

පලාගිය ත‍්‍රස්තවාදීන් සෙවීම සඳහා යුද හමුදාව විශේෂ මෙහෙයුමක්ද කි‍්‍රයාත්මක කෙළේය.

වේල් කරත්තයේ වීඩියෝ කැමරාවක්ද තිබූ නිසා ඇතැම් විට ත‍්‍රස්තවාදීන් කෝවිලේ උත්සවය වීඩියෝ කරන මුවාවෙන් සිට එම උත්සවයට පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයන්ට සහ නගරයේ වැදගත් ස්ථානවලට ප‍්‍රහාරයක් එල්ල කිරීමට පැමිණියේද යන්න පිළිබඳවද සැක කෙරේ.

පොල් කටු ක්ලේමෝවක් අම්පාරෙන් හමු වෙයි

චන්ද්‍රිකා පෙරේරා සහ විජයානි එදිරිසිංහ

අම්පාර ප‍්‍රදේශයේ ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා කොටි ත‍්‍රස්තවාදීන් බෝට්ටුවකින් ප‍්‍රවාහනය කරමින් තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ හා ජීව පතොරොම් ඇතුළු යුද උපකරණ තොගයක් ඊයේ (29) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එදින අලුයම පහට පමණ අම්පාර, කලවංචිකුඩි පෝඩමාඩු කලපුව ආසන්නයේ ගමන්කළ යාත‍්‍රාවක් දුටු විශේෂ කාර්ය බළකා සෙබළු එය පරීක්‍ෂා කිරීම සඳහා නවත්වන ලෙස සංඥා කැර ඇත.

එම අවස්ථාවේදී බෝට්ටුවේ සිටි පිරිස විශේෂ කාර්ය බළකා සෙබළුන්ට වෙඩි තබා ඇති අතර විශේෂ කාර්ය බලකා සෙබළුද ඔවුන්ට ප‍්‍රති ප‍්‍රහාර එල්ලකැර තිබේ.

බෝට්ටුව තුළ පිපිරීමක් සිදුවීමත් සමඟ වෙඩි තැබීමද නතරවී තිබේ.

පසුව කළ සෝදිසියේදී කොටි මළ සිරුරු දෙකක් සමඟ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ බෝට්ටුව තුළ තිබී ඇත.

එම අවි ආයුධ අතර පොල්කටුවක සවිකර තිබූ ක්ලේමෝ බෝම්බයක්, ටී 56 ගිනි අවියක්, එම මැගසින් හතරක් හා ජීව උණ්ඩ 110ක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, එම්. 16 වර්ගයේ ජීව පතොරොම් 95ක්, මයික්‍රෝ වර්ගයේ උණ්ඩ හතක්, අධිබල පුපුරණ ද්‍රව්‍ය ග‍්‍රෑම් 300ක්, අත්බෝම්බ, සයනයිඩ් කරල්, අයිකොම් ඇන්ටනාවක්, ඩෙටනේටර්, කොටි ඇඳුම් කට්ටලයක්, භාණ්ඩ රැගෙන යන පැක් හා ජංගම දුරකථනයක් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

කොකාවිල් දුම්රිය ස්ථානය ආසන්නයට හමුදාව ළඟා වෙයි

නච්චිකුඩා-අක්කරයාන්කුලම් මාර්ගයේ කිලෝමීටරයක බලය අත්පත් කර ගනී


මහින්ද කුලතුංග සහ චන්ද්‍රිකා පෙරේරා

කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ නච්චිකුඩා - අක්කරයාන්කුලම් මාර්ගයේ කිලෝමීටරයක් දුරක බලය පෙරේදා (28) දහවල් ආරක්ෂක හමුදාව විසින් අත්පත් කරගන්නා ලදී. ත‍්‍රස්තවාදීන් දසදෙනකු මරා දමා දැඩි සටනකින් පසු යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ රණවිරුවන් මේ ජයග‍්‍රහණය අත්පත් කරගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය. ත‍්‍රස්තවාදීන්ගේ යුද අගල් රැසක් සහ බංකර රැසක්ද හමුදාව අතට පත්වූ අතර මෙම සටනේදී හමුදාවේ දෙදෙනකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලැබූ බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊයේ සවස් වනවිටත් එම මාර්ගයේ ඉදිරියට යාමේ අපේක්ෂාවෙන් හමුදාව සටන් කරමින් සිටී.

මේ අතර කිලිනොච්චිය නගරය තුන් පැත්තකින් වටකොට ඇති ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව තව සති කීපයකින් කිලිනොච්චි නගරය මුළුමනින්ම අත්පත් කරගැනීමේ මහ සටනට සූදානම් වෙමින් සිටියි. යුද හමුදාව කිලිනොච්චිය නගරය ආසන්නයේ කිලෝ මීටර් හතර හමාරක් නුදුරින් සිටින බවත් යුද හමුදාපතිවරයා අනාවරණය කළේය.

හමුදාව මේ වනවිට කිලිනොච්චි නගරාසන්නයේ ඒ-9 මාර්ගයට නුදුරු කොකාවිල් දුම්රිය ස්ථානය ආසන්නයට පැමිණ සිටියි.

මේ අතර කිලිනොච්චියේ අක්කරයාන්කුලම් සහ වැලිඔය තන්නිමුරිප්පුකුලම් ප‍්‍රදේශවල කොටි ත‍්‍රස්තවාදීන් එක්රොක්වී සිටි ස්ථානවලට ඊයේ (28) සවස ගුවන් හමුදාව මගින් ගුවන් ප‍්‍රහාර එල්ලකර තිබේ.

ප‍්‍රථම ප‍්‍රහාරය ප‍්‍රහාරක ජෙට් යානා උපයෝගීී කරගෙන සවස 3.00 ට සිදුකර ඇත්තේ කිලිනොච්චි අක්කරයාන්කුලම් සිට කිලෝමීටර් 5 ක් ඊසාන දිගින් ප‍්‍රදේශයකට බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය. ගොඩබිම සිටින යුද හමුදාවේ 57 වැනි සේනාංකයට සහාය සඳහා එම ප‍්‍රහාරය සිදුකර ඇත.

දෙවන ප‍්‍රහාරය සවස 3.45 ට වැලිඔය තන්නිමුරිප්පුකුලම් ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් එක්රොක්වී සිටි ස්ථානයකට එම්. අයි. 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා මගින් සිදුකර තිබේ.

එම ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුව ඇති බව ගුවන් හමුදාව පවසයි.

Source

Comments

Popular posts from this blog

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

5849 hash passwords

sha3-224(080394m) sha3-224(080395) sha3-224(080395n) sha3-224(080396) sha3-224(080397) sha3-224(080398) sha3-224(080399) sha3-224(080399tujh) sha3-224(0803jp) sha3-224(0803ma) sha3-224(0804) sha3-224(08040) sha3-224(080400) sha3-224(080401) sha3-224(080402) sha3-224(080403) sha3-224(080404) sha3-224(080405) sha3-224(080406) sha3-224(080407) sha3-224(080408) sha3-224(08040804) sha3-224(080410) sha3-224(080419) sha3-224(08041931) sha3-224(08041934) sha3-224(08041939) sha3-224(08041942) sha3-224(08041946) sha3-224(08041947) sha3-224(08041948) sha3-224(08041949) sha3-224(08041950) sha3-224(08041951) sha3-224(08041952) sha3-224(08041953) sha3-224(08041954) sha3-224(08041955) sha3-224(08041956) sha3-224(08041957) sha3-224(08041958) sha3-224(08041959) sha3-224(08041960) sha3-224(08041961) sha3-224(08041962) sha3-224(08041963) sha3-224(08041964) sha3-224(08041965) sha3-224(08041966) sha3-224(08041967) sha3-224(08041968) sha3-224(08041969) sh...

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...